මැන්ගො මිල්ක් ශේක්

January 27, 2020
4,286
Mango Milkshake
අඹ කියන්නේ හරිම රසවත් පළතුරක්. ඒ රසය තවත් වැඩි කරගන්න මේ මිල්ක් ශේක් එක හදලා රසවිඳිමු

අවශ්‍ය ද්‍රව්‍ය (පිළිගැන්වීම් 2කට ) :
ඉදුනු ලොකු අඹ ගෙඩි 1
වතුර කෝප්ප 1/2-1ක් පමණ
කස කසා ඇට මේස හැඳි 2ක් සහ වතුර කෝප්ප 1 ක්
සිසිල් කිරි කෝප්ප 3/4
ටින් කිරි කෝප්ප 1/4 + මේස හැඳි 3
මැන්ගො අයිස් ක්‍රීම් (හෝ වැනිලා අයිස්ක්‍රීම්)
සැරසීමට චෙරි / පොඩියට කපාගත් අඹ කෑලි මේස හැඳි 2

සාදන ක්‍රමය :

01. කසකසා ඇට ටික වතුර කෝප්ප එකට දාලා පිපෙන්න පසෙකින් තියන්න.

02. අඹ ගෙඩිය පොඩියට කපලා බ්ලෙන්ඩර් එකට දමා ගන්න. එයට වතුර කෝප්ප 1/2ක් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් වෙන්න වතුර මදි නම් තව වතුර ටිකක් එකතු කරන්න. මෙය උකු පල්ප් එකක් වගේ විය යුතුයි. වතුර වැඩිය එකතු කරන්න යන්න එපා. බ්ලෙන්ඩ් වෙන තරමට වතුර එකතු කලාම ඇති.

03. එයත් බෝල් එකකට දාලා පසෙකින් තියන්න.

04. ටින්කිරි කෝප්ප 1/4 බෝල් එකකට දාලා එයට සිසිල් කිරි ටික එකතු කරලා මික්ස් කරගන්න.

05. ඉතිරි ටින්කිරි මේස හැඳි තුන අඹ පල්ප් එකට එකතු කරලා මිශ්‍ර කරන්න.

06. දැන් පිලිගන්වන ග්ලාස් දෙක අරගෙන මුලින්ම අඹ පල්ප් මිශ්‍රණය හැන්දකින් දමන්න. ඒ මතට කිරි මිශ්‍රණය හෙමින් වත් කරන්න. ඒ මතට කසකසා එකතු කරන්න. ඒ මතට අයිස් ක්‍රීම් ස්කූප් එකක් එකතු කරන්න.

07. චෙරි සහ අඹ කෑලි වලින් සරසා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1512 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:26:20 AM
Script:/article/1512/mango-milkshake.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:26:21 AM
Script:/article/1512/mango-milkshake.html