නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්න

January 11, 2019
11,595
Remedies for varicose
අද සමාජයේ නහර ගැට ගැසීම නිසා බොහෝ දෙනෙක් පිඩාවට පත් වෙලා ඉන්නවා. නහර ගැට ගැසීම නිසා ඔයාගේ ලස්සනට බාධාවක් සේම දැඩි වේදනාවක් ගෙන දෙන රෝග තත්වයක්. ඇතැම් විට මේ නිසා ඔයාට කැමති විලාවිතා කරන්නත් මෙය බාධාවක්. නහර ගැට ගැසීම කියන්නේ කකුලේ ශිරා ඉදිමී නිල් පැහැ ගැන්වීම සහ ශිරා එකිනෙකට ඇඹරී දිස් වීමයි. අද හැඩකාරි අපි ඔයාට නහර ගැට ගැසීමේ රෝග තත්වයට ස්වභාවික සිදු කල හැකි ප්‍රතිකාර ගැන කියලා දෙනවා.
 
නහර ගැට ගැසීමේ රෝග තත්වයේ මුල් අවදියේ රෝග ලක්ෂණ නම් දණහිසෙන් පහළ කොටසේ පමණක් නහර ඉදිමී නිල් පැහැ ගැන්වී තිබීම උනත් කාලයත් සමගම මුළු පාදය පුරාවටම මෙය පැතිරීගෙන යනවා. ඉතින් නහර ගැට ගැසීමේ රෝගයට විසඳුමක් ලෙස ගත හැකි ස්වභාවික ප්‍රතිකාර ගැන දැනුවත් වෙමු.

ගෝවා යුෂ සත්කාරය

ගෝවා කොළ කිහිපයක් ගෙන පොඩි කැබලිවලට කපා බ්ලෙන්ඩර් එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගෙන පෙරනයක් ආධාරයෙන් ගෝවා යුෂ වෙන් කර ගන්න. පසුව පෙරා ගත් ගෝවා යුෂ නහර ගැට ගැසී ඇති ස්ථාන වල අලේප කර සම්භාහනය කරන්න. ගෝවා යුෂ සත්කාරය මගින් ඔයාගේ නහර ඉදිමී ඇති ස්වභාවය පහව යන අතර ඔයාට ඇති වන වේදනාකාරී තත්වයන්ගෙන්ද මිදීමට හැකියාව ලැබෙනවා.

ඔලිව් තෙල් සත්කාරය

පොඩි භාජනයක් ගෙන ඔලිව් තෙල් ස්වල්පයක් දමා රත් කර ගන්න. රත් කර ගත් ඔලිව් තෙල් මද රස්නේ ගතියෙන්ම නහර ගැට ගැසුණු තැන් වල අලේප කර වෘත්තාකාර හැඩයට සම්භාහනය කරන්න. මෙම සත්කාරය මගින් ඔයාගේ පාදයේ සමට පෝෂණය ලැබෙනවා සේම ස්වභාවික සුන්දර ලස්සනකුත් එකතු කරනවා. මෙම සත්කාරය මගින් සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට හැකියාව තියෙනවා.

තක්කාලි යුෂ සත්කාරය

තක්කාලි ගෙඩියක් ගෙන කැබලි වලට කපා ගෙන බ්ලෙන්ඩ් කර ගන්න. බ්ලෙන්ඩ් කර ගත් තක්කාලි යුෂ මිශ්‍රණය පුළුන් කැබැල්ලක් ආධාරයෙන් නහර ගැට ගැසුණු ස්ථාන වල අලේප කරන්න. මෙම සත්කාරය දිනකට දෙවරක් කිරීම තුලින් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකි අතර වේදනාවන් සමනය කිරීමටද හැකියාව තිබෙනවා.

බීට් රූට් පානය

බීට් රූට් කියන්නේ අපේ ශරීරයේ ලේ ගමනා ගමනය ක්‍රමවත් කරන ආහාරයක්. ඉතින් නහර ගැට ගැසීමේ රෝගය නොහොත් වෙරිකෝස් රෝගයට බීට් රූට් පානය ඉතා ගුණයි.

සාමාන්‍ය තරමේ බීට් රූට් ගෙඩි 1/2
අන්නාසි කැබලි කෝප්ප 2 හෝ ඇපල් ගෙඩි 2ක්
ලෙමන් යුෂ මේස හැඳි 2
සෙලරි අඟලක පමණ කැබැල්ලක් (ඔබ කැමති නම් පමණක්)
ඉඟුරු අඟල් 1/2 කබැල්ලක්

ඔබ කැමති නම් අයිස් කැට 2-3ක් සමග හෝ ඉහත සියල්ල පමණක් හෝ බ්ලෙන්ඩ් කර පානය කරන්න. සතියට 2-3 වතාවක් උදේ ආහාර ගන්න පෙර මේ ජූස් එක බොන්න. හරිම ගුණයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1223 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:45 AM
Script:/article/1223/remedies-for-varicose.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:46 AM
Script:/article/1223/remedies-for-varicose.html