දියබත්

December 7, 2019
6,004
Diya bath
අද ගැස්ට්‍රයිටිස් රෝගය පුංචි දරුවාගේ පටන්ම වැඩිහිටියා දක්වාම කිසිම වෙනසක් නැහැ. ඒ නිසා හැම දෙනෙක්ම වාගේ අම්ල-භෂ්ම සමතුලනය කිරීමේ ඖෂධ ගැනීමේ අවශ්‍යතාවය හැම දෙනා අතරම
සුලබයි.

නමුත් මේ සඳහා අතීතයේදි භාවිතා කරන ලද “දියබත්” ඉතාම හොඳ ඖෂධයක් විදිහට පාවිච්චි වුනා. ඒ වගේම උෂ්ණකාලවලදී කිසිම වෛද්‍ය උපදෙසක් නැතුවම දියබත් හදා ගැනීමට අපේ අතීතයේ ගෘහනියන් පුරුදුව සිටියා.

අවශ්‍ය දේවල් :

රාත්‍රි බත් පිසින ලද මුට්ටියේ අඩියේම ඇති බත් (මෙය මැටි මුට්ටියක නම් වඩාත් හොඳයි. ගෑස් කුකරයේ නම් ඉතිරි බත් ටිකට වතුර ටිකක් දාලා තබන්න. ඒ වගේම කුරුටු සහිත තම්බාපු හාල් බත නම් වඩාත් හොඳයි)
පොල් කිරි දියකිරෙන් මිටක් විතර මිරිකා ගෙන
රතුළූණු ගෙඩි හතරක්
අමුමිරිස් කරල් දෙකක්
දෙහි යුෂ ටිකක්

දියබත් හදා ගැනීම එතරම් අපහසුවක් නැහැ…

මෙන්න ක්‍රමය :

01. රාත්‍රි පිස ඉතිරිවන බත් මුට්ටියට වතුර ස්වල්පයක් දාලා තබන්න. ගොඩක් නොවෙයි, දංකුඩ විදිහිට හැදින්වෙන අඩිය අල්ලා තිබෙන බත් ටික පසුවදා උදේට සූරා ගන්න පුලුවන් තරමට ටිකක් පමණයි.

02. පහුවදා උදෙන්ම මේ බත් ටික සූරා ගෙන භාජනයකට දාන්න.

03. දැන් පොල් කිරි දියකිරෙන් මිටක් විතර මිරිකා ගෙන මේ බත්වලට දාන්න.

04. රතුළූණු ගෙඩි හතරක්, අමුමිරිස් කරල් දෙකක් පමණ සිහින්ව කපා දාලා දෙහි යුෂ ටිකක් එකතු කර ගෙන අදේ ආහාරයට ගන්න.

දියබත් ආහාරයට ගැනීමේ වාසි

1. සංතෘප්ත මේදය අඩු වීම නිසා හදවත් රෝග වලට ඇති අවදානම අඩුයි

2.දෙහි, රතුළූණු වල තිබෙන ප්‍රතිඔක්සිකාර සිරුරට ගුණයි

3. විජලනය, මල බද්ධයට සහනයක් ලැබෙනවා

4. ඇස් දැවිල්ල, යටි පතුල් පැලීම වලක්වනවා

5. මුඛයේ වනවීම්, තුවාල,උෂ්ණ බිබිලිවලට ගුණයි

6. සිරුර සිසිල් කරයි

7. සිරුරේ විෂ නසයි

8. සිරුර නැවුම් කරයි

9. සිරුර ප්‍රාණවත් කරයි

10. දවස පුරා නැවුම් බවක් ඇති වේ

11. ආහාර දිරවීම හා අවශෝෂණය වැඩි කරයි

එහෙමනම් නිවසේ ඉවත දමන බත්වලින් මොන තරම් ගුණයක් ලබා ගන්න පුලුවනිද නේද? ඔන්න ආයේ නම් ගැස්ට්‍රයිටිස් හැදුන වේලාවකදී මේ අත්බේත විතරක් නොවෙයි, උදේ ආහාරයත් පිරිමසින්න පුලුවන් කම තිබෙන දියබත ගැන අත්හදා බලන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1476 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:28:54 AM
Script:/article/1476/diya-bath.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:28:54 AM
Script:/article/1476/diya-bath.html