අසාත්මිකතා තත්වයන්ගෙන් මිදිය හැකි ආහාර වර්ග

December 11, 2018
7,147
Food that prevent allergies
ආසාත්මිකතා, අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ඇලජික් එකක් කියලා කියන රෝගී තත්වය නිතර දෙවේලේ අපි කාටත් ඇහෙන දෙයක්. බොහෝ දෙනෙක්ට ආහාර මගින් අසාත්මිකතා ඇති කරනවා. තවත් සමහර අයට ඖෂධ නිසා ඇති වෙනවා. නැති නම් මදුරුවෙක් කෑවමත් ආසාත්මිකතා ඇති වෙනවා. මේ ආකාරයට ඔයාට අසාත්මිකතා එක එක විදිහට බලපෑම් කරනවා.  අද හැඩකාරී අපි ඔයාත් එක්ක කතා කරන්න යන්නේ අසත්මිකතාවයන්ගෙන් මිදිය හැකි ලේසියෙන් සපයාගත හැකි ආහාර වර්ග කිහිපයක් ගැනයි.

කහ 

කහ කියන්නේ අසාත්මික තත්වයන්ගෙන් මිදිය හැකි ඖෂධයක්. කහ තුල අසාත්මිකතාවයන්ට එරෙහිව සටන් කරන ඇතැම් සංයෝග අඩංගු නිසා කහ ඖෂධයක් ලෙස හදුන්වනවා. අසාත්මිකතාවයන් වල ක්‍රියාකාරිත්වය බාල කිරීමට කහ වලට හැකියාව තියෙනවා. ඉතින් ආහාර උයනකොට කහ එකතු කරන්න අමතක කරන්න එපා.

ලෙමන් 

ලෙමන් වලට අසාත්මික තත්වයන් වලක්වන හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු නම් ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමටද ලෙමන් වලට පුළුවන්. එපමණක් නෙමෙයි දිනපතා හැමදාම ලෙමන් යුෂ පානය කිරීමේන් ඔයාගේ ශරීරයේ විෂ බිජ පහසුවෙන්ම ඉවත් කර ගැනීමට හැකියාව තියෙනවා.

සුදු ළූණු 

සුදු ළූණු කියන්නේ ආහාර වේලකට අනිවාර්යයෙන්ම තිබිය යුතු වටිනා ආහාරයක්. ඒ වගේම සුදු ළූණු කියන්නේ වටිනා ප්‍රතිජීවයක්. ඉතින් ඔයාගේ ශරීරයේ අසාත්මිකතා ඇති කරවන සංයෝග නිපදවන එන්සයිම වල ක්‍රියාකාරිත්වය අඩපන කරමින් අසාත්මිකතා වලට එරෙහිව සටන් කිරීමට සුදු ළූණු  පුළුවන්.

සැමන් 

සැමන් වල බහුලව ඔමේගා 3 ඇති නිසා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ වේගය වැඩි කරනවා. ඒ වගේම ශරීර සෞඛ්‍යය ඉහල නංවනවා. නොසිතු ආකාරයට ඔයාට අසාත්මික තත්වයක් ඇති වුහොත් ඔයාගේ ආහාර වේලට සැමන් එකතු කර ගැනීමෙන් ඔයාට මෙම තත්වය පාලනය කර ගන්න හැකියාව තියෙනවා.

බතල 

බතල විටමින් B6 බහුල ආහාර වර්ගයක්. ඔයාගේ ශරීරයේ අසත්මිකතාවයන් ඇති කිරීමට බලපාන සංයෝග වල ක්‍රියාකාරිත්වය අඩු කිරීමටත් අසාත්මිකතාවය නිසා ඇති වන දැවිල්ල අඩු කරන්නත් බතල වලට හැකියාව තියෙනවා.

මේ ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඔයාගේ ශරීරයේ ඇතිවන අසාත්මිකතා අවම කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1200 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:08:24 AM
Script:/article/1200/food-that-prevent-allergies.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:08:24 AM
Script:/article/1200/food-that-prevent-allergies.html