දේහ ලක්ෂණ විද්‍යාව තුලින් කියවෙන කාන්තා මුහුණේ ගුණාංග

March 10, 2017
34,550
The Shape of Your face and Your Personality
ඈත ඉතිහාසයේ පවා දේහ ලක්ෂණ විද්‍යාවට මුල් තැනක් ලැබුණා. මනසත් සිරුරත් අතර ඇති භෞතික හා ආධ්‍යාත්මික සබදතාවයන් පදනම් කරගෙනයි මේ දේහ ලක්ෂණ විද්‍යාව ගොඩ නැහිලා තියෙන්නේ. දේහ ලක්ෂණ විද්‍යාවට අනුව අද අපි කතා කරන්න හිතුවා කාන්තාවන්ගේ මුහුණේ හැඩයෙන් කියවෙන ගති ස්වභාවය ගැන.

1. රවුම් හැඩයෙන් යුතු මුහුණක් පිහිටි ස්ත්‍රිය අධ්‍යාපනය ලැබුවේද, නොලැබුවේද සිය ජීවිත අත්දැකීමෙන් ආශ්‍රයෙන් ලද මනා වු ජීවිත පරිඥානය හෙතු කොට ගෙන ඉතා සාර්ථක ජීවිතයක් ගොඩ නගා ගන්නට සමත් වන්නීය. අන්‍යයන්ගේ සුහදතාවය දිනා ගැනීමට සමත් වේ. මනා පෞරුෂයකින් යුතුවූද, ගෞරවනීය වුද ස්වාමිපුරුෂයකු හා විවාහපත් වීමේ භාග‍යය ඇයට උරුම වන්නීය.

2. ත්‍රිකෝණාකාර වු මුහුණක් පිහිටි ස්ත්‍රය සියුම් තීක්ෂණ බුද්ධියකින් යුතු වුද, විද්‍යාත්මක ශිල්ප ශාස්ත්‍රයන්හී සහජ නිපුණතාවයක් සහිත වුද කාන්තාවක් වෙයි. ස්වොත්සහයෙන් දියුණුවීමේ අභිලාෂයද, හැකියාවද පිහිටන මොවුන් ප්‍රේම සබදතා ගොඩනගා ගන්නට ඉතා අඩු වයසෙදීම පෙලබේ.

3. උල් වු මුහුණක් සහිත වු ස්ත්‍රිහූ බොහෝ විට කෝප සහගත සිතුවිලිවලින් යුක්ත වුවෝ වෙති. දැඩි උත්සහයෙන් ජීවිතේ ගොඩනගා ගැනීමට සමත් වන මොවුන් තීක්ෂණ බුද්ධිය මෙහෙයවා කෙසේ හෝ බලාපොරොත්තු ඉලක්කයන් කරා ලගාවෙති.

4. හතරැස් හැඩයේ මුහුණකින් යුතුවූ ස්ත්‍රිය යුක්තිගරුක වු ද, අදහස් ප්‍රකාශකිරීමේ හැකියාවකින් යුක්ත වු ද, අන්‍යන්ගේ උපදෙස් ගරු කරන්නා සේ පෙන්වුවද තම අදහස්ම ක්‍රියාතමක කරන්නා වු ද කාන්තාවන් වේ. ගෙදර දොර වැඩකටයුතු ඉතා සැලසුම් සහගත ලෙස කිරීමට සමත්වේ. අද වැඩ හෙටට කල් නොතැබීම ඇයගේ සිරිතයි.

5. දිගු හැඩයේ මුහුණක් යම් ස්ත්‍රියකට පිහිටියේද ඇය බෙහෙවින්ම ක්‍රියාකාරී ලෙස කටයුතු කරන්නියන් වෙයි. තමන්ගේ වැඩකටයුතු මෙන්ම අනුන්ගේ වැඩ කටයුතු වලටද උනන්දු වන්නීය. බොහෝ විට කරුණාවන්ත ගතිගුණ සහිත ඇය විවිධ ශිල්ප ශාස්ත්‍රයන්හි සමාජීය දැනුමෙන්ද පිරිපුන් වෙයි. සියුම් උපක්‍රම සහිත ඥානයක් පිහිටන බැවින් ප්‍රශ්න වලට පිලිතුරු සොයා ගැනීමට ඇය සුවිශේෂ දක්ෂතාවයක් දක්වයි.

6. කෘෂව ගිය මුහුනක් සහිත ස්ත්‍රිය සමාජශීලී ගතිගුණ අඩු වූ අන්‍යයන් කෙරෙහි ඊර්ෂ්‍යා සහගත සිතිවිලි මතුකරගන්නා වු කාන්තාවක් වේ. සෘණාත්මකව සිතන්නට පතන්නට යොමුවන ඇය බොහෝ කටයුතුවලදි සාර්ථකභාවයට පත්වන්නේ ඉතා කලාතුරකිනි.

7. එල්ලා හැලෙන්නාක් වැනි ස්වභාවයකින් යුකත වු මුහුණකින් යුතු ස්ත්‍රියක් වේ නම් ඇය සටකපට ගතිගුණ වලින්ද, උඩගු බවින්ද යුතුවේ. අන්‍යයන් හෙලා දකින්නට පෙලබෙන ඇ‍ය නිතර අන්‍යයන්ගේ අඩු ලුහුඩුකම්, නොදැනුවත්කම් හුවා දැක්වීමට උත්සහ කරයි. රහසින් වංචා සහගත කටයුතුවලට මෙන්ම අනියම් සබදතාවයන්ටද පෙලඹෙන්නේය.

8. ස්ත්‍රීයකට සාමන්‍ය පමණට වඩා පුලුල් වු මුහුණක් පිහිටියේ නම් ඇය දැඩි සේ ආගම ධර්මයට ලැදි කෙනෙක් වේ. එමෙන්ම තමාට හිමි දේ නිසි පරිදි නොලබන ඇය පිටතින් සතුටින් සිටින බව පෙන්වුවද ඇතුලතින් වේදනා විදින්නියක් වේ.

සටහන - සමන්ති චතුරාණි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 114 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:08:00 AM
Script:/article/114/the-shape-of-your-face-and-your-personality.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:08:01 AM
Script:/article/114/the-shape-of-your-face-and-your-personality.html