චොක්ලට් කස්ටඩ් පුඩිම - Recipe

December 14, 2018
4,961
Chocolate Custard Pudding Recipe
චොකලට් කියන්නේ ඉතින් අපි කවුරුත් ආස කරන රසයක්නේ. 'චොකලට් පුඩින්' කිව්වම ඉතින් උත්සව සිරියක් තමයි අපේ හිතේ මැවෙන්නේ. ඉතින් නත්තලට චොකලට් කස්ටඩ් පුඩින් එකක් හදලා කෑම මේසයේ සිරිය වැඩි කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

උකු කිරි ටින් 1
කස්ටඩ් පවුඩර් මේස හැඳි 3
බිත්තර 4
ජෙලටින් තේ හැඳි 3
සිනි කෝප්ප 1
කොකෝවා පව්ඩර් මේස හැඳි 3

සාදන ක්‍රමය :

01. බිත්තර වල සුදු මද කහ මද වෙන් කරගන්න.

02. තරමක් ලොකු භාජනයකට කස්ටඩ් පවුඩර් ටික දමන්න.

03. වෙනත් භාජනයක් ලිප තබා උකු කිරි සහ එයට ඒ කිරි ටින් එකේ ප්‍රමාණයටම වතුරද එකතු කර මද ගින්නේ රත් කරගන්න.

04. කිරි රත් වන අතරතුර එයින් කිරි මේස හැඳි තුනක් ගෙන කස්ටඩ් පවුඩර් එකට එක් කර කස්ටඩ් පව්ඩර් ටික හොඳින් දිය කරගන්න.
 
05. බිත්තර කහ මද ටිකද රත් වීගෙන එන කිරි එකට ටිකෙන් ටික එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

06. කිරි ටික උතුරන්න නොදී ලිපෙන් ඉවතට ගෙන කස්ටඩ් පවුඩර් මිශ්‍රණයට ටිකෙන් ටික එක්කරමින් මිශ්‍ර කරගන්න. 

07. කස්ටඩ් සියල්ල මිශ්‍ර කල පසු මිශ්‍රණය ඝන වනතුරු මද ගින්දරේ උණු කරගන්න.

08. පසුව එය වීදුරු බඳුනකට දමා හොඳින් සිසිල් වීමට තබන්න. 

09. උණු වතුර ස්වල්පයකට ජෙලටින් දමා දියකරගන්න.

10. බිත්තර සුදුමද ටික බීට කරන්න ගන්න. බීට් කරන අතරේ දියකරගත් ජෙලටින් සහ සීනි ටිකෙන් ටික එකතු කර හොඳින් මිශ්‍රකර කොකෝවා පව්ඩර්ද එයට එක්කරගන්න. එවිට ඔබට උකු ඝන මිශ්‍රණයක් ලැබෙනවා.

11. සම්පූර්ණයෙන් නිවුණු කස්ටඩ් මිශ්‍රණය මතට චොකලට් මිශ්‍රණය සෙමෙන් දමාගන්න. පැයක් පමණ ශීතකරණයේ තබා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1202 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:59 AM
Script:/article/1202/chocolate-custard-pudding-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:00 AM
Script:/article/1202/chocolate-custard-pudding-recipe.html