දරු ප්‍රසුතියෙන් පසුවත් ඇති වන කොන්දේ වේදනාව නිසා ඔබත් පීඩාවට පත් වෙලාද?

May 2, 2018
12,163
Mother's back pain after delivery
ගර්භනී කාලේදී කොන්දේ ඇති වන වේදනාව සාමාන්‍ය දෙයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඕනෑම ගර්භනී මවකට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරු ප්‍රසුතියෙන් පසුවත් යම් කාලසීමාවක් පසු වන තෙක් මේ කොන්දේ වේදානාව පවතිනවා. සාමාන්‍යයෙන් මාස 6ක් පමණ ගත වුනාට පසුව මේ තත්ත්වය නිකන්ම වගේ අවම වෙලා යනවා. ඒකට හේතුව දරු ප්‍රසුතියේදී මාංශ පේශීන් හා අස්ථි ලිහිලනය කරන හෝමෝන වල ක්‍රියාකාරිත්වය අවම වීම. කොහොම වුනත් දරු ප්‍රසුතියකින් පසුව ඇතිවන කොන්දේ වේදනාව හා අනෙකුත් අපහසුතාවයන් මඟහරවා ගන්න ඔබට මේ දේවල් ගැනත් වැඩි අවදානයක් දෙන්න වෙනවා.

1. මසකට හෝ ඊට පසු නැවතත් ඔබේ සාමාන්‍ය බරට, ඒ කියන්නේ කලින් පවත්වාගෙන ආව බර ඇති කර ගන්න උත්සාහ කරන්න. කදිම බර පවත්වා ගැනීමට නිවැරදිව ආහාර ගැනීම කල යුතුයි. ඒවගේම ඔබ මව් කිරි දෙන මවක් කියන එකත් අමතක කරන්න එපා. ඒ නිසා දෙපැත්තම සමබර කර ගන්න.

2. මාංශ පේශීවල ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වා ගැනිමටත් එහි සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වන ව්‍යායාම, යෝගී ආදිය කිරීමත් අතිශය වැදගත්. එසේම, එය ඔබේ නම්‍යශීලි බාවය හා විඳදරාගැනීම වැඩි කිරීමට උපකාරී වෙනවා. ඇවිදීම කියන්නෙත් මේ තත්ත්වය අවම කර ගන්න ආරක්ෂිත හා පහසු අභ්‍යාසයක්. මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා ඔබට පිහිනිමත් ව්‍යායාමයක් විදියට කරන්න පුළුවන්.

3. ඒ වගේම ව්‍යායාම කරද්දී මේ ගැනත් අවදානය දිය යුතුමයි. කොන්දේ වේදනාවට සහනයක් ලබා ගන්න හිතා ගෙන වෙහෙස නොබලා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙන්න එපා. ඒ නිසා ඔබේ වේදනාව තවත් වැඩි වෙන්න පුළුවන්.

4. ඔබේ මාංශ පේශී සහ සන්ධි වලට අධික ලෙස පීඩනය ඇති කරවන විදියට අධික ලෙස බර උසුලන්න එපා.

5. මව්කිරි ලබා දෙද්දී අනිවාර්යෙන් ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න. මව්කිරි දීම අතරතුරදී ඔබ දරුවා දෙසට අනවශ්‍ය ලෙස නැඹුරු වීමෙන් වළකින්න. මව්කිරි දීම අතරතුරත් ඔබේ කොන්දේ, උරහිස් හෝ ඉහළ කොටසේ වේදනාව ඇති වේ නම් ඇඳක වැතිරී මව්කිරි ලබා දීම තමයි වඩාත් සුදුසු.

6. මුල් මාස කිහිපය ගෙවී යනතුරු අඩි උස පාවහන් පැළඳීම අහිතකරයි. අඩි උස පාවහන් කියන්නේ කොහොමත් කොන්දේ වේදනාව ඇති කරවන්න හේතු වෙන්නක්. ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතලා ටික කාලයක් යන තුරු අඩි උස පාවහන් පැලැන්දීමෙන් වළකින්න.

7. නිදා ගැනීමේදී ඔබට පහසු ඉරියව්වක් තෝරා ගන්න. ඔබේ පහසුව සඳහා කොට්ට හෝ වෙන යම් ආධාරකයක් භාවිතා කරන්න.

8. වේදනාව ඇති වන ප්‍රදේශ වලට හොඳින් තෙල් සාත්තුවක් කරන්නත් අමතක කරන්න එපා. එය රුධිර සංසරණය වැඩි දියුණු කිරීම සහ මහත් සහනයක් ලබා දෙනවා. ඒ මඟිනුත් කොන්ද ආශ්‍රිත ප්‍රදේශ වල වේදනාව අවම කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,165
   20

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,166
   14

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Ayurvedic treatments  for a glowing skin
   23,008
   12

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Birthmark Meanings
   56,497
   12

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Reasons and symptoms of arshas (Hemorrhoids)
   34,474
   12

බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න

මේ රෝග තත්වය ඇති වීම එදිනෙදා  ජිවිතයට බාධා කරනවා වගේම දීර්ඝ කාලීනව රෝගී තත්ත්වය පැවතීම පසුකාලීනව පිළිකා තත්ත්වයන් පවා

Latest Articles

Most Viwed