බ්ලැක් පෙපර් චිකන් - Recipe

October 25, 2018
4,271
Black Pepper Chicken Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :
චිකන් (අඟල් 1/4 දිග තීරූ) - 450g

පදම් කිරීමට :
සෝයා සෝස් - මේස හැඳි 1
සීනි - තේ හැඳි 1/4
කෝන් පිටි - මේස හැඳි 1

සෝස් එක සෑදීමට :
චිකන් තැම්බූ වතුර (හෝ සුප් කැටයක් දිය කර) - කෝප්ප 1/2
සෝයා සෝස් - මේස හැඳි 3
කෝන් පිටි - මේස හැඳි 1
සීනි - මේස හැඳි 1 1/2
තලාගත් ගම්මිරිස් කුඩු - තේ හැඳි 2
ලුණු තේ හැන්ඳෙන් 1/8 ක් පමණ

එලවලු ටික සෑදීමට :
එලවලු තෙල් - මේස හැඳි 2
අඹරාගත් ඉඟුරු - තේ හැඳි 1
අඹරාගත් සුදු ලූණු - 2
පොඩියට කපා ගත් ලොකු ලූණු - 1/2
පොඩියට කපා ගත් බෙල් පෙපර් (පාට දෙකකින් ගන්න) - 2

සාදන ආකාරය :

01. පදම් කිරීමට ගත් සියල්ල චිකන් වල හොඳින් තැවරෙන සේ මිශ්‍ර කර චිකන් පදම් වීමට විනාඩි 10-15ක් තබන්න.

02. සෝස් එක සාදන අමුද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර පසෙකින් තබන්න.

03. තලාගත් ඉඟුරු සුදු ලූණු එකට එකතු කර පසෙකින් තබන්න.

04. වොක් එකක හෝ නොන් ස්ටික් පෑන් එකක වැඩි ගින්දරේ තෙල් මේස හැඳි 1ක් රත් කරගන්න. තෙල් රත් වුනු පසු එයට චිකන් ටික එකතු කරන්න. ඉක්මනින් චිකන් ටික පෑන් එක පුරාවට ඇතිරෙන සේ හැන්දෙන් අතුරා ගන්න. තප්පර 30ක් පමණ චිකන් පිසෙන්න අරින්න. (චිකෙන් වල යට පැත්ත යන්තමින් දුඹුරු පැහැ වන තෙක්)

05. දැන් චිකන් ටික පෙරලා තප්පර 15ක් 20ක් පිසගන්න. විටින් විට පෙරලමින් චිකන් ටික පිලිස්සෙන්න නොදී පිස ගන්න. දැන් චිකන් ටික පිඟානකට අයින් කර පසෙකින් තබන්න.

06. ඉතිරි තෙල් මේස හැන්ඳ රත් කරගන්න. ඉඟුරු සුදු ලූණු එකතු කරන්න. ඉඟුරු සුදු ලූණු සුවඳ එන විට ලූණු සහ බෙල් පෙපර් ටික එකතු කරන්න. තප්පර 20ක් පමණ පිස ගන්න.

07. සාදා ගත් සෝස් එක කෝන් පිටි ටික මිශ්‍ර වන සේ පොඩ්ඩක් හැන්දකින් මිශ්‍ර කරන්න. ඉක්මනින් පෑන් එකට එය එකතු කරන්න. තප්පර 2-3 පිස ගන්න. දැන් එයට චිකන් ටික එකතු කර හොඳින් සෝස් එක චිකන් වල තැවරෙන සේ මිශ්‍ර කරන්න. ලිපෙන් බාගෙන ඉක්මනින් පිළිගන්වන තැටියට දමන්න. එවිට තවත් පෑන් එකේ ඒවා ඉදෙන එක නවතිනවා.

08. බත් හෝ නූඩ්ල්ස් සමඟ පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1138 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:36:57 AM
Script:/article/1138/black-pepper-chicken-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:36:57 AM
Script:/article/1138/black-pepper-chicken-recipe.html