චොක්ලට් බනානා මෆින්

January 10, 2020
3,516
Chocolate Banana Muffin
කෙසෙල් ඇවරියක් ගෙනාවම ඇතැම් විට අන්තිම කෙසෙල් ටික ඉදිලා වැඩි වෙලා අපි විසි කරන අවස්ථා නැතිව නෙවෙයි. ඉතින් ඒ වගේ වෙලාවට බනානා මෆින් ටිකක් හැදුවා නම් දවස් දෙක තුනක් උදේ ආහාරයට හරි තේ වෙලාවට හරි කන්න ගන්න පුලුවන්.

මේ පොඩි කලමනා ටික ගෙදර ගෙනත් තියාගන්න. කෙසෙල් වැඩි වෙලාවට වෙන නාස්තියත් නැති කරගෙන රස වගේම ගුණ බනානා මෆින් රසවිඳින්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

හොඳටම ඉදුනු කෙසෙල් - ආනමාලු හෝ ඇම්බුන් නම් ගෙඩි 3 / ඇඹුල් කෙසෙල් නම් ගෙඩි 6
එළවලු තෙල් කෝප්ප 1/2
ලොකු බිත්තර 2
සිහින්ව ග්‍රයින්ඩ් කරගත් දුඹුරු සීනි කෝප්ප 1/2
පාන් පිටි කෝප්ප 1 1/2
හලාගත් කොකෝවා පව්ඩර් තේ හැඳි 3
බේකින් සෝඩා තේ හැඳි 1

සාදන ක්‍රමය :

01. අවන් එක සෙල්සියස් 200 / ෆැරන්හයිට් 400 / ගෑස් මාක් 6 ට රත් වෙන්න තබන්න. මෆින් ට්‍රේ එකට කප් කේක් කප්ස් 12ක් දමා පසෙකින් තියන්න.

02. කෙසෙල් ටික ගෑරෙප්පුවකින් හොඳින් පොඩි කරන අතර එයට තෙල් එකතු කරන්න. එයටම බිත්තර සහ සීනිත් එකතු කරන්න. මිශ්‍ර කරගන්න.

03. වෙනම භාජනයක පිටි, කොකෝවා පව්ඩර් සහ බේකින් සෝඩා එකට මිශ්‍ර කරන්න. එයට කෙසෙල් මිශ්‍රණය එකතු කරන්න.

04. මිශ්‍රණය මෘදු ලෙස බීට් කරන්න.

05. හැන්දකින් මිශ්‍රණය කප් 12ට සමානව දමන්න.

06. රත් කරගත් අවන් එකේ විනාඩි 15-20ක් මෆින් ටික බේක් කරගන්න. බේක් වුනු පසු ට්‍රේ එක අවන් එකෙන් ඉවතට ගෙන යන්තම් නිවෙන්න හැර මෆින් ටික ට්‍රේ එකෙන් ඉවතට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1506 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:08 AM
Script:/article/1506/chocolate-banana-muffin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:08 AM
Script:/article/1506/chocolate-banana-muffin.html