දියවැඩියාවට ගුණ දෙන එළවළුවක් වෙන චව් චව් රසවත් ආකාරයකට පිළියෙල කරමු..
අවශ්‍ය ද්‍රව්‍ය :
චව් චව් ගෙඩි 2
ගා ගත් පොල් කෝප්ප 1/3
අබ ඇට තේ හැඳි 1/2
මුං ඇට හෝ මුං පරිප්පු තේ හැඳි 1
වියලි මිරිස් කරල් 1
කහ කුඩු තේ හැඳි 1/8
කරපිංචා ඉත්තක කොල
පොල් තෙල් තේ හැඳි 1
රස පදමට ලුණු
සාදන ක්‍රමය :
01. චව් චව් වල පොතු හැර, ඇටය ඉවත් කර අඟලේ පමණ කොටු කපාගන්න.
02. දැන් චව් චව් ටික වැසෙන ප්‍රමාණයට වතුර දමා අවශ්‍ය පමණට ලුණු එකතු කර, චව් චව් ටික මෙලෙක් වන තෙක් තම්බා ගන්න.
03. දැන් පෑන් එකක තෙල් රත් වෙන්න තබා එයට අබ ඇට ටික එකතු කරන්න.
04. අබ පිපිරෙන් විට එයට මුං ඇට, වියලි මිරිස් එකතු කරන්න.
05. මුං ඇට ටික රන්වන් පැහැ වන විට එයට පොල් එකතු කර කලවම් කරන්න
06. එයට තම්බා පෙරා ගත් චව් චව් ටික එකතු කරන්න. කහ ටික එකතු කර කලවම් කර ලිපෙන් ඉවතට ගන්න.