මසාලා තෝසේ

April 24, 2019
7,799
Masala Dosa
රාත්‍රී ආහාරයට උචිත මසාලා තොසේ ගෙදරදීම සදා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

හාල් පිටි 200g 
උළුඳු පිටි  200g 
ඇල් වතුර අවශ්‍ය පමණට

මසාලා පිරවුම :

පොල් තෙල් ස්වල්පයක්
කපා ගත් සුදු ළූණු මේස හැඳි 1
සූදුරු තේ හැඳි 1/2
අබ තේ හැඳි 1/2
වියලි මිරිස් කරල් 2ක්
කපා ගත් ළූණු ගෙඩි 1
කපා ගත් තක්කාලි ගෙඩි 1
කපා ගත් අමු මිරිස් කරල් 2
කහ කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු අවශ්‍ය පමණට
තම්බා කපා ගත් අල 500g 
කපා ගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
බටර් අවශ්‍ය පමණට

සාදන ක්‍රමය :

01. භාජනයක් ගෙන එයට හාල් පිටි, උළුඳු පිටි, ලුණු එක් කොට හොඳින් මිශ්‍ර කර වතුර ස්වල්පය බැගින් එක් කරමින් තරමක් දියාරු වූ පිටි මිශ්‍රණයක් සාදා පැය 5ක් පමණ පිපෙන්නට තබන්න.

02. දැන් පෑන් එකක් ලිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් එක් කර තෙල් රත් වූ පසු එයට අබ, සුදු ළූණු, සූදුරු, වියලි මිරිස්, ළූණු එක් කර හොඳින් මිශ්‍ර කරන්න

03. දැන් එයට තක්කාලි, අමු මිරිස්, කහ කුඩු , මිරිස් කුඩු , ලුණු සහ තම්බා කපා ගත් අල එක් කර හොඳින් පිස ගන්න .

04. අවසානයේදී කොත්තමල්ලි කොළ එක් කර අල පිරවුම සාදා ගන්න .

05. දැන් තෝස ටික සාදා ගන්න, පෑන් එකක් ලිප තබා බටර් ස්වල්පයක් එක් කර සාදා ගත් පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් එක් කර තොසේ සාදා ගන්න .

06. දැන් සාදා ගත් තොසේ එක මැද්දට සාදා ගත් අල කරියෙන් ස්වල්පයක් එක් කර රෝල් කරන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1307 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:55:16 AM
Script:/article/1307/masala-dosa.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:55:16 AM
Script:/article/1307/masala-dosa.html