කෙසෙල් ලෙල්ලෙන් ලස්සන වෙන්න

March 13, 2017
17,772
Amazing Benefits And Uses Of Banana Peels
අපි කව්රුත් කැමති පළතුරක් නේ කෙසෙල්. මේ කෙසෙල් ගෙඩි කාලා අපි ලෙල්ල විසික් කරනවා. අපි දන්නේ නැති වුනාට කෙසෙල් ලෙල්ලෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්.

1. මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කරනවා

කෙසෙල් ලෙල්ලේ ඇතුලත කොටස ලප කැළැල් මතුපිට සෙමෙන් අතුල්ලන්න. එහි පාට ලා දුඹුරු පැහැවනතුරු දවසකට තුන් වතාවක් කරන්න. මේ විදිහට ටික දවසක් කරනකොට ඔබටම වෙනස වැටහේවි.

2. කුරුලෑ නැති කිරීමට

හැම දවසකම විනාඩි 5ක් කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත මුහුණ මත අතුල්ලන්න. මේ විදිහට මාසයක් විතර කරනකොට කුරුලෑ නැත්තටම නැති වෙලා යනවා.

3. ඇස් වටා කළු පැල්ලම් ඉවත් කිරීමට

ඇස් වටා ඇති කළු පැල්ලම් ඉවත් කරන්නත් කෙසෙල් ලෙලි වලට පුළුවන්. කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්තේ සුදු පැහැති තන්තු කොටස හැන්දකින් සුරලා අරගන්න. එය කෝමාරිකා යුෂත් එක්ක මිශ්‍ර කරලා, ඒ මිශ්‍රණය ඇස් වටා ගලවන්න. මේක විනාඩි 15ක් තියලා කූල් වතුරෙන් හෝදලා අරින්න.

4. තරුණ බව රැක ගැනීමට

කෙසෙල් ලෙල්ලේ ඇතුල් කොටස සුරලා අරගෙන බිත්තර සුදු මදයක් එක්ක මිශ්‍ර කරන්න. මුහුණ හොඳින් සෝදලා මේ මිශ්‍රනය මුහුණේ අලේප කරන්න. හැමදාම රෑට ගාලා උදේට පිරිසිඳු වතුරෙන් සෝදලා හරින්න. මුහුණේ තරුණ බව රැක ගන්න හොඳම ස්වභාවික ක්‍රමයක් තමයි මේ.

5. දත් සුදු කරගැනීමට

අපි ගොඩාක් දෙනාගේ දත් අවපැහ ගැන්විලා. සුදු දත් වෙනුවට අපිට තියෙන්නේ කහ පැහැයට හුරු දත්. දිනපතා විනාඩියක විතර කාලයක් කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත දත් මත අතුල්ලන්න. සතියක් විතර මෙහෙම කරගෙන යනකොට, දත් ආපහු සුදු වේගෙන එනවා කියල ඔබට පෙනේවි.

6. සම පැහැපත් කිරීමට

හම සුදු වෙන්න අවශ්ය ගොඩාක් විටමින් වර්ග තියෙනවා කෙසෙල් ලෙල්ලේ. ඉතින් මාසයක පමණ කාලයක් එක දිගට කෙසෙල් ලෙලි මුහුණ මත ආලේප කරලා බලන්න මොකද වෙන්නේ කියලා. හම සුදු වෙන්න ඕනේ කරන විටමින් ලැබෙන නිසා, හම හොඳින් පැහැපත් වෙනවා.

කොච්චර නම් කෙසෙල් ලෙලි විසික් කරලා තියෙනවාද කියල හිතෙනවා නේද දැන්? අනිත් සැරේ කෙසෙල් කැවහම ලෙලි විසික් කරන්න එපා. ගොඩක් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන් කෙසෙල් ලෙලි වලින්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 121 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:35 AM
Script:/article/121/amazing-benefits-and-uses-of-banana-peels.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:36 AM
Script:/article/121/amazing-benefits-and-uses-of-banana-peels.html