ස්වීට් ඇන්ඩ් සවර් ගෝවා මල්

May 17, 2020
2,646
Sweet and savour cauliflower
පිලිකා ඇතිවීම වලක්වන, ශරීර බර අඩු කරන සහ මතක ශක්තිය වැඩි කරන එළවළුවක් වන ගෝවා මල් වෙනස් රසවත් ආකාරයකට හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

මධ්‍යම ප්‍රමාණයේ ගෝවා මලක්
ඔලිව් තෙල් හෝ පොල් තෙල් මේස හැඳි 3
වතුර මේ හැඳි 2
කෝන් පිටි මේස හැඳි 1 1/2

සෝස් එක සඳහා :
එළවළු ස්ටොක් කෝප්ප 1/2
සෝයා සෝස් කෝප්ප 1/4
දුඹුරු සීනි මේස හැඳි 2
කෑලි මිරිස් තේ හැඳි 2
ටහිනි මේස හැඳි 2 (ටහිනි වෙනුවට පීනට් බටර්/තලාගත් තල ඇට/තල තෙල් පාවිච්චි කරන්න පුලුවන්)
තලාගත් සුදු ලූණු බික් 5-6
රයිස් විනාකිරි හෝ ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 3

සාදන ආකාරය :

01. පළමුවෙන් සෝස් එක සාදා ගමු. බෝල් එකකට සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික එකතු කර සීනි ටික දිය වනතෙක් හොඳින් කලවම් කර පසෙකින් තබන්න.

02. ගෝවා මල අඟල් 1- 1 1/2 කෑලි වලට කඩාගෙන හොඳින් සෝදා ගන්න.

03. පෑන් එකට ගෝවා මල්, තෙල් සහ වතුර එකතු කර සාමාන්‍ය ගින්දරේ ගෝවා මල් ටික විනාඩි 4-5ක් පිස ගන්න.

04. ගෝවා මල් ටික මෙලෙක් වන විට සාදා ගත් සෝස් එකෙන් බාගයක් එකතු කර කලවම් කරමින් පිසින්න.

05. අඩු ගින්දරරේ පිසින්න අමතක කරන්න එපා. කලවම් කරමින් විනාඩි 4ක් පමණ පිසගන්න. සෝස් එක පිච්චෙන්න දෙන්න එපා. සෝස් ටික ගෝවා මල් ටිකට හොඳින් උරාගන්න දෙන්න.

06. දැන් මෙයට කෝන් පිටි ටික එකතු කර කලවම් කරන්න.

07. හොඳින් කෝන් පිටි ටික ගෝවා මල් වල තැවරුණු පසු ඉතිරි සෝස් ටිකත් එකතු කර කලවම් කරන්න. සෝස් ටික තික් වන තෙක් පිස ගන්න.

08. ලූණු කොල වලින් සරසා උණුවෙන් බත් සමග පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 1600 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 12:51:44 AM
Script:/article/1600/sweet-and-savour-cauliflower.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 12:51:45 AM
Script:/article/1600/sweet-and-savour-cauliflower.html