සුදු ආප්ප

April 28, 2020
4,889
White hoppers
ලොකු පොඩි කවුරුත් ආප්ප කන්න ආසයි. අනික ආප්ප කියන්නේ හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් බොහොම සුළු කලමණා ටිකක් ඕන ආහාරයක්. ඉතින් ආප්ප ලේසියෙන් හදාගන්න හැටි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

කැකුළු හාල් කිලෝ ග්‍රෑම් 1
ලොකු පොල් ගෙඩියක කිරි
පොල් වතුර කෝප්ප 1/2
සීනි පුරවා ගත් මේස හැඳි 1
ලුණු තේ හැඳි 1
බිත්තර 1ක්

සාදන ආකාරය :

01. හාල් ටික හොඳින් සෝදා පැය 10ක් වත් පෙඟෙන්න හරින්න.

02. පෙඟුණු සහල් ටිකේ වතුර හොඳින් පෙරෙන්න හරින්න.

03. පෙරා ගත් සහල් ටික බ්ලෙන්ඩරයකට දමා එයට සීනි, පොල් වතුර, මිටි පොල් කිරි ටික එකතු කරන්න. හාල් ටික බ්ලෙන්ඩ් වෙන්න තරම් කිරි මදි නම් දිය කිරි ටිකකුත් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරන්න. විටෙන් විට සහල් ටික හොඳින් කෙටී ඇත් දැයි බලන්න. ඇඟිලි වලට ඇට ඇට ගතියක් නොදැනේ නම් සහල් ටික බ්ලෙන්ඩ් වෙලා ඇති.

04. දැන් මේ මිශ්‍රණය ඉඩ ඇති භාජනයක (ආප්ප මිශ්‍රණය පිපෙන නිසා) වසා පැය 10ක් පමණ උණුසුම ඇති ස්ථානයාක (හිරු එළිය ඇත් නම් ජනේලයක් අසල ) තබන්න.

05. ආප්ප මිශ්‍රණය පිපිණු පසු එයට ලුණු, අවශ්‍ය නම් තව සීනි එකතු කරන්න.

06. ආප්ප සාදන විට උකු ගතිය වැඩි නම් පොල් කිරි හෝ වතුර ටිකක් හෝ මිශ්‍ර කර පදම සාදා ගන්න.

07. ඔබට නොන්ස්ටික් තාච්චියක් නැතිනම්, ඔබට බිත්තරය හොඳින් ගසා ආප්ප මිශ්‍රණයට එකතු කරන්න පුළුවන්. බිත්තරය එකතු කරන්නේ ආප්පය ගලවා ගැනීමේ පහසුව සඳහා පමණයි.

08. බිත්තර ආප්ප සාදන්න නම් අප්ප මිශ්‍රණය තාච්චියට දමා වටේ කරකවා ඉන්පසු බිත්තරය කඩා ආප්පය මැදට දමන්න. කැමැත්ත අනුව ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් එකතු කර පියනෙන් වසා අඩු ගින්දරේ පිසගන්න.

09. ආප්ප මිශ්‍රණය ශීතකරණයේ දින 3-4ක් වුවද කල් තබා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1572 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:55:48 AM
Script:/article/1572/white-hoppers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:55:48 AM
Script:/article/1572/white-hoppers.html