ලග්නය අනුව ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය මේ වගේද බලන්න

October 26, 2020
17,772
See your lovers zodiac sign
අපි හැමෝටම උපතින්ම ලැබෙන ලග්නයක් තියනවා. ඒක අපේ ජීවිත වලට විවිධ ආකාර වලින් බලපානවා. ඒ වගේම අපිට කෙනෙක්ගේ චරිත ලක්ෂණ පවා හඳුනගන්න ඕනේ නම් බොහෝ වෙලාවට මේ ලග්න 12කින් සමන්විත රාශි චක්‍රය ඒකට උදව් කරගන්න පුළුවන්. ඒත් මේවා එක්ක 100%ක් නිශ්චිතවම කෙනෙක් ගැන තීරණය කරන්න අපිට බෑ. මොකද ඔබ මම ඇතුළු ඕනෙම මනුස්සයෙක් කියන්නේ නිතරම පරිණාමය වෙමින් ඉදිරියට යන කොටසක්. හොඳ වගේම නරකත් ඕනෙම මනුස්සයෙක්ගේ ඇතුළේ තියනවා. හැබැයි ආදරය කරද්දී අපිට නිරායාසයෙන්ම හැඟීමක් එනවා තමන් ආදරය කරන කෙනා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්නට.

සබඳතා කියන්නේ විවිධ හැඟීම් වල එකතුවෙන් මිශ්‍ර වෙලා තියන බඳුනක්. ඒ වගේම ආදරය කරද්දී ඔබ අනෙකාගෙන් අපේක්ෂා කරන දේවල් සහ නොකළ දේවල් ගොඩක් ඇති. ඒ දේවල් ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ළඟ තියනවාද කියලා ඔබ කවදා හරි ඔබේ අනාගත සහකරුගේ හෝ සහකාරියගේ රාශිය නැත්නම් ලග්නය ඔස්සේ සොයා බලලා තිබෙනවාද? මීට කලින් ඒ දේ ගැන හිතලා නැත්නම් අපි අද ඔබට ඒ ගැන කියන්නම්. මෙම එක් එක් ලග්නයෙන් කියවෙන සංඥා 100% ක්ම අදාළ නොවුණත්, ඒ හරහා ඔබේ සම්බන්ධතාවය පවත්වන පෙම්වතා හෝ පෙම්වතිය ගැන ඔබට යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. ආදරය, පක්ෂපාතිත්වය හෝ ධනය වගේම, ඔබ සහ ඔබේ සහකරු එකිනෙකාට සුදුසු ද කියලා ඔබට මේ කාරණා හරහා ඉඟියක් ලැබෙයි.

1. මේෂ
මෙම රාශියට අයත් පුද්ගලයින් ශක්තිමත් නායකත්ව කුසලතා, ආත්ම විශ්වාසය, ධනාත්මක ශක්තිය සහ නිර්මාණශීලිත්වය තමන් තුළින් විදහා දක්වනවා. ඇතැම් කාලයට දැඩි ලෙස ප්‍රසිද්ධියක් උසුලන ඔවුන්, තමන් සම්බන්ධ වෙන ඕනෑම දෙයකින් ලබා ගන්න ප්‍රතිඵල ගැන පැහැදිලි අපේක්ෂාවන් සහිතවයි ජීවත් වෙන්නේ. ඔවුන්ට ආදරය බොහෝ අවශ්‍ය වෙන අයයි. ඒ නිසාම ඔවුන් තුළ තරමක දරාගැනීමේ හැකියාවක් තිබෙන බව ඔබට පෙනෙන්නට තියෙයි. නමුත් ආදරයේ ගැඹුරට යද්දී ඔවුන්ගේ ප්‍රමුඛතාවන් තියෙන්නේ කොතැනද කියලාත් ඔවුන් දන්නවා.

2. වෘෂභ
රාශි චක්‍රයෙන් ආදරයට වඩාත්ම පක්ෂපාතී ලග්නයක් තමයි වෘෂභ. මේ ලග්න හිමියන් තමන්ගේ සබඳතාවලින් ද තමන්ට පක්ෂපාතිත්වය සොයනවා. ඔවුන් තමන්ගේ සහකරුවා සමඟ විවෘතයි වගේම සබඳතාවය හොඳින් පෙළගැස්වීමට කාලය ගත කරනවා. කේන්තිකාරයෝ බවට කීර්තියක් දරන මේ ලග්න හිමියන් ඔවුන්ගේ අවශ්‍යතාවයට අනුව සෑම දෙයක්ම ඉදිරියට යන්න ඕනේ කියලා විශ්වාස කරනවා. ඔබ වෘෂභ ලග්න හිමියෙක් සමඟ ආදරයෙන් බැඳී සිටිනවා නම්, ඔහු/ඇය ඔබව අවිශ්වාස කරනවා බොහෝම අඩුයි.

3. මිථුන
මිථුන ලග්නකරුවන් විනෝදකාමීයි වගේම බුද්ධිමත් සහකරුවන්. විනෝදය ඔවුන්ගේ පෞරුෂයේ දැවැන්ත අංගයක් නිසා ඔවුන් සතුටක් විඳින්න ලැබෙන වේලාවන් සඳහා වැඩි මුදලක් වැය කිරීමට පෙළඹෙනවා. එමනිසා ඔවුන් නිතරම සොයන්නේ තමන්ගේ ජීවිතයේ තීරණ වලට සමාන දායකත්වයක් ලබා දෙන සහකාරියක් හෝ සහකරුවෙක්වයි. එය වියදම්, නිවාඩු හෝ ඉතිරිකිරීම් වේවා ඕනෙම තීරණයක් වෙන්න පුළුවන්.

4. කටක
රාශි චක්‍රයේ තිබෙන ලග්න වලින් වඩාත්ම සංවේදී ලග්න හිමිකරුවන් තමයි මොවුන්. කටක ලගනයේ සහකරුවන් හා සහකාරියන් හැම වෙලාවේම බලාපොරොත්තු වෙන්නේ ආදරය, ආදරය සහ ආදරයමයි. ඒ හැර වෙන කිසිවක් ඔවුන් තමන්ගේ සම්බන්ධතා වලදී අපේක්ෂා කරන්නේ නෑ. විශේෂයෙන්ම ආදරය විසින් ඔවුන්ගේ ලෝකය පාලනය කරනවා. ඔවුන් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය මත මානසිකව රඳා පවතින තරමටම, ඔවුන් ද තමන්ගේ ආදර සම්බන්ධතාවයට පුද්ගලයෙක් විදිහට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. ඔබ කටක ලග්න හිමියෙක් සමඟ පෙම් සබඳතාවක් පවත්වනවා නම් ඒ ආදරය ගැන ඔබට කරදර වීමට කිසිම දෙයක් නැ!

5. සිංහ
සිංහ ලග්න හිමියන් උපත ලබලා තියෙන්නේම ලෝකයට නායකයන් වෙන්නයි. ඒ නිසා මොවුන් බොහෝ වෙලාවට අනිත් අයට අණ කිරීමට කැමතියි වගේම අනිත් අයගෙන් ගෞරවය ද බලාපොරොත්තු වෙනවා. ඔවුන් සම්බන්ධතාවයට පිවිසෙන්නේ සාම්ප්‍රදායික ප්‍රවේශයකින්. ඒ වගේම දේවල් සමඟ ගනුදෙනු කිරීමට ඔවුන්ට ඔවුන්ගේම කුඩා ක්‍රමයක් තියනවා. ඔවුන්ගේ පක්ෂපාතීත්වය ප්‍රස්ථාරවල ඉහළින් තබාගෙන සිටිනවා.

6. කන්‍යා
මෙම ලග්න වලින් කියවෙන පෘථිවි සංඥා කියන්නේ පරිපූර්ණත්වයේ පන්දම් දරන්නන් වන අතර ඒවා කරදර සහිත ද වෙනවා. පිළිවෙලට ඉන්න පිළිවෙලට අඳින-පළඳින කෙනෙක් නම්, එම පුද්ගලයා කන්‍යා ලග්න හිමියෙක් වෙන්න පුළුවන්. තමන් ගැන ඕනෑවට වඩා විවේචනය කර ගන්න ඔවුන් ආදරණීය හැඟීම්, සහයෝගය සහ පක්ෂපාතිත්වය ආදී දේවල් ඔවුන්ගේ හවුල්කරුවන්ගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා.

7. තුලා
තුලා ලග්න හිමියන්ගේ ජීවිතයේ මුලින්ම තියෙන්නේ මනසේ සාමය සහ ඔවුන්ගේ වෘත්තියයි. ඔවුන්ගේ ජීවිතයේ අනාගත අරමුණු, වර්තමාන අපේක්ෂාