පොඩි ලොකු භේදයක් නැතිව කන්න කැමති ලංකාවේ ජනප්‍රිය කෑමක් තමයි කොත්තු. අද හැඩකාරි අපි ඔයාට ගෙදර ඉඳලම වෙනස්ම ක්‍රමයට චීස් සමග පාන් කොත්තු ලේසියෙන් හදාගන්න ක්‍රමයක් කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය :
තරමක් පොඩි කැබලිවලට කපා ගත් පාන්
පොඩි කර ගත් සුදු ළුණු
පොඩි කර ගත් ඉඟුරු
පොඩියට කපා ගත් රතු ළුණු ගෙඩි -1
අමු මිරිස් කරල් - 4
බිත්තර 2
රම්පේ කරපිංචා ස්වල්පයක්
පොඩියට කපා ගත් කැරට්, ලීක්ස්, බෝංචි
කලින් සදා ගත් මස් හොදි
චීස්
අවශ්‍ය නම් කුඩාවට කඩා ගත් පිසගත් මස්
සාදන ක්‍රමය :
01. පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් වෙන්න හරින්න.
02. රත් වූ තෙල් වලට ඉඟුරු, සුදු ලූණු දාලා තරමක් බැදෙන්න හැර රම්පේ, කරපිංචා, ලූණු සහ එළවලු ආදිය දමා හොඳින් මිශ්‍රකර ගන්න.
03. තරමක් බැදෙනවිට බිත්තර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
04. පසුව ටික වෙලාවකින් පාන් ටික එකතු කරගන්න.
05. පාන් පෙගෙන්නේ නැති වෙන්න ලිපෙන් බාන්න කිට්ටු වෙලා මස් හොදි ටිකෙන් ටික එකතු කර ගන්න.
06. අන්තිමට චීස් එකතු කර ලිපෙන් බාගන්න. උණුවෙන්ම රසවිඳින්න.