මාළු මිරිස් බැදුම - Recipe

December 8, 2018
7,501
Capsicum Deep Fry Recipe
මාළු මිරිස් බැදුම කියන්නේ ඉතින් ලොකු පොඩි කාගෙත් කටට කෙල උනන කෑමක්. ගෙදර හදාගෙන කන්න ටිකක් කම්මැලි උනත් මාලු මිරිස් බැදුම හදන්න අමාරු නෑ. අද හැඩකාරි එක්ක බත් පිඟානේ රුචිය වැඩි කරන මාළු මිරිස් බැදුම හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

මාළු මිරිස් කරල් 5
තම්බා පොඩි කර ගත් අල 200g 
සාමාන්‍ය තරමේ ලොකු ළූණු ගෙඩි 3
අඹරා ගත් ඉඟුරු තේ හැඳි 1/2
අඹරා ගත් සුදු ළූණු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
තුනපහ තේ හැඳි 1
ලුණු තේ හැඳි 1
පොඩියට කපා ගත් අමු මිරිස් 1
තෙල්

තැවරුම සඳහා :

පාන් පිටි කෝප්ප 1
හාල් පිටි මේස හැඳි 1/2
ලුණු තේ හැඳි 1/2
වතුර කෝප්ප 1/2
කහ කුඩු පදමට 
බේකින් පවුඩර් තේ හැඳි 1/2

සාදන ක්‍රමය :

01. භාජනයක් ගෙන පොඩි කර ගත් අල වලට ලුණු, කහ සහ තුනපහ එකතු හොඳින් මිශ්‍ර කරන්න.

02. කපා ගත් ළූණු, මිරිස්, ඉඟුරු සහ සුදු ළූණු තෙම්පරාදු කර ගන්න. එයටම අල මිශ්‍රණයත් එකතු කර පිස ගන්න.

03. මාළු මිරිස් කරල් දිග අතට වෙන් නොවෙන ලෙස පලා ඇට ඉවත් කර ගෙන, සදා ගත් අල මිශ්‍රණය පුරවා පසෙකින් තබන්න.

04. තැවරුමට පාන් පිටි, හාල් පිටි, ලුණු, කහ සහ බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කර ටිකෙන් ටික වතුර එකතු කරමින් උකු බැටර් එකක් සාදා ගන්න.

05. සදා ගත් බැටර් එකේ මාළු මිරිස් කරලින් කරල හොඳින් වැසෙන සේ තවරා රන් පැහැ වන තුරු බැද ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 1192 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 10:26:57 PM
Script:/article/1192/capsicum-deep-fry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 10:26:58 PM
Script:/article/1192/capsicum-deep-fry-recipe.html