සුපර් මාර්කට් ගියාම බොහෝ දෙනෙක් මුදවපු කිරි ගන්නත් අමතක කරන්නේ නැහැ. කිරිවලින් සකස් කර ගත් මෝරු උදේ ආහාරයක් විදිහටත් පිරිමහගන්න පුලුවනි. වෙනදාට නම් මේ වගේ විච්චූරන හදන්න වෙලාවක් නැති වුනත් දැන් ඔන්න වෙලාව ඇවිත්. ඒ නිසා කඩපිලට යන්න අවස්ථාව ලැබුනාම මුදවපු කිරිත් ඔබේ ලැයිස්තුවට එකතු කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :
මුදවපු කිරි ලීටර් 500
අමුමිරිස් කරල් 2
ඉඟුරු කැබැල්ලක්
කොච්චි කරල් 3
රතුළූණු ගෙඩි 5
වතුර කෝප්ප 3/4
කරපිංචා ඉති කීපයක්
සාදන ආකාරය :
01. මුලින්ම වතුර කෝප්ප තුන්කාල සමග මුදවපු කිරි හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
02. කරපිංචා කැබලි කරන්න. කොච්චි, අමුමිරිස්, රතුළූණු සහ ඉඟුරු සිහින්ව ලියා ගන්න.
03. දැන් බ්ලෙන්ඩ් කරගත් මීකිරිවලට කපා ගත් ඉඟුරු, කරපිංචා, කොච්චි, අමුමිරිස්, රතුළූණු ආදිය එකතු කරන්න.
04. මෙය උදේ ආහාරය සමග ගන්න. හොඳට බඩකට පිරෙනවා.
එන්.ඒ.පි.සි