සිංහල තාලෙට, අපේ රහට කෑම වේලක්
සිංහල තාලෙට ලංකාවේ හදන කෑමවල රහ ගුණවලට ප්‍රිය කරන්නේ ලාංකිකයෝ විතරක්ම නෙවෙයි. විදේශිකයන් පවා දැන් අපේ රහට කෑම කන්න ගොඩක් කැමතියි. අපේ රහට කැමති ඒ කොයි කවුරුත් මේ කෑම රහ කර කර කන බව නම් අපිට විශ්වාසයි.
ගතවන කාලය විනාඩි 20
අවශ්‍ය ද්‍රව්‍ය :
බටර් ග්‍රෑම් 10
ලොකු ළූණු, සුදු ළූණු, අමු මිරිස්, ඉඟුරු (සිහින්ව කපාගත් ) තේ හැඳි 1 බැගින්
කරපිංචා කිනිත්තක්
අමු මිරිස් (සිහින්ව කපාගත්) කරල් 2
තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ස්වල්පයක් බැගින්
ලුණු රස පදමට
උකු පොල් කිරි අඬු කෝප්ප 1/2
ස්පැගටි (තම්බාගත්) ග්‍රෑම් 150
දෙහි යුෂ ගෙඩියක
පාර්මසන් චීස් ග්‍රෑම් 5
ස්පැගටි හදමු :
1. දැන් භාජනයක් අරගෙන ලිප තියලා රත්කරගෙන බටර් එකතු කර රත්වූ පසු එයට ලොකු ළූණු, සුදු ළූණු, අමු මිරිස්, ඉඟුරු, කරපිංචා එකතු කර තෙම්පරාදු කරගන්න.
2. ඉන්පසු එයට කහ, තුනපහ, ගම්මිරිස්, ලුණු සහ උකු පොල් කිරි අඬු කෝප්ප 1/2ක් එක්කර ටික වේලාවක් ලිපේ තබා කලවම් කරගන්න.
3. දැන් එයටම තම්බාගත් ස්පැගටි එක්කර පසුව ලිප නිවා දෙහි යුෂ සහ පාමර්සන් චීස් එක්කර හොඳින් කලවම් කර පිළිගන්වන්න.