හාදුවකින් වෛරසය බෝවේද?

January 29, 2017
7,449
How is Flu Spread?
සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හෝ ෆ්ලූ (flu) වෛරසය කෙනෙකුට වැළදෙන්නේ වැස්සට තෙමීමෙන් හෝ වැසි දිනකදී ස්නානය කිරීමෙන් නොවෙයි. හැබැයි තෙමෙන විටත් සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ශරීර ගතවී තිබුණානම් රෝගී වීම වඩාත් ඉක්මන් වෙනවා.

ඔබ දන්නවා ද?

දැනට සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරස දෙසිය ගණනක් තියෙන බව හඳුනාගෙන තිඛෙනවා. මෙම නිසා ප්‍රතිශක්තියක් ඇති වේවි කියලා කිව නොහැකියි. ඒත් සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකට ඇතිවන ප්‍රතිශක්තිය වෙනත් සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කරන්නේ නැහැ,

හාදුවකින් වෛරසය බෝවේද?

හාදුදීම නම් හොඳ ක්‍රියාවක්. නමුත් මේ ක්‍රියාවෙන් මේ වෛරස ශරීරගත නොවෙයි. කැස්සෙන්, කිවිසීමෙන් රෝග බීජ ශරීර ගතවේ. ඒ වගේම නිතර නාසය අල්ලන, ඇස් කසන, කට අල්ලන අය ඉන්නවානේ. විෂබීජ සහිත සෙම් බිඳිති දෑත්වල තැවරී ඇති විටෙක ඉහත කී ස්පර්ශ කිරීමෙන්ද රෝගය බෝවෙයි.

සෙම්ප්‍රතිශ්‍යාව ඇති විටෙක බඩ පිරෙන්න කෑම ඕනෙද?

පෝෂණයෙන් සමබර ආහාර වේලක් නිරෝගී විටද රෝගී විටද අවශ්‍යයි. නමුත් වැඩි වශයෙන් ආහාර ගැනීම කිසිම යහපතක් සිදුනොවේ. එළවළු සුප්පානයෙන් සහනයක් ලැඛෙන බව සොයාගෙන තිබේ.

රෝගයේ මුල් ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද?

උගුරේ ඇතිවන වියළි කටුක ස්වභාවය මෙහි මුලික ලක්ෂණයයි. දිගින් දිගටම කිවිසුම් යාම සුලභ ලක්ෂණයක්. නාසය හිරවීම, දියරමය සොටු ගැලීම, හිසරදය හා මාංශපේශි වේදනාව සුලබව දක්නට ලැබේ.

සටහන - අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 22 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:13 AM
Script:/article/22/how-is-flu-spread.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:46:13 AM
Script:/article/22/how-is-flu-spread.html