මාබල් බිත්තර

June 30, 2020
2,350
Marble Eggs
බිත්තර කියන්නේ දුප්පතාගේ ප්‍රෝටිනය බව අපි කවුරුත් දන්නවා. අඩු වියදමකින් විශාල පෝෂණ ගුණයක් ලබා ගත හැකි බිත්තර අපි විවිධ විදිහට උයා පිහා ගන්නවා. තැම්බීම, ඔම්ලට්, බැදීම, බුල්ස් අයි වගේම හොද්දට එකතු කිරීම වගේ මෙකී නොකී විවිධ විදිහට පිස ගන්න බිත්තර වෙනුවෙන් මේ ක්‍රමයත් අත්හදා බලන්නකෝ..

චීනය කවදත් ඉවුම් පිහුම් කලාවට දක්ෂයි. ඒ වගේම ඔවුන්ගේ පැරණි රහස් වෙදකම් බොහොම හාස්කම් සහිතයි. මේ බිත්තර තැම්බීමත් ඔවුන්ගේ වෙදකම වගේම උයන පිහන කලාවටත් සම්බන්ධයි. චීනය විතරක් නොවෙයි,ඊශ්‍රායලයත් මේ ක්‍රමයට බිත්තර පිස ගන්නවා.

අවශ්‍ය වෙන්නේ;

බිත්තර සහ ඔබ කැමැති හරිත තේ කොළ, කුරුඳු, අසමෝදගම් හෝ කරාබුනැටි වගේ ඖෂධ වර්ගයක් පමණයි.

සාදා ගන්නේ මෙහෙමයි..

මුලින්ම බිත්තර භාජනයකට දමා ලිප තබන්න.
දැන් කටුව ඝනකම් වේ ගෙන එන විට සෙමින් තට්ටුවක් දාලා කටුව පලුදු වන සේ සකසා ගෙන බිත්තර තැම්බෙන වතුරට ඔබ කැමැති ඖෂධයක් එකතු කරන්න.
මේවා තේ බෑග් විදිහටත් එකතු කරන්න පුලුවනි. චීන ජාතිකයන් ඔවුන්ගේ හරිත තේ බෑග් මේ විදිහට තැම්බෙන ජලයට එකතු කරනවා.
දැන් බිත්තරය හොඳට තැම්බෙන තුරු තබන්න. කටුව ගලවලා බලද්දී බිත්තරය දුඹුරු පාටින් පෙනේවි.

චීන ජාතිකයන් මේ බිත්තරය නම් කරන්නේ “චයිනීස් මාබල් එග්” යනුවෙනුයි.

හැබැයි ඔවුන් බිත්තරයට මේ තරම් කැටයම් එකතු කරන්නේ නිකම්ම නොවෙයි, බිත්තරයේ තිබෙන සංතෘප්ත මේදය මේ ක්‍රමයට තම්බන විට අවම වෙන නිසයි.

කොහොමද චීන මොළේ... එහෙමනම් අපි මේ ක්‍රමයට “ශ්‍රි ලංකා මාබල් බිත්තර” කියලා නම් තබලා අපේ ආහාරයට එකතු කර ගනිමු.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1672 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:13 AM
Script:/article/1672/marble-eggs.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:54:14 AM
Script:/article/1672/marble-eggs.html