ස්ත්‍රී කේන්දරයේ සත්වැන්නෙන් කියවෙන ඇයගේ චරිත ලක්ෂණ

May 18, 2017
15,890
Zodiac Personality Traits Of A Woman
ජන්ම පත්‍රය ඇසුරු කර ගනිමින් යම් කිසි ස්ත්‍රියකගේ චරිත ලක්ෂණ පිළිබදව කතා කළ හැකියි. ලග්නයේ සහ චන්ද්‍රයාගේ පිහිටීම අනූව ඇයගේ ශරීර ලක්ෂණ ප්‍රකාශ කරයි. කේන්දරයක හත් වැන්න තුළින් කතා කෙරෙන්නේ විවාහ ජීවිතය ගැනයි. ඒ වගේම පස් වැන්න තුළින් දරු සම්පත් පිළිබදවත් අට වැන්නෙන් ජීවිතයේ තොරතුරුත් සදහන් කළ හැකියි.

යම් ස්ත්‍රියකගේ ජන්ම පත්‍රයක කුජ, සිකුරු, ගුරු, සදු යන ග්‍රහයින් බලවත්ව පිහිටා තිබීම වටිනාවූ යෝගයකි. 9 වැන්න බලවත් වීමෙන් ස්ත්‍රී කේන්දරයක වාසනාව පෙර පින මතුවේ.

යම් ස්ත්‍රී කේන්දරයක 7 වැන්නේ චන්ද්‍රයා උච්ච වීම තුළින් ඇයට යහපත් වූ ස්වාමි පුරුෂයෙකු ලැබීමට හේතු වේ. 7 වැන්නේ ශනි පිහිටීම එතරම් සුභ නොවේ. මන්ද විවාහය කල් ගතවීමට එය එක හේතුවක් වන බැවිනි. නමුත් ශනි 7 වැන්නේ සිටීමෙන් සියල්ල දරාගෙන සිටීමට හැකියාව පවතී.

කාල සර්ප යෝගයකින් විෂ කන්‍යා යෝගයකින් ඉපදීමත්, අයහපත් පරිවර්තන යෝග යෙදීමත්, මාරක ස්ථාන වල අශුභ ග්‍රහයෝ වීමත් ස්ත්‍රියකට අශුභ ඵල ගෙන දීමට හේතු වේ.

යම් ස්ත්‍රියකගේ ලග්නාධිපති ග්‍රහයා සහ චන්ද්‍රයා සම රාශියක සිටින ස්ත්‍රිය යහපත්ය. එම ග්‍රහයින් දෙදෙනා ශුභ ග්‍රහයින් විසින් දකී නම් ඇය යහපත් කාන්තාවකි. ඒ වගේම ලග්නාධිපති සහ චන්ද්‍රයා විෂම රාශිය තුළ පිහිටීම ඇය සැර පරුෂ ස්ත්‍රියක් වීමට හේතු වේ.

7 වෙනි රාශිය ශුභ ග්‍රහයින් විසින් නොදකින්නේ නම් එම ස්ත්‍රිය අධම ගතිගුණ ඇත්තියකි. 7 වැන්නේ සදු උච්චව සිටින කාන්තාව ස්වාමියාට සිරිකතක්ම වන්නේය. වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කරනු ඇත.

යම් ස්ත්‍රී කේන්දරයක 7 වැන්නේ පාප ග්‍රහයින් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටීම හෝ පාප දෘෂ්ටි ලැබීම පර පුරුෂ සේවනයට යොමුවීමට හේතු විය හැකිය.

යම් ස්ත්‍රී කේන්දරයක සිකුරු 7 වැන්නේ සිට ශුභ ග්‍රහයින් දෙදෙනෙකුගේ දෘෂ්ටි ලැබේ නම් ඇය නිසැකයෙන්ම රාජ මහේෂිකාවක් වන්නේය.

ස්ත්‍රී ජන්ම පත්‍රයක ගුරු හෝ සිකුරු ලග්නය දකී ද, බුධ උච්ච 7 වැන්නේද, කුජ ග්‍රහයා මකරය තුලද, සදු ග්‍රහයා කටකයේ දී, උපන් කාන්තාව රාජ සම්පත් විදීමට පින් ඇති අයෙකි.

යම් ස්ත්‍රියකගේ රවී ග්‍රහයා 7 පිහිටීම අයහපත් කාන්තාවකි. ඇය සැමියා හැර පලා යන්නීය. කුජ 7 නීච නම් සිය කුල ගෞරවය විනාශ කර දමන නීච කනවැන්දුම් තැනැත්තියක වේ.

යමෙකුගේ ශනි 7 නම් සැමියා රෝගියෙකි. ශනි උච්ච නම් යහපත්. ග්‍රහ දෘෂ්ටි ලැබී 7 වැන්නේ සිටී නම් ධනවත් පුරුෂයෙකුගේ භාර්යාවක වන්නීය.

සදු, කුජ හත් වැන්නේ නම් හෝ දෘෂ්ටි ලබයි නම් ඇය බාල කාලයේදීම සල්ලාල පුරුෂයෝ සමග අනාචාරයේ හැසිරී සිය කුල ගෞරවය නසන්නීය.

කුජ, බුධ, සදු, ගුරු, කටක ලග්නයේ හෝ 7 වැන්නේද දෘෂ්ටි ලැබේද ඇය පුරුෂයන් තම වසගයට ගැනීමට සමත් තැනැත්තියක් වේ.

කුජ, රාහු, ශනි, රවී ලග්නයෙන් 7 සිටි කල හෝ සදුගෙන් 7 සිටින්නේද ඇයගේ පළමු විවාහය බිදී බොහෝ පුරුෂයන් ජීවත් වන්නීය.

7 අධිපති හෝ ලග්නාධිපති පාපීන් හෝ ලග්නයෙන් 7 වැන්න පාප වර්ගයක සිටියදී උපන්නියක නම් ඇය එක් පුරුෂයෙකුගෙන් සෑහීමකට පත් නොවේ. පර පුරුෂ සේවනය කරන්නීය.


සටහන : සමන්ති චතුරාණි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 281 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:48:57 AM
Script:/article/281/zodiac-personality-traits-of-a-woman.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:48:58 AM
Script:/article/281/zodiac-personality-traits-of-a-woman.html