පොඩි වෙනසක් කරලා චිකන් ව්‍යාංජනයක් හදමු.
අවශ්‍ය දේ :
සම ඉවත් කරන ලද චිකන් බ්‍රෙස්ට් 400g
ගම්මිරිස් කුඩු මේස හැන්දක් (පදම් කිරීමට) ඊට අමතරව තවත් තේ
හැන්දක්
ලුනු කුඩු තේ හැන්දක්
තෙල් මේස හැන්දක්
ලොකු බී ළූණු ගෙඩියක්
කෝන්ෆලවර් මේස හැන්දක්
අමුමිරිස් කරල් කීපයක්
වියලි මිරිස් කුඩු තේ හැන්දක්
පොල් කිරි කෝප්පයක්
චිකන් ස්ටොක් කෝප්පයක්
කරපිංචා සිහින්ව ලියා ගත් කෝප්ප 1/8 ක්
තක්කාලි ගෙඩියක්
කොත්තමල්ලි කොල ඉති කීපයක්
දෙහි ඇඹුල් තේ හැඳි 2
සාදන අන්දම :
01. මුලින්ම චිකන් බ්‍රෙස්ට් ටික ලොකු කැබලි වලට කපන්න. දැන් ඒවා ලුණු සහ ගම්මිරිස් අතගා මද වේලාවක් පදම් වෙන්න තබන්න.
02. තෙල් ලිප තබා පදම් කරන ලද චිකන් කැබැලි විනාඩි 20 ක් පමණ වේලා බදින්න. එනම් පැහැය වෙනස් වෙන තුරු බැද ගන්න.
03. දැන් තෙල් ලිප තබන්න. එයට ලියා ගත් ලොකු බී ළූණු ගෙඩියක් පෙති කපා දමන්න. ලුණු, අමු මිරිස්, වියළි මිරිස්, ගම්මිරිස්ද එකතු කරන්න.
04. චිකන් ස්ටොක් කෝප්පයට දෙහි ඇඹුල් තේ හැඳි දෙකත් එකතු කරන්න. කරපිංචා කොළ කෝප්ප 1/8 ද මෙයට එක් කරන්න.
05. පොල්කිරි මේ මිශ්‍රණයට එකතු කරන්න. කහ සහ ලුණු ස්වල්පයක්ද එකතු කරන්න.
06. කෝන්ෆලවර් මේස හැන්දක් වතුර මේස හැන්දක් සමග මිශ්‍ර කර ගෙන මෙයට එකතු කර කිරි පැසෙන තුරු වැසුමකින් වසා තම්බා ගන්න.
07. කිරි හොඳින් පැසුන විට බිමට ගන්න.
08. කොත්තමල්ලි කොළ, තක්කාලි ආදියෙන් සරසා ගන්න.
එන්.ඒ.පි.සි