ඇඹරැල්ලා තෙම්පරාදුව - Recipe

December 3, 2018
4,420
Ambarella Tempered Recipe
දවල් ආහාරයේ කෑම රුචිය වැඩි කරන ඇඹරැල්ලා තෙම්පරාදුව ලේසියෙන්ම හදාගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

පෙති ලෙස කපා ගත් යන්තමින් ඉදුණු ඇඹරැල්ලා ගෙඩි 5
කපා ගත් රතු ළූණු ගෙඩි 10
කැලි මිරිස් තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
ලුණු පදමට 
කපා ගත් අමු මිරිස් කරල් 2
පොල් තෙල් මේස හැඳි 2
රම්පේ 
කරපිංචා
කරඳමුන්ගු 1 (අවශ්‍ය නම්)
සිනි තේ හැඳි 1
කපා ගත් කජු මද 25g 
වතුර කෝප්ප 1 /4

සාදන ක්‍රමය :

01. ඇඹරැල්ලා සමග රතු ළූණු, අමු මිරිස්, කැලි මිරිස්, ලුණු සහ කහ එකතු කර හොදින් සීසන් කරගන්න.

02. භාජනයක් ගෙන ලිපේ තබා තෙල්  දමා රත් වන විට කරඳමුන්ගු, රම්පේ, කරපිංචා දමා රත් වන විට සීසන් කර ගත් ඇඹරැල්ලා එකතු කර හොඳින් කවලම් කරගන්න.

03. ඉන් පසු වතුර එකතු කර මද ගින්නේ පිස ගන්න.

04. ඇඹරැල්ලා තැම්බි ඇත්දෙයි බලා සිනි එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් බා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,382
   23

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   91,991
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Symptoms to say you are pregnant
   43,583
   17

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Dress patterns for flower prints
   61,519
   17

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Yellow Rice (I)
   8,091
   16

කහ බත් (I)

හැමදාම නිකන්ම නිකන් බත් කනවට වඩා ඉඳලා හිටලා වෙනසක් කරලා රසට කහ බතක් හදමු

Latest Articles

Most Viwed