ජිම් එකේම පදිංචි වෙලා ඉන්න ඕනේ කියලා ඔබට හිතෙනවා ඇති. ආස කෑමක් නොකා ජිම් යනවා කියන්නේ මහා හිසරදයක්ම තමයි. හැබැයි අද කාලේ ගොඩ දෙනෙක් උසට සරිලන ශරීර බරකට උරුමකම් කියන්නේ නෑනේ. ගොඩදෙනෙක් උවමනාවට වඩා මහතයි. ජිම් යන්න වෙලාවක් හොයා ගන්නබැරි, ඒ වෙනුවෙන් අමතර වියදමක් කරන්න බැරි අය වෙනුවෙන්, කෙට්ටු වෙන බිම එකක් ගෙදරටම වෙලා හදාගෙන බොන්න අපි කියල දෙනවා.
අද කාලේ අපි බටහිර වෛද්‍ය ක්‍රම පස්සේ ගියාට, ඉස්සර කාලේ හැම ප්‍රශ්නයකටම විසඳුම් දුන්නේ ස්වභාවික ක්‍රම වලින් නේ. ඉතින් මේ පානයත් ඒ වගේ ස්වභාවික පානයක්.
අවශ්‍ය වෙන්නේ ගෙදරදීම අපිට හොයාගන්න පුළුවන් දේවල් කිහිපයක්.
මීපැණි මේස හැඳි 1
ලෙමන් ගෙඩි 1ක්
කස කසා ඇට මේස හැඳි 1
වතුර විදුරු 1 1/2ක්
කස කසා ඇට මේද දහනය කරන්න උපකාරී වෙනවලු. අපි නොදන්නවා වුනාට කස කසා අතීතයේදීත් මේද දහනය වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා. කස කසා ඇට වතුර ස්වල්පයක දාලා පැයක් විතර තියන්න. එහි පිටත වතුර බුබුලක් වගේ ආවරණයක් හැදෙනවානේ. ඒ කස කසා ඇට වල තියෙන තන්තුමය කොටස. ඒවා වතුර උරාගනවා.
ඊට පස්සේ කස කසා, මි පැණි, ලෙමන් යුෂ සහ වතුර ඔක්කොම එකට බ්ලෙන්රඩයට දාලා බ්ලෙන්ඩ් කරන්න. හොඳින් මිශ්‍රණයක් හැදුනයින් පස්සේ මේක පානය කරන්න.
හැමදාම උදේට මේ මිශ්‍රණය හදලා බොන්න. මාසයක් මේ විදිහට බොනකොට ශරීර බර ඔබ නොදැනුවත්වම අඩු වෙනවා කියලා ඔබට දැනේවි. මොකද මේ මිශ්‍රණය හදන්න පාවිච්චි කරලා තියෙන හැම දෙයක්ම ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන්න හේතු වෙන නිසා.
ලොකු ගානක් වැය කරන්නේ නැතුව ගෙදරදීම හදාගන්න පුළුවන් මේ පානය භාවිතා කරලා ඔබත් වෙනස අත්විදින්න.