දරුවා ඇසුරුකරන්නන්ගෙන් ඔවුන්ගේ වර්ධනයට වෙන බලපෑම්

January 11, 2020
7,793
How associates make an impact on child's growth
දරුවෙකුගේ සාර්ථකත්වය වෙනුවෙන් පවුලේ බලපෑම ඉතාම සමීපව බලපාන කරුණක්. මනෝවිද්‍යාඥයින්ගේ හඳුනා ගැනීම අනුව දරුවෙකුගේ හිත සුදු පුවරුවක් වගේ පිරිසිදුයි. කාලය සමග සිදුවෙන දරුවාගේ වර්ධනයත් ඔවුන් සමාජයෙන් දැන හඳුනාගන්නා සහ ලබන අත්දැකීම් අනුව හැසිරීම සහ සිතුවිලි බොහෝ දුරට වෙනස් වෙනවා. ඒ නිසා දරුවෙකුගේ සාර්ථකත්වයට ඔවුන් බාල කාලයේ ගෙවන ජීවිතය ඉතාම වැදගත්. ඒ නිසා දරුවාගේ සාර්ථකත්වයට,
• පවුලේ සාමාජිකයන්ගේ කැපවීම
• දරුවා රැකබලා ගන්නා අයගේ බලපෑම
• යහපත් සමාජ ඇසුර
වැනි කරුණු බලපානවා. මේ අනුව බාල කාලයේ පටන් දරුවා ඇසුරේ සිටින උදවිය විසින් ඔවුන් හැඩ ගැසීමේදී වඩාත් සාර්ථක දරුවෙකු නිර්මානය කිරීමට දරුවා හැඩ ගැස්විය යුත්තේ කෙසේද..?

චිත්තවේග පාලනය කරන්න

අද බොහෝ දරුවන්ට තමන්ගේ චිත්තවේග පාලනය කර ගැනීම පවා ඉතාම අපහසුයි. බොහෝ තරුණ දරුවන් සියදිවි නසා ගැනීම වැනි තත්වයට පවා පත් වෙන්නේ තමන්ගේ චිත්තවේග පාලනය කර ගැනීමට තිබෙන අපහසුතාවය නිසයි. ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවාට තමන්ගේ චිත්තවේග පාලනයට උපදෙස් දෙන්න. සතුටට වගේම දුකට මුහුණ දෙන්නේ කොහොමද..? දරුවාගේ වයස සමග ජීවිතයේ හැලහැප්පීම් ඉදිරියේ අප මුහුණ දිය යුතුවා වගේම ජීවිතය ඉදිරියේ විවිධ අභියෝග ඇති වෙන බවත් ඒ සියල්ලටම මුහුණ දීමේ හැකියාව ගොඩ නගා ගත යුතු බවත් කියා දෙන්න.

කෝපය පාලනය කරන්න

පොඩි වුනත් ඇතැම් දරුවන්ට ඇති වෙන කේන්තිය නම් සුලුපටු නැහැ. අතට අසුවෙන දේ පොළවේ ගැසීමල ඔලුව බිම හප්පා ගැනීමල අම්මා තාත්තාට වුනත් පහර දෙන ගති ලක්ෂණ ඇතැම් දරුවන් වෙතින් ඔබ දැක ඇති. මේවා සුරතල් යැයි හිතා දරුවාට කෝපය සමග වැඩෙන්න ඉඩ දෙන්න එපා. බොහොම සීරුවෙන් දරුවාගේ කෝපය පාලනය කරන්න. අනවශ්‍ විදිහට දරුවා කෝප ගන්වන්නත් එපා. ඒ වගේම කෝප නැති විටෙක දරුවාට ආදරයෙන් කෝප වීමේ අහිතකර තත්වය කියා දෙන්න.

