උදේ ආහාරයට නිකන්ම බිත්තර තම්බලා කනවට වැඩිය වෙනසක් කරලා කටට රසට සහ කුස පිරෙන ආකාරයට ලොව ප්‍රකට ආකාරයකට බිත්තර සකස් කරලා රස බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
බිත්තර 5
කුකුල් මස් ග්‍රෑම් 300
ලොකු ලූණු ගෙඩියක්
සුදු ලූණු බික් 2
අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
සූදුරු කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
ගරම් මසාලා තේ හැඳි 1
ලුණු සහ ගම්මිරිස් රස පදමට
කොත්තමල්ලි කොල මේස හැඳි 1
පාන් පිටි කෝප්ප 1/2
ගසාගත් බිත්තර 1
පාන් කුඩු
ගැඹුරු තෙලේ බැදීමට තෙල්
සාදන ආකාරය :
01. ඔබ කැමති ආකාරයට බිත්තර ටික (හාඩ් බොයිල්, සොෆ්ට් බොයිල්) තම්බා ගන්න. බිත්තර වල කටු ඉවත් කර පසෙකින් තබා ගන්න.
02. දැන් දැවටුම සාදා ගැනීමට කුකුල් මස්, කොටු කපාගත් ලූණු ගෙඩිය, සුදු ලූණු, ඉඟුරු, සූදුරු කුඩු, ගරම් මසාලා, ලුණු, ගම්මිරිස් සහ කොත්තමල්ලි කොල බ්ලෙන්ඩර් එකේ හෝ ප්‍රොසෙසර් එකේ දමා හොඳින් අඹරාගන්න.
03. දැන් පිටි, බිත්තර සහ පාක් කුඩු වෙන වෙනම බෝල් වල දමා තැවරුමට සූදානම් වෙන්න.
04. අඹරාගත් මස් ගුලියක් ගෙන අත්ලේ තබා තුනී කරගන්න. බිත්තරයක් පාන් පිටි වල තවරා තුනී කරගත් මස් මිශ්‍රණය මත තබා බිත්තරය මස් මිශ්‍රනයෙන් වසා ගන්න.
05. නැවත එය පිටි වල තවරා ඉන්පසු ගසාගත් බිත්තර සාරු වල තවරා අවසානයට පිටි වල තවරන්න.
06. බිත්තර සියල්ල මෙසේ සාදා ගන්න.
07.තෙල් රත් වෙන්න තබා බිත්තර ටික රන්වන් පැහැ වන තෙක් සාමාන්‍ය ගින්දරේ බැදගන්න.