කාන්තාවන් කවදාවත් තේරුම් නොගන්න පිරිමි ගතිගුණ

April 20, 2017
12,259
8 Things Women Will Never Understand About Men
තේරුම් ගැනීම් කියන්නේ අපේ ජිවිත වලට අවශ්‍යම දෙයක්. නමුත් සමහර දේවල් තියනවා කොච්චර කාලයක් ගියත් කෙනෙක්ට තේරුම් ගන්න අපහසු. මේ කියන්න හදන්නෙත් ඒ වගේ දෙයක් ගැන. හැබැයි මේ චෝදනාව කාන්තාවන්ට එල්ල වෙන්නේ පිරිමින්ගෙන්. මොකද පිරිමි කියන්නේ ඔවුන් ගැන මේ දේවල් කවදාවත් කාන්තාවන් තේරුම් ගන්නේ නැහැ කියලා. ටිකක් සාධාරණව හිතලා බැලුවොත් මේ කතාවේ ඇත්තකුත් නැතුවම නෙවෙයි. ඒ නිසා ඔබම කියවල බලන්නකෝ පිරිමි ගැන මේ දේවල් ඔබත් කවදාවත් තේරුම් අරන් නැද්ද කියලා.

1. පිරිමින් සංවේදී සහ හැගීම් දැනීම් ඇති පිරිසක් බව බොහෝ දුරට කාන්තාවන් තේරුම් ගන්නේ නෑ. ඔවුන් සිතන්නේ පිරිමි අය ශක්තිමත් කිසිම දෙයකට සවේදී නොවන පිරිසක් ලෙසයි.

2. සමහර අවස්ථාවන් වලදී ඔවුන්ගේ හැගීම් පිළිබදව ඔබත් සමග ඔහුට අදහස් හුවමාරු කරගැනීම අවශ්‍ය බව. මේ ගැන කාන්තාවන් තේරුම් ගන්නෙත් නැහැ. ඔවුන් නිතරම උත්සහ කරන්නේ ඔවුන්ගේ හැගීම් ගැන පිරිමියාට ප්‍රකාශ කිරීමයි.

3. පිරිමින් කාන්තාවන් ගැන හොදින් සිතන බව. නමුත් කාන්තාවන් තේරුම් ගන්නේ නැහැ පිරිමින් කාන්තාවන් ගැන යහපත් ලෙස සිතන බව. ඔවුන් සිතන්නේ පිරිම ඔවුන් සිතා සිටින්නේ ඔවුන් වැඩ කිරීමට සකස්කළ යන්ත්‍රයක් ලෙස බවයි. නමුත් සත්‍ය එය නොවෙයි.

4. පිරිමි කිසිම දවසක මිතුරන් සමග තමන්ගේ සහකාරිය පෙම්වතිය ගැන කතා නොකරන බව. නමුත් කාන්තාවන් නම් මේ වැඩේ කරනවා. මේ නිසා කාන්තාවන් සිතන්නේ පිරිමිත් ඔවුන් වගේ මේ වැඩේ කරනවා කියලයි.

5. ඔබේ ප්‍රතික්ෂේප කිරීම ඔහුව රිදවන බව. සමහර කාන්තාවන් හිතන්නේ ඇය තරහ අරගෙන කරන කියන දේවල් වලින් ඔහුගේ හිත නොරිදෙන බවයි. නමුත් පිරිමි කියන්නෙත් ඔබට වගේම වේදනාවන් දැනෙන පිරිසක්.

6. ආදරයේදී ඔවුන්ගේ අවශ්‍යතාවය ලිංගික ක්‍රියාකාරකම් විතරක් නොවන බව. කාන්තාවන් හිතන්නේ පිරිමින් ලිංගික ක්‍රියාකාරකම් වලට වෙනත් දේවල් වලට වඩා වැඩි කැමැත්තක් දක්වන බවයි. නමුත් සැබවින්ම ඔවුන්ට අවශ්‍ය ඔබේ ආදරය කරුණාව එහෙම නැතුව ලිංගික ක්‍රියාකාරකම් නොවෙයි.

7. ඔබට අවශ්‍ය කරන දේවල් ගැන ඔබ ඔවුන්ට කියන තුරු ඔවුන් ඒ දේවල් ගැන නොදන්නා බව. ඇත්තටම ඔහුට කිසිම ආකාරයක බලයක් හෝ හැකියාව නැහැ ඔබේ හිතේ තියන දේවල් ගැන දැනගන්න. නමුත් කාන්තාවන් හිතන්නේ ඔවුන් ඒ දේවල් ගැන දැනගෙන ඒවා ඉටුකර දිය යුතු බවයි.

8. පිරිමියෙක් වීම නිසා සමාජය විශාල වගකීම් සමූහයක් ඔවුන් මත පටවා ඇති බව. මේ කාරණාව බොහොම අසාධාරණ දෙයක්. මොකද පිරිමියෙක් වීම නිසා ඔහුට දරන්න වෙන වගකීම් ප්‍රමාණය අතිවිශාලයි. මේ ගැන කාන්තාවන් නම් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් හිතන්නේ මේ වගකීම් දරන එක පිරිමියා අනිවාර්යෙන්ම කලයුතු දෙයක් බවයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 226 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:23 AM
Script:/article/226/8-things-women-will-never-understand-about-men.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:23 AM
Script:/article/226/8-things-women-will-never-understand-about-men.html