බෙදා හදා ගැනීමට පුරුදු කරන්න

පුංචි දරුවන් තුළ මමත්වය ඉතාම ඉහලින් තිබෙනවා. පවුල තුලින් ඇති වෙන මේ මමත්වය සමාජගත හැසිරීමේදී එතරම් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා දරුවාට බෙදා හදා ගැනීම කුඩා කාලයේ පටන්ම කියා දෙන්න. බෙදො හදා නොගන්නා දරුවා දැඩි අන්දමින් ආත්මාර්ථකාමිත්වයට හුරු වීම ඔවුන්ගේම පැවැත්මට එතරම් සුදුසු නැත.

හොඳින් සිටින විට අගය කරන්න

ප්‍රශංසා ලැබීමට අපි කවුරුත් කැමැතියි. පුංචි උදවිය වෙනුවෙනුත් මේ තත්වයේ වෙනසක් නැහැ. අද පුතා හොඳ වැඩක් කලා, මගේ පුතු හරිම හොඳ දරුවෙක් යනුවෙන් හොඳ දෙයට ප්‍රශංසා කරන විට ඇති වෙන වාසියක් තිබෙනවා. එවිට නරක කටයුත්තකදී ලබා දෙන අවවාද ගැනත් දරුවා අවදානයක් දක්වනවා. හොඳ දෙයට හොඳ ලැබෙනවා වගේම නරක දෙයක් කිරීමෙන් තමාට ලැබෙන අභිමානය අහිමි වෙන බව දරුවාටම ඒත්තු යන නිසා නරක දෙයින් ඈත්වීම දරුවා වෙතින්ම උත්තේජනයක් ඇති වෙනවා.

සන්නිවේදනය

සමාජයේ ජීවත් වෙන විට වචන නිසා ඇති වෙන බලපෑම බොහොම ප්‍රබලයි. සන්නිවේදන නැතුව ජීවත්වීම අපහසුයි. ඒත් සන්නිවේදනයේදී කතා කරන වචන පිලිබඳව පාලනයක් නොමැති වුනොත් මේ වචන නිසාම තවත් අයෙකුගේ හිත් රිදීමක් වෙන බවත් දරුවාට කියා දෙන්න. ඒ නිසා වචන පිට කිරීමට පෙරාතුව දෙවරක් හිතන්න වගේම පිටවුන වචනයක් නැවත ඇද ගැනීමට නොහැකි බව ඔවුන්ට කියා දෙන්න.

තීරණ ගන්නත් ඉඩක්

දරුවන් පුංචි වුනත් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ තිරණ සාර්ථක වෙන්න පුලුවනි. ඒ නිසා තිරණ ගැනීමේදී ඔවුන්ගේ තීරණ ගැනත් අවසර දෙන්න. එහි හොඳ නරක ගැන ඔබ කිරා බලා මේ තීරනයේ අහිතකර තත්වයක් ඇතොත් ඔවුන්ට ඒ බව කියන්න. එසේ නොමැතිව අම්මාගේ තාත්තාගේ තිරණය අවසාන තීරණය බව කියන්න එපා.

ස්වාධීන වෙන්න ඉඩ දෙන්න

බොහෝ දෙමව්පියන් දරුවන්ගේ ස්වාධීනත්වයට ඉඩක් දෙන්නේ නැහැ. බාල කාලයේ පටන්ම දරුවා වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම ආදරය නිසා දෙමව්පියන් වෙතින් සිදු වීම පසුකාලයේදී අහිතකර විදිහට දරුවාට බලපානවා. ඒ නිසා දරුවාට බාල කාලයේ පටන්ම යම් යම් දේ ඔවුන්ගේ හැකියාව පරිදි කර ගැනීමට ඉඩ දුන් විට අනාගතයේදී ස්වාධීන පුද්ගලයන් විදිහට සමාජයේ ජීවත්වීමට ශක්තිය ගොඩ නගා ගනු ඇත.

එන්. ඒ. පි. සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1508 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:13:16 PM
Script:/article/1508/how-associates-make-an-impact-on-childs-growth.html
Referer:https://priceline.com/

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:13:16 PM
Script:/article/1508/how-associates-make-an-impact-on-childs-growth.html
Referer:https://priceline.com/