මේ කතාව පටන් ගන්නේ සෞඛ්‍ය රක්‍ෂණ සමාගමක් පවත්වාගෙන යන සාර්ථක ව්‍යාපාරිකයෙක්ගෙන්. දවසක් ඔහු ඔහුගේ කාර්යාලයට යාමට සූදානම් වෙමින් සිටියේ. නිවසින් එළියට ඇවිල්ලා කාර්‍යාලයට යන්න බලාගෙන ඔහු තමන්ගේ මෝටර් රථයට නගින්න දොර විවෘත කරනකොටම ඔහුගේ මෝටර් රථය යට නිදාගෙන හිටපු සුනඛයෙක් හදිසියේම පිටතට ඇවිල්ලා ඔහුගේ කකුල හැපුවා! සපා කෑම නිසා ව්‍යාපාරිකයා දැඩිව කෝපයට පත් වෙලා ඉක්මනින් ගල් කිහිපයක් අරගෙන බල්ලාට ගැහුවා. ඒත් එක ගලක් වත් බල්ලට හරියට වැදුණේ නැති නිසා බල්ලා එතනින් ඉක්මණින්ම පැනලා ගියා.
ඊට පස්සේ කාර්යාලයට පැමිණි ව්‍යාපාරිකයා වැඩ කටයුතු ආරම්භ කරන්න හිතන් තමන්ගේ කළමනාකරුවන්ගේ රැස්වීමක් කැඳෙව්වා. රැස්වීමේ අතරතුරදී සිද්ධ වුණේ බල්ලාත් එක්ක තිබ්බ කෝපය කළනාකරුවන් පිටින් යවපු එකයි. ඒක නිසා කළමනාකරුවන් ද කළේ ඔවුන්ගේ ලොක්කාගේ කෝපයෙන් කලබල වෙලා ඔවුන් යටතේ සේවය කරන සේවකයින් වෙත ඔවුන්ගේ කෝපය පළ කරන එකයි. මෙම ප්‍රතික්‍රියා දැක්වීම දාමයේ පහළ මට්ටමේ සේවකයින් දක්වාම ගලා ගියා. අවසානයේ කෝපය කාර්යාලයේ පියන් වෙත ළඟා වුණා.
පියන් යටතේ කිසි කෙනෙක් වැඩ කළේ නැනේ! ඉතින්, කාර්යාල වේලාව අවසන් වූණාට පස්සේ ඔහු තමන්ගේ නිවසට ආවා. ඔහුගේ බිරිඳ දොර විවෘත කරමින් ඔහුගෙන් ඇහුවා “ඇයි ඔයා අද පරක්කු වුණේ?” කියලා. එදා දවසේ කාර්ය මණ්ඩලය විසින් ඔහුට වෙතට හෙළපු පීඩනය නිසා තරහින් හිටපු පියන් එවෙලේම ඔහුගේ බිරිඳට පහරක් එල්ල කළා! “මම කාර්යාලයට ගියේ ෆුට් බෝල් ගහන්න නෙමෙයි, මම රස්සාවට ගියේ, ඒ නිසා ඔයාගේ මෝඩ ප්‍රශ්නවලින් මාව තවත් තරහා ගස්සන්න එපා!”.
ඉතින්, දැන් කිසිම හේතුවක් නැතිව ඇයට බැණ වැදීම හා කම්මුල් පහරක් ගැසීම ගැන ඔහුගේ බිරිඳ තරහින් කලබලයට පත් වුණා. ඇය ඒ වෙලාවේ රූපවාහිනිය නරඹමින් සිටි තමන්ගේ පුතා ගැන කෝපයක් ඇති කර ගෙන ඔහුට කම්මුල් පහරක් දෙමින් මෙහෙම කිව්වා. “ඔයාට ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නැ! දැන් රූපවාහිනිය ඕෆ් කරන්න! ”
ඒක නිසා ඊළඟට කලබල වෙන්නේ පුංචි පුතායි! ඔහු පහුවදා තමන්ගේ නිවසින් පිටතට යනකොට බල්ලෙක් ඔහු දෙස බලන් ඉන්නවා දකිනවා. හිතේ තිබ්බ තරහා පිට කරගන්න ඕනේ නිසා ඔහු ගලක් අතට අරගෙන කෝපයෙන් හා කලකිරීමෙන් යුතුව බල්ලාට පහර දෙනවා. ගල් පාර වැදුණු බල්ලා වේදනාවෙන් බුරමින් එතනින් පලා යනවා.
උදේ පාන්දරම ව්‍යාපාරිකයාව සපා කාපු බල්ලාත් එයාමයි.
පාඩම : අපේ ජීවිතය චක්‍රයක් වගෙයි. අප කරන කියන දේ නැවත අපිට කැරකිලා එනවා. හැමෝටම නෙලාගන්න ලැබෙන්නේ තමන් වපුරපු දේයි. ජීවිතය ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහටයි. අපි සියල්ලන්ම මරණින් පස්සේ අපායටද දිව්‍ය ලෝකයට ද යන්නේ කියලා කරදර වෙනවා. ඒත් දේ තීරණය වෙන්නේ අපි ජීවත් වෙලා ඉන්න කාලයේදී කරන කියන දේවල් මතයි. ඒ නිසා අපි ජීවත් වෙන ආකාරය හා හැසිරෙන ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. යහපත කළොත් ඔබ වෙතට යහපත් දේවල් පැමිණෙයි. වැරදි කළොත් ඔබ වෙතට එන්නෙත් අයහපතයි.