අද තමයි මේ දේවල් ගැන හිතන්න තියෙන හොඳම දවස

January 1, 2019
3,660
Best day to think ahead
ගෙවුන අවුරුද්දේ ලබපු ජයග්‍රහණයන් පරාජයන් හැම දෙයක්ම හිතේ දරාගෙන අපි හැමෝම අලුත් අවුරුද්දක් ලබනකොට හැම අතින්ම බලන්නේ අලුත් වෙන්න.ගෙවුන අවුරුද්දේ මොන මොන දේවල් සිද්ධ වුනත් ජනවාරි පළවෙනිදට අපේ හිතට දැනෙන ඒ අලුත් හැඟීමට බලාපොරොත්තු වලට අපි හැමෝම කැමතියි. සමහර විට ඒ අලුත් හැඟීම් බලාපොරොත්තු තමයි ලබපු අලුත් අවුරුද්ද පුරාවටම අපිව ජිවත් කරවන්නේ අපිට ජීවිතේ ජයගන්න ශක්තිය දෙන්නේ. ඒ නිසා ජීවිතේට වැදගත් වෙන දේවල් ගැන හිතන්න අපිට ලැබෙන හොඳම දවස තමයි අද. මොකද අද දවසේ අපේ හිතට දැනෙන අලුත් හැඟීමත් එක්ක අපිට ජීවිතේ වැරදුන තැන් ගොඩක් ආයෙත් හදාගන්න වගේම ඉස්සරහට වැරදෙන්න තියෙන ගොඩක් තැන් මඟ ඇරගන්න පුළුවන්. ඒ නිසා අපිට ලැබුණු මේ හොඳම දවසේ අපිට ජීවිතේට වැදගත් වෙන හිතන්න පුළුවන් හොඳම දේවල් ගැන හිතමු.

01. මිනිස්සු
අවුරුද්දක් පුරාවටම අපේ ජීවිතේට එක එක විදිහේ මිනිස්සු ඇවිත් ගියා සමහරු අපිත් එක්ක නතර උනා. සමහරු අපිට නැගිටින්න අත දෙනකොට සමහරු අපිව වට්ටන්න උත්සහ කරා. තව අය වැටෙන්න නොදී අපිව රැක ගත්තා තවත් අය වැටුණු වෙලාවේ අපිට තනි වෙන්න නොදී අපි ලඟින්ම හිටියා මේ විදිහට අවුරුද්ද පුරාවටම අපිට එක එක විදිහේ මිනිස්සුන්ව හමු උනා. මේ විදිහට අපේ ජීවිත වලට ඇවිත් ගියපු අපි ළඟ නතර උන මිනිස්සු ගැන හිතන්න පුළුවන් හොඳම දවස තමයි අද. අපිව අතහැරපු මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න ආයෙත් ඒ වගේ මිනිස්සුන්ට රැවටෙන්නේ නැති වෙන පාඩම. අපි ලඟින් හිටපු මිස්සුන්ගෙන් ඉගෙන ගන්න ඔබ අලුත් අවුරුද්දේ මොන වගේ කෙනෙක්ද වෙන්න ඕනේ කියන පාඩම.

02. සල්ලි
සල්ලි කියන්නේ අපිට ජිවත්වෙන්න ඕනේ කරන ලොකු දේ. මොකද අද හැමෝගෙම සතුට වගේම ජීවිතේ ගොඩක් දේවල් රැඳිලා තියෙන්නේ සල්ලි මත. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපොයි අවුරුද්දේ පලවෙනි දවසෙම මොකටද සල්ලි ගැන හිතන්නේ කියලා. හැබැයි මේ අවුරුද්දේ ගිය අවුරුද්දේදී සල්ලි නිසා අපි මුහුණ දුන්න ප්‍රශ්න අඩු කර ගන්න නම් අපිට අද දවසේ සල්ලි ගැන හිතන්නම වෙනවා. අද දවසේ හිතන්න ගෙවුන අවුරුද්දේදී සල්ලි නිසා ඔබට මුහුණ දෙන්න උන ප්‍රශ්න ගැන. ඔබ සල්ලි නිසා සතුටු උන අවස්ථා ගැන. ඔබ හොඳින්ම මුදල් උපයපු ක්‍රම ගැන, අනවශ්‍ය විදිහට ඔබට මුදල් වියදම් උන අවස්ථා ගැන අද දවසේ ඔබ මේ දේවල් ගැන හිතුවොත් ඔබට හෙට දවස වෙනුවෙන් සල්ලි උපයන වියදම් කරන විදිහ ගැන හොඳම ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්.

03. නිරෝගීකම
ලෙඩ කියන්නේ අපිට කලින් දැනුම් දීලා අපිව හොයාගෙන එන දේවල් නෙවෙයි. ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක් ලෙඩ වෙන්න පුළුවන්. හැබැයි රටේ ලෝකේ නැති ලෙඩ වලට අපිව ලෙඩ කරන්න නොදී අපේ නිරෝගීකම රැක ගන්න එක නම් අපේ වගකීමක් නැත්නම් කොච්චර බලාපොරොත්තු තියාගෙන හොඳම විදිහට අලුත් අවුරුද්ද පටන් ගත්තත් අන්තිමට වෙන්නේ ලෙඩ නිසා අවුරුද්ද පුරාවටම විඳවන්න. මේ නිසා අද දවසේ තමයි නිරෝගීකම ගැන හිතන්න ලෙඩ නොවී ඉන්න මේ අවුරුද්දේ ඔබට කරන්න පුළුවන් හොඳම දේවල් ගැන සැලසුමක් හදාගන්න පුළුවන් හොඳම දවස. ඒ නිසා අලුත් අවුරුද්දේ බලාපොරොත්තු ඉටු කරගන්න අද දවසේ ඔබේ නිරෝගීකම ගැන අනිවාර්යෙන්ම හිතන්න.

04. වැරදි
අපි අතින් වෙන වැරදි තමයි අපේ ජීවිත වලට වැදගත් වෙන හොඳම පාඩම් කියලා දෙන්නේ. අපි අපේ වැරදි වලින් ඉගෙන ගන්නවා කියන්නේ අපි හිතනවටත් වඩා ශක්තිමත් මිනිස්සු බවට පත් වෙනවා. මොකද වැරදි තමයි මිනිස්සුන්ව අයෙත් ඒ වැරැද්ද නොකරන පිරිසක් බවට පත් කරන්නේ. ඒ නිසා අද දවස තමයි අපි අතින් උන වැරදි ගැන හිතලා ඒ වැරදි හදාගෙන අලුත් අවුරුද්දට මුහුණ දෙන්න පුළුවන් හොඳම දවස.

05. සතුට
ජීවිතේ අපිට ලබන්න පුළුවන් ලොකුම ධනය තමයි සතුට කියන්නේ. ජිවිතේ ගත කරන හැම තප්පරයක්ම අපි සතුටින් ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ජීවිතේ කරන කියන හැම දෙයක්ම කරන්නේ අපි සතුට වෙනුවෙන්. එහෙනම් අපේ සතුට ගැන හිතන්න අද දවස තරම් හොඳ දවසක් තවත් නැහැ. ගෙවුන අවුරුද්දේ ඔබ සතුටු උන තැන් ඔබට සතුට ලබාදුන්න දේවල්, සතුටු වෙන්න ඔබ කරපු දේවල් මේ හැම දෙයක් ගැනම හිතන්න. එතකොට ඔබට ලොකු සැනසීමක් දැනේවි අද දවසේ. ඒ සැනසීමේ හැඟීම ඔබට අදින් ඇරඹෙන අලුත් අවුරුද්ද පුරාවටම සතුටින් ඉන්න අවශ්‍ය මානසික ශක්තිය වගේම අලුත් අවුරුද්දේ ඔබේ සතුට වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් ගොඩක් දේවල් ගැන මතක් කරලා දේවි.

අද දවසේ ඉඳන් ඇරඹෙන අලුත් අවුරුද්ද හැම අතින්ම සාර්ථක කරගන්න අද දවසේ ඔබට හිතන්න පුළුවන් දේවල් ටිකක් ගැන තමයි අද අපි ඔබට කිවුවේ. මේ දේවලුත් එක්ක තව ගොඩක් දේවල් ගැන හිතලා බලලා උදාවුන නව වසර සාර්ථක කරගන්න අවශ්‍ය වාසනාව ශක්තිය ඔබට ලැබෙන්න කියලා හැඩකාරී අපි ඔබට හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1216 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:22:47 AM
Script:/article/1216/best-day-to-think-ahead.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:22:48 AM
Script:/article/1216/best-day-to-think-ahead.html