ගෝවා මල් ක්‍රිස්පි තෙම්පරාදුව

December 20, 2018
6,791
Cauliflower Crispy Temper Recipe
ගෝවා මල කියන්නේ සන්තෘප්ත මේදය ඉතාම අඩු වගේම ප්‍රෝටීන් බහුල එළවළුවක්. මස් මාලු නොකන අයට වගේම ගෝවා මල් කන්න ආස අයට රසට හදන්න පුලුවන් රෙසිපි එකක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

ක්‍රිස්පි බැදුමට :-
ගෝවා මල් 250g 
හාල් පිටි 50g 
ලුණු පදමට 
ගම්මිරිස් පදමට
තෙල් 

තෙම්පරාදුවට :-
කපා ගත් ළූණු ගෙඩි 1
කපා ගත් මාළු මිරිස් කරල් 2
කෑලි මිරිස් තේ හැඳි 1
කහ තේ හැඳි 1/2
අඹරා ගත් සුදු ළූණු 
අඹරා ගත් ඉඟුරු
ලුණු පදමට 
තෙල් 

සාදන ක්‍රමය :

01. ගෝවා මල් හොඳින් සෝදා පොඩියට කපා ලුණු, ගම්මිරිස් සහ හාල් පිටි මිශ්‍ර කර හොඳින් කලවම් කර ගන්න.

02. තෙල් රත් වූ පසු ගඹුරු තෙලෙහි බැද ගන්න.

03. තෙමපරාදු කිරීමට වෙනත් බාජනයක් ලිප තබා තෙල් එකතු කරන්න. තෙල් රත් වන විට ඉඟුරු, සුදුලූණු තෙලට දමා සුවඳ හමන විට මාළු මිරිස්, ලූණු එකතු කරන්න.

04. එයට කහ, ලුණු, කෑලි මිරිස් එකතු කර මිශ්‍ර කරන්න. එයටම බැදගත් ගෝවා මල් එකතු කර හොඳින් කලවම් කරමින් විනාඩි 3-5ක් පිසගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1210 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:42:47 AM
Script:/article/1210/cauliflower-crispy-temper-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:42:48 AM
Script:/article/1210/cauliflower-crispy-temper-recipe.html