එයත් එක්ක නිතරම කේන්ති යනවද? හොඳ සම්බන්දතාවයක් ඕනේ නම් මේ කාරණා 3 රැකෙන්න ඕනේ

February 22, 2022
8,046
3 Traits you must have to maintain a healthy relationship
කවුරුත් වැඩිය හිතන්නෙ නැති උනාට ඔය පොඩි පොඩි දෙවල් වල තමයි ආදරනීය සම්බන්ඳතා වල බිඳෙන හෝ රැඳෙන රහස රැඳිලා තියෙන්නේ..

ඔයා මෙහෙම හිතන්න, දෙන්නෙක් කසාද බැඳලා අවුරුදු පහකට පස්සෙත් ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා. අනිවාර්යයෙන් මේ අතරේ බහින් බස් වීම්, වාද විවාද වීම් වෙන්න ඇති.. ඇත්තෙන්ම ඉතින් විවාහ වලදී මේ දේවල් සිදු නොවෙන දේවල් නෙවෙයිනේ.... ඒත් කාලය යනවත් එක්ක ඔයාට එයත් එක්ක ටිකක් වැඩිපුර කේන්ති යනවා කියල හිතෙනවද..

උදාහරණයක් විදිහට, ඔයා ගොඩක් පිළිවෙල කෙනෙක් නම් ඔයාගේ සැමියා කාපු පිඟාන සින්ක් එකේ තියලා යන එක.. තැන තැන ඇඳුම් දාන එක වගේ දේවල් නිසා ඔයාට කේන්ති යන එක සාමාන්‍යයි.. ඒත් අපි ඒ දෙවල් වලට පොඩ්ඩක් කෑගැහුවට දෙන්නට දෙන්නා මේ දෙවල් ඉවසන්න පුරුදු වෙනවා. ඒත් ආදරය සහ ප්‍රේමය තාමත් ඉතිරි වෙලා තියෙනවද? පොඩ්ඩක් මේ ගැන හොයලා බලමු..

විවාහයේ මුල් කාලයේ අපිට කේන්ති යන දෙවල් අපි එතරම් ගනන් ගන්නේ නෑ. නියපොත්තෙන් කඩන්න පුලුවන් දෙවල් පොරොවෙන් කපන තරමට දුර දිග ගෙනියන්නේ නැතිව ඉවසනවා.

ඒත් බ්ත්තියක් හැදෙන්නේ ගඩොලෙන් ගඩොල බව මතක තියා ගන්න.. ජීවිතයේ එන ගැටුමෙන් ගැටුම ගොඩනගමින් ඉදිරියට ගියොත් දෙදෙනා අතර කලකිරීම්, අමනාපකම් කියන බිත්තිය ගොඩනැගේවි..

කණගාටුවට කාරණය නම්, බොහෝ සබඳතා කාලයත් සමඟ පොඩි පොඩි දෙවල් නිසා කෙළවර වෙනවා.. ඉතින් දෙදෙනෙකු අතරට එන මේ පොඩි පොඩි කාරණා නැති කරගන්නේ කොහොමද…

ඒ දේ නවත්වන්න මේ කියන්න යන උපක්‍රම තුන ඇත්තෙන්ම උදවු වෙනවා..


1. කතාකරන්න ඕන තැන කතා කරන්න

ඔයාගේ සහකරුවා හෝ සහකාරිය මේස් දෙක ගලවලා තැන තැන දානවා නම්, ඔහු හෝ ඇය අනවශ්‍ය ලෙස රූපවාණිය හෝ දුරකතනයේ ඉන්නවා නම් වගේ ඔයා අකමැති යම් යම් කාරණා තියෙනවා නම්, ඔයාගේ අකමැත්ත සහ ඔයා කැමති විදිහ ගැන ඔහුට හෝ ඇයට කියන්න... වචනෙන් කියන්න.. බොරුවට කෑ ගහලා හරි කෙන්ති අරන් හරි නෙවෙයි.. ඒ අයට පැහැදිලි වෙන්න සන්සුන්ව කියන්න.. ඔබ එය කියන ආකාරය ප්‍රශ්නය නිරාකරනය වෙන්න හෝ නොවෙන්න බලපාන බව මතකයේ තියා ගන්න..


2. විදිහ වෙනස් කරගන්න උත්සාහ කරන්න

ඔබේ සහකාරිය හෝ සහකරු ඔයාට කිව්වොත් ටූත්පේස්ට් දැම්මට පස්සෙ ටූත්පේස්ට් එකේ ලිඩ් එක වහන්න කියලා.. ඔයා මොකද කරන්නේ..? ලොකු කම් නැතිව ඒක වහන්න.. වෙනදට ඒක නොකරන කෙනෙක්ට ඒක කරන්න පොඩි ආයාසයක් දරන්න ඕනෙ තමයි.. ඒත්, ඒ දේ කරොත්, ඔයාට සහ ඔයාගේ රිලේෂන්ෂිප් එකට වෙන වෙනස අත්විඳලා බලන්න..

ඒ වගේම ඔයාට රුස්සන්නෙ නැති එයා කරන වැරදිත් ඉබේටම එයා හදා ගනීවි. ඒක ලස්සන හැඟීමක්. අත්විඳලා බලන්න. දෙදෙනාගෙ සම්බන්ධතාවය ආදරණීය වෙන හැටි.


3. ගරු කරන්න පුරුදු වෙන්න

ඔයාගෙ සහකරු හෝ සහකාරිය ඔයාව සතුටින් තියන්න ගන්න උත්සාහයට ගරු කරන්න... වචනයෙන්.. එක වතාවක් දෙවතාවක් නොවෙයි.. ඔහු හෝ ඇය උත්සාහ දරන හැම වතාවකම ඔවුන්ව අගය කරන්න.. ස්තූතියි කියන්න..


මේ උපදෙස් තුන පිළිපදින්න.. ඔහුට හෝ ඇයට ඔබ වෙත වැඩි ආදරයක් දැනේවි.. ඔබ දෙදෙනාව සමීප කරවනු ඇති...

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2132 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:48 AM
Script:/article/2132/3-traits-you-must-have-to-maintain-a-healthy-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:49 AM
Script:/article/2132/3-traits-you-must-have-to-maintain-a-healthy-relationship.html