දැන් කාලයේ බොහොම දෙනෙක් වඩාත් ප්‍රිය කරන්නේ ටිකක් කටට සැර ආහාරවලටයි. එහෙම නම් ගෙදර අයගේ කැමැත්තට අනුව මේ ආහාර පාන ටික සකස් කර ගන්න බලන්නනකෝ..
මිරිස් සෝස්
අවශ්‍ය දේ:
සිහින්ව විනාකිරි ටිකක් සමග අඹරා ගත් වියලි මිරිස් ග්‍රෑම් 100 ක්
කුරුදු පොතු කැබැල්ලක්
ඉඟුරු කැබැල්ලක්
විනාකිරි බෝතල් බාගයක්
සියඹලා යුෂ මේස හැඳි දෙකක්
සීනි මේස හැදි 4 ක්
සුදුළූණු බික් 4ක්
ලුණු ස්වල්පයක්
සාදන අන්දම :
01. මුලින්ම සුදුළූණු සහ ඉඟුරු එකට අඹරා ගන්න. මිරිස් සහ මේ අඹරාගත් සුදුළූණු ඉඟුරු විනාකිරි ස්වල්පයකින් දිය කරන්න.
02. දැන් ඉතිරි විනාකිරිවලට සීනි, කුරුදුපොතු සහ ලුනු දමා ලිප තබා උතුරවන්න. නිවුනාට පසුව සියඹලා යුෂ සහ මිරිස් මිශ්‍රණය එයටම එක් කර ගෙන මදක් (සාමාන්‍ය සෝස් පදම ඉතින් දන්නවානේ....) ගොරෝසු මිශ්‍රණයක් වන තෙක් මද ගින්නේ පිස ගන්න.
03. නිවුනාම තෙත ගතිය නැති හොඳින් වියලා ගත් බෝතල්වල දමා සුලං නොවදින සේ අසුරා ගෙන ආහාර ගන්නා වේලාවට මේසය හැඩ කරගන්න හැඩකාරිගේ දෑතින්ම පුලුවනි.
බටු සම්බෝලය
අවශ්‍ය දේ :
බටු ග්‍රෑම් 100 ක්
අමුමිරිස් ග්‍රෑම් 25 ක්
ලොකු ලූනු ග්‍රෑම් 100 ක්
කහ කුඩු
විනාකිරි තේ හැඳි එකක්
අබ තේ හැන්දක්
ලුනු රස අනුව
තෙල්
සාදන අන්දම :
01. බටු පෙති කපා බැද ගන්න.
02. ළූණු සහ අමුමිරිස් පෙති කපන්න.
03. ලුණු, විනාකිරි සහ අබ එකට අඹරා ගෙන මේ බැදුමට මිශ්‍ර කරන්න.
04. මේසයට සූදානම් කිරීමට ආසන්නයේ බැදගත් බටු මිශ්‍ර කරන්න.
දෙහි අච්චාරු චට්නි
අවශ්‍ය දේ :
ලුණු දෙහි ග්‍රෑම් 170 ක්
සීනි ග්‍රෑම් 170
වියලි මිදි ග්‍රෑම් 100 ක්
මිරිස් කුඩු තේ හැඳි දෙකක්
අබ ග්‍රෑම් 10 ක්
සුදුළූණු බික් 20 ක්
ඉඟුරු ග්‍රෑම් 10 ක්
විනාකිරි බෝතල් බාගයක්
සාදන අන්දම :
01. ලුණු දෙහි තුනී කැබලිවලට කපන්න.
02. වියලි මිදි සෝදා පිරිසිදු කර ගන්න.
03. අබ, සුදුලූණු සහ ඉඟුරු විනාකිරි යොදා ගෙන ගොරෝසු මිශ්‍රණයක් වන සේ විනාකිරි ටිකකින් අඹරා ගන්න.
04. ඉතිරි විනාකිරි වලට සීනි දමා දියකරගෙන අඹරා ගත් ද්‍රව්‍ය දමා උකුවන තෙක් උනු කරන්න.
05. දැන් නිවුනාට පසුව ලුණු දෙහි සහ වියලි මිදි දමා මිශ්‍ර කරන්න.
එන්.ඒ.පි.සි