ලස්සන වෙන්න සත්කාර කරනවා නම් මෙන්න නැතුවම බැරි දේවල් 5ක්

May 18, 2018
10,563
5 must haves if worry about beauty
දැන් සුන්දරත්වය රැක ගන්න මහන්සි වෙන්නේ කෙල්ලෝ විතරක් නෙවෙයි. ඔය නොකිව්වට කොල්ලොත් හරි හරියට දේවල් කරනවා. මුහුණ පැහැපත් කර ගන්න, ලප කැළැල් මකා ගන්න, කුරුලෑ අඩු කර ගන්න තව එකී නොකී දේවල් වලට දන්න දන්න හැම දේම කරන්න මේ දෙගොල්ලොම පෙළඹිලා. ඒක ඉතින් කොච්චර හොඳ දෙයක්ද? කවුරු කවුරුත් ලස්සනට ඉන්නවා නම් අපි හැමෝම කැමතියිනේ. ඉතින් එකට උදවු වෙන පොඩි පොඩි දේවල් ටිකක් තමයි මේ කියන්නේ.

1. සහල් සෝදන වතුරෙන් මුහුණ සෝදන්න. එය ඔබට නොසිතන ප්‍රතිඵල රැසක් ලබා දෙනවා. සහල්වල අඩංගු ලිනෝලික් අම්ලය ඔබේ සමේ පෙණුම ඔප් නංවන්න උපකාරී වෙනවා. සහල් සෝදන වතුරෙන් දවසට දෙවරක් මුහුණ සෝදනාව නම් එය ඔබේ සුන්දරත්වය රැක ගන්න උදව්වක් වෙනවා. එහෙම නැත්තන් සහල් තම්බා තලපයක් වගේ සකස් කර ගෙන එය මුහුණේ ආලේප කර විනාඩි 30කින් විතර සෝදා ඉවත් කරන්න. එහෙමත් නැත්තන් සහල් පිටි වලට මී පැණි එකතු කරලා ආලේප කරන්න

2. පිපිඤ්ඤා සහ බිත්තර වලින් සුපිරිම face mask එකක්. කරන්න තියෙන්නේ පිපිඤ්ඤා ගෙඩියක සාමාන්‍ය ප්‍රමාණයේ කොටසක් අරගෙන බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සේ එකට බිත්තරයක සුදු මදය එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මුහුණේ ආලේප කරලා මිනිත්තු 15ක් පමණ තබා සෝදා හරින්න.

3. හිරු රශ්මියට නිරාවරණය වීම නිසා අපේ සම දැඩි ලෙස හානි වෙනවා. එකට හොඳා විසඳුමක් තමයි මේ. හිරු එළියෙන් හානි වූ සම නැවත යථා තත්වයට පත් කර ගන්න කඩල පිටි, කෝමාරිකා යුෂ සහ දෙහි එකට මිශ්‍ර කර මුහුණේ අලේප කරන්න. එහෙමත් නැත්තන් මුං ඇට පිටි වලට මීකිරි, මී පැණි, කහ කුඩු මිශ්‍ර කර මුහුණේ ගල්වන්න. විනාඩි 20කට පමණ පසු සෝදා හරින්න. හිරු එලියට නිරාවරණය වෙලා ගෙදර ආවට පස්සේ මේ ආලේපනය ගැල්වීමෙන් හිරු එළියෙන් හානි වූ සම නැවත යතා තත්ත්වයට පත් කර ගන්න පුළුවන්.

4. මුහුණේ කුණු දූවිලි ඉවත් වෙන්න අනිවාර්යෙන් ස්ක්‍රබ් කරන එක වැදගත්. එකට සීනී කියන්නේ හොඳ අමුද්‍රව්‍යක්. මුළින්ම මුහුණට හුමාලය අල්ලන්න. ඊට පස්සේ දෙහි යුෂ වලට සීනී ස්වල්පයක් දාන්න. සීනි ටික දියවෙන්න කලින් මුහුණේ ආලේප කර හොදින් මසාජ් කරන්න.

5. කාලයත් සමඟ අපි වයස්ගත වෙද්දී සමේ රැලි වැටීම් ඇති වෙනවා. සම රැලි වැටෙන්නට පටන් ගන්නේ සමේ ඇති ස්වභාවික මේදය කෙමෙන් කෙමෙන් අඩු වෙන නිසා. ඒ නිසා ඔලිව්, ආමන්ඩ් හෝ පොල් තෙල් වර්ගක් රාත්‍රියේ මුහුණේ ගල්වා උඩු අතට සම්භාහනය කරන්න. උදෑසන සෝදා ඉවත් කරන්න. වියලි හා රැලි වැටුණු සමට එය කදිම සත්කාරයක් වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 820 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:44:44 PM
Script:/article/820/5-must-haves-if-worry-about-beauty.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:44:44 PM
Script:/article/820/5-must-haves-if-worry-about-beauty.html