ශීතකරණයේ ඇති වෙන පැල්ලම් ඉවත් කරන්න පහසුම ක්‍රමයක් මෙන්න

April 11, 2020
3,017
How to remove stains in the fridge
සාමාන්‍යයෙන් ඔබ ඔබේ ආහාර වැඩි කාලයක් ශීතකරණයේ තබා තියනවාද? ඒකෙන් ශීතකරණය තුළ පැල්ලම් හැදෙන්න අවස්ථා ඇති වෙනවා. මෙම අපිරිසිදු, අළු පැහැයෙන් යුත් කැළැල් පිරිසිදු කිරීම ද ඔබට අපහසු වෙන්න පුලුවන්. වාසනාවකට වගේ ශීතකරණයේ ඇති ඒ අපිරිසිඳු පැල්ලම් ඉවත් කිරීමට ඉතා පහසු හා ඉක්මන් උපක්‍රමයත් තියනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ඒ වගේ ඉතාම සරල සහ පහසු උපක්‍රමයක්. විවේකීව ගෙදර ඉන්න මේ දවස් වල ශීතකරණය පිරිසිඳු කරන්න ගන්නවා නම් ඔබට මේ ක්‍රමය උත්සහ කරලා බලන්න පුලුවන්...

ශීතකරණයේ පැල්ලම්

සමහර විට ඔබ සිතනවා ඇති ශීතකරණය පිරිසිඳුව තබා ගන්න අවශ්‍ය සෑම දෙයක්ම ඔබ විසින් කළත් කෙසේ හෝ ඔබේ ශීතකරණයේ පැල්ලම් හට ගන්නවා කියලා. ඒත් ශීතකරණයක් තුළ පුස් ඉක්මනින් වර්ධනය වනවා. ඒ නිසා ඔබ එය දිනපතා පිරිසිදු කිරීම වැදගත්. නමුත් ඔබේ ශීතකරණය තුළ පැල්ලම් වර්ධනය වෙන්නේ කොහොමද සහ ඒවා ඉවත් කරන්නේ කොහොමද කියලා දැන් අපි ඔබට කියන්නම්.

පැල්ලම් වර්ධනය වන්නේ කොහොමද?

ශීතකරණයක් කියන්නේ ඇත්තටම බැක්ටීරියා වර්ධනය වෙන්න සුදුසුම ස්ථානයක්. මොකද දවසකට ආහාර විශාල ප්‍රමාණයක් දාන නිසා ඒකේ අන්තර්ගත සිසිල් උෂ්ණත්වය පැල්ලම් වැඩීමට පරිපූර්ණ පරිසරයක් නිර්මාණය කරලා දෙනවා. ඒ වගේ පැල්ලම් ජලය අඩංගු ආහාරවල විතරක් නෙමෙයි වියළි ආහාර වල ද වේගයෙන් වර්ධනය වෙනවා. ශීතකරණය තුළ වායු සංසරණය නිසා පැල්ලම් වල බීජාණු සියලුම ආවරණය නොකළ ආහාර මත රැඳෙන්නත් අවස්ථාව තිබෙනවා. උදාහරණයක් විදිහට ඔබේ එළවළු ලාච්චුවේ කුණු වූ එළවළු කැබැල්ලක් තිබ්බොත් එතකොට මෙම දිලීර බීජාණු තැටියේ ඇති අනෙකුත් සියලුම එළවළු වල වලත් තැන්පත් වෙන්න පුලුවන්. මේ නිසා ඔබේ ශීතකරණයට හොඳ පිරිසිදු කිරීමක් ලබා දෙන එක අත්‍යාවශ්‍යයි.

ලෙමන්

ඔබේ ශීතකරණය පැල්ලම් වලි තොර කිරීමට නම් ඔබ මුලින්ම ශීතකරණයෙ තියෙන සියලුම දේවල් ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ කුඩා භාජනයකට වතුර ස්වල්පයක් පුරවලා ලෙමන් ගෙඩියෙන් භාගයක් ඒ භාජනයට මිරිකන්න. අනෙක් භාගයේ පොතු පමණක් අරගෙන ඒ පොතු ටිකත් වතුර භාජනයට එකතු කරන්න. පස්සේ මේ මිශ්‍රණය මිනිත්තු තුනක් විතර මයික්‍රෝවේව් එකේ රත් කරගන්න.

ඉන් පස්සේ ලෙමන් යුෂ භාජනය එළියට ගන්න. ඒක උණුසුම් නිසා ඔබ පරිස්සම් වෙන්න. කෙලින්ම ඒක ශීතකරණය තුළ තියලා දොර වසා දමන්න. ලෙමන් භාජනය හරහා පැය භාගයක් විතර ශීතකරණයේ ඇතුළ උණුසුම් වෙන්න දෙන්න. ඊට පස්සේ කිචන් ටවල් එකකින් ශීතකරණය පිසදාගන්න. ඒ ක්‍රමයෙන් ඔබේ ශීතකරණයේ ඇති අප්‍රසන්න පැල්ලම් පහසුවෙන් ඉවත් වෙලා ඔබගේ ශීතකරණයට අළුත් පෙනුමක් ලැබෙයි. ඊට අමතරව ඔබේ ශීතකරණයෙන් නැවුම් හා පලතුරු සුවඳක් ද දැනෙන්න පටන් ගනියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1550 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:40 AM
Script:/article/1550/how-to-remove-stains-in-the-fridge.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:40 AM
Script:/article/1550/how-to-remove-stains-in-the-fridge.html