පැටිස් - Recipe

October 10, 2018
9,831
Patties Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

පිටි ග්‍රෑම් 250
තෙල් මේස හැඳි 4
ලුණු තේ හැඳි 1
උණුසුම් වතුර කෝප්ප 1/2 හෝ අවශ්‍ය පමණට

පිරවුමට :

තම්බා පොතු හැරගත් අර්තාපල් අල ග්‍රෑම් 200
මාළු එකතු කරගන්නවා නම් - තම්බා පොඩි කරගත් මාළු ග්‍රෑම් 100
සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රෑම් 100
සිහින්ව කපාගත් ලොකු ලූණු ගෙඩි 1
තලාගත් සුදු ලූණු බික් 4
සූදුරු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
කෑලි මිරිස් තේ හැඳි 1
සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 1
සිහින්ව කපාගත් කරපින්චා ඉති 1
දෙහි යුශ මේස හැඳි 3/4
ලුණු තේ හැඳි 1 1/2 හෝ රස පදමට
ගැඹුරු තෙලේ බැදීමට තෙල්

සාදන ක්‍රමය :

01. පේස්ට්‍රි එක සෑදීමට, ලුණු සහ පිටි බෝල් එකකට හලා ගන්න. තෙල් ටික පිටි වලට එකතු කර අනා ගන්න.

02. උණුසුම් වතුර කෝප්ප 1/2 ටිකෙන් ටික එකතු කරමින් පැලුම් නැති අතේ නොඇලෙන පිටි මෝලියක් සාදා ගන්න.

03. මේසය මතට පිටි ඉස ඒ මත විනාඩි 5ක් පමණ පිටි මෝලිය මෘදු වන තෙක් අනා ගන්න.

04. පිටි මෝලිය නැවත බෝල් එකට දමා වසා පැත්තකින් තබන්න.

05. පිරවුම සෑදීමට තම්බා ගත් අල ටික ගෙන කුඩා කොටු වලට කපා ගන්න.

06. පෑන් එකක සූදුරු ටික බැද ගන්න. හැන්ද ආධාරයෙන් ඒවා තලා ගන්න.

07. අඩු ගින්දරේ තෙල් රත් කරගන්න. එයට කුඩු කරගත් සූදුරු, සුදු ලූණු, අමු මිරිස්, කරපින්චා, කෑලි මිරිස්, කහ සහ ලුණු එකතු කර ගන්න.

08. ලූණු එකතු කර යන්තමින් දුඹුරු වන තෙක් පිස ගන්න. ලීක්ස් එකතු කරන්න. විනාඩි 2ක් පමණ පිස ගන්න.

09. අල සහ මාළු එකතු කරගන්නවා නම් මාළු ටික එකතු කර විනාඩි 2ක් පමණ පිසගන්න. දෙහි යුශ එකතු කර ලිප නිවා මිශ්‍රණය නිවෙන්න හරින්න.

10. පිටි ඉසගත් මේසය මත පිටි මෝලිය තුනී කර රවුම් කපා ගන්න. රවුම් මත අවශ්‍ය පමණට පිරවුම තබා පැටිස් එකක ආකාරයට නවා ගෑරොප්පුවක් ආධාරයෙන් සීල් කරගන්න.

11. තාච්චියක තෙල් රත් කර පැටිස් ටික බැද ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1111 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:05 AM
Script:/article/1111/patties-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:06 AM
Script:/article/1111/patties-recipe.html