ඔයාගේ පෙම්වතාව ඔයා ළග හැමදාම තියාගන්න ඕනෙ නම් මෙන්න මේ tricks ටික කරලා බලන්න

November 7, 2018
7,724
Do these little tricks to keep you boyfriend with you
ඔයාගේ පෙම්වතා ඔයාගෙන් කැමැත්ත අහන කාලයේදී ඔයා ගැන හැම වෙලාවෙම හොයලා බලනවා. ඒත් ටික දවසක් ගියාට පස්සේ එයා වැඩිය ඔයා ගැන හොයලා බලන්නේ නැතිව මඟ හැරෙන්න ඇති. ඔයාට හිතෙන්න ඇති එයා දැන් වෙනස් වෙලා කියන හැඟීම. එයා ඉස්සර වගේ මට ආදරේ කරන්නේ නැහැ, වගේ සිතුවිලි. ඒ හේතු නිසා ඔයාගේ පෙම්වතා එක්ක ඔයා රණ්ඩු කරනවා ඇති. එයා ඔයා ගැන හොයලා බලන්නේ නැහැ කියලා,එයා ඔයාට ආදරේ නැහැ කියලා ඔයා තීරණය කරන්න එපා . මොකද ඔයාගේ අතින් වෙන වැරදි නිසා තමා ඔයාගේ පෙම්වතා ඔයා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත්තේ. තරුණියන් ගොඩක් කැමති පෙම්වතා සමග කාලය ගත කරන්න. ඉතින් අද හැඩකාරී අපි  ඔයාට කියන්නේ ඔයාගේ පෙම්වතා ඔයාගේ ළඟ තියා ගන්න පොඩ්ඩක් වෙනස් ක්‍රම ටිකක්.

01. ඔයා කාර්යබහුල වෙන්න

පෙම්වතා ඔයාට කතා කරන හැම වෙලාවේම කරන වැඩේ දලා දුවගෙන ගිහින් පිළිතුරු දෙන්න එපා. මොකද එයාට දැනෙන්න දෙන්න ඔයා කාර්යබහුලයි කියලා. ඔයා කර කර ඉන්න වැඩේ නානවා නම්, නලා කනවා නම් කාලා ඉවර වෙලා ඊට පස්සේ ගිහින් පිළිතුරු දෙන්න. ඔයා කාර්යබහුලයි කියන දෙය වැරදි දෙයක් නෙමෙයි. මැසේජ් එකක් ඔයාට ආපු ගමන් පිළිතුරු යවන්න ඕනි නැහැ. ටික වෙලාවක් අරන් පිළිතුරු යවන්න. ඔයාගේ ගෙදර, කාර්යාලයේ වැඩ ටික කරගන්න කාලය වෙන් කරගන්න.

02. පෙම්වතාව කරන ප්‍රශ්න කිරීම් මග හරින්න

අනිවාර්යයෙන්ම ඔයා කාර්යබහුල බව පෙන්නුවොත් පෙම්වතා ඔයාගෙන් ප්‍රශ්න කරනවා ඇයි ඔයා කාර්යබහුල වුනේ කියලා. ඔයාගෙන් අහන ප්‍රශ්න වලටත් උත්තර යවන්න එපා. ඔයා ඔයාගේ නිදහස උපරිම විඳින්න. එයාට නිදහසට කරුණු කියන්න යන්න එපා. ඔයා ඉස්සර හිතුවේ එයා වෙනස් වෙලා කියලානේ. දැන් එයා ඔයා ගැන හොයන්න පටන් ගනියි. ඔයා ගැන හොයලා බලනවා කියලා ඔයාට දැනෙයි. ඔයා ආදරේ ජිවිතේ කර ගන්නේ නැතිව නිදහස ජිවිතේ කර ගන්න.

03. ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට එක උත්තරයක් දෙන්න

එයා ඔයාට එවන මැසේජ් එකට පොඩි උත්තරයක් දෙන්න. අහන ප්‍රශ්නෙට එක උත්තරයක් දුන්නම හොඳටම ඇති. අපි හිතමු කෑවද කියලා ඇහුවොත් ඔව් නම් ඔව් නැහැ නම් නැහැ කියලා විතරක් උත්තර දෙන්න. උදේට කෑවේ මොනාද කීයටද කෑවේ කියලා එයාට යවන්න එපා. හොඳට මතක තියා ගන්න පෙමවතාව ළඟ තියාගන්න ඕනි නම් එයාට ඔයා ගැන හිතන්න ඉඩ තියන්න. ඔයා එයා අහන්න කලින් හැමදේම කිවුවොත් එයාටත් ඔයා ගැන හොයන්න දෙයක් නැහැ නේ.


04. වාර්තා දෙන්න යන්න එපා

ඔයා කරන්නේ මොනාද කියලා හැමතිස්සේම එයාට කියන්න එපා. ඔයාටත් නිදහසක් තියෙනවා. අනික ඔයා කරන කියන හැම දේම කිව්වොත් එයාට ඔයා ගැන හිතන්න දෙයක් නැති වෙනවා. මොනාද කරන්නේ? කොහෙද ඉන්නේ? අයි අද එන්න පරක්කු වුනේ? කියලා එයාටත් හිතන්න අවස්ථාවක් දෙන්න.

05. ඔයාගේ සෞඛ්‍යය ගැන හිතන්න

පෙම්වතා රෑ වෙනකම් ඇහැරිලා ඉන්නවා කියලා ඔයාත් ඇහැරිලා ඉන්න ඕනි වෙන්නේ නැහැ. කෝල්, මැසේජ් කර කර කාලය නාස්ති කරන්න එපා. ඔයා ඔයාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. ඔයා ඇහැරිලා හිටියොත් ඇස් යට කළු වෙනවා, කුරුලැ එනවා අන්න ඒනිසා නිදිමරන එක නවත්තන්න.

06.සමාජ ජාලා වලින් ඇත් වෙන්න

පෙම්වතා ඔයාට ඇරයුමක් කෙරොත් විතරක් එය පිළිගන්න. එයා දාන හැම පොස්ට් එකටම ලයික් කමෙන්ට් දන්න යන්න එපා. පෙම්වතාව ටැග් කරලා පොස්ට් දාන්නත් එපා. ඔයා ඔයාගේ ආරක්ෂාව ගැන පළමුව හිතන්න. ඔයාට පෙම්වතාව ළඟ තියාගන්න ඕනි නම් ඔයා හැමතිස්සෙම කාර්යබහුලයි කියල හඟවන්න. එයත් ඔයා ගැන සැලකිලිමත් වෙයි. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1155 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:13:58 AM
Script:/article/1155/do-these-little-tricks-to-keep-you-boyfriend-with-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:13:58 AM
Script:/article/1155/do-these-little-tricks-to-keep-you-boyfriend-with-you.html