වරක් ගැහැණු ළමයෙක්ට හිතින් පමණක් ආදරය කරන තරුණයෙක් සිටියා. ඇය නගරයේ හිටපු තරුණියන්ගෙන් වඩාත්ම ලස්සන හා ආකර්ෂණීය තරුණිය නොවුණත්, ඔහුට නම් ඔහුගේ සියල්ලම ඇය විතරක් වුණා. ඒ නිසාම ඔහු ඇය ගැන සිහින මැව්වා, ජීවිතයේ ඉතිරි කාලය ඇය සමඟ ගත කිරීම ගැන සිහින දැක්කා. දවසක් ඔහුගේ මිතුරන් ඔහුට මෙහෙම කිව්වා. “ඇය ඔයාට ආදරය කරනවාද නැද්ද යන්න පවා නොදැන ඔයා ඇය ගැන මෙතරම් සිහින දකින්නේ ඇයි? මුලින්ම ඔයාගේ හැඟීම් ඇයට කියන්න. ඇය ඔයාට කැමතිද නැද්ද කියලා වත් අඩුම ගානේ දැන ගන්න”.
ඒක තමයි නිවැරදි මාර්ගය කියලා ඔහුට ද හැඟුණා. ඒ වගේම ගැහැණු ළමයාත් මුල සිටම දැන සිටියා මේ තරුණයා ඇයට ආදරය කරන බව. දිනක් ඔහු, තමන් ඇයට ආදරය කරන බව ප්‍රකාශ කළා. ඇය ඔහුව ප්‍රතික්ෂේප කළා. ඒ සිද්ධිය නිසා ඔහුගේ මිතුරන් සිතුවේ ඔහු මත්පැන්, මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වෙලා ඔහුගේ ජීවිතය විනාශ කර ගනීවි කියලා. ඒත් සිද්ධ වුණේ ඔවුන් පුදුමයට පත් කරවපු දෙයක්. ඇය යෝජනාව ප්‍රතික්ෂේප කළා කියලා ඔහු කිසිසේත්ම මානසික අවපීඩනයට පත් වුණේ නෑ.
ඔහු ඇයට ආදරය කරපු විදිහට දැන් දුක් නොවී ඉන්නේ කොහොමද කියලා මිතුරන් ඔහුගෙන් විමසූවා. එතකොට ඔහු පිළිතුරු දුන්නේ, “මට දුකක් දැනෙන්න ඕනේ ඇයි? මට කවදාවත් ආදරය නොකරන කෙනෙක් නේ මට අහිමි වුණේ. ඒත් ඇයට අහිමි වුණේ එයාට වැඩියෙන්ම ආදරය කළ සහ ඇයව රැකබලා ගන්න ඉදිරිපත් වුණ කෙනාවයි."
පාඩම : සැබෑ ආදරයක් ලබා ගැනීම දුෂ්කරයි. ආදරය කියන්නේ අනෙකාව ලබා ගැනීමේ කෑදරකමකින් තොරව අනෙකාට ලබා දෙන සුන්දර හැඟීමක්. ඉතින් ඔබ ආදරය කරන්න බලාපොරොත්තු වුණ කෙනා එය ප්‍රතික්ෂේප කරනවා නම් ඔහුට / ඇයට ජීවිතයේ වැදගත්ම දේයි අහිමි වෙන්නේ. ඒ නිසා ඔබ කිසි විටෙකත් දුකට පත් වන්න එපා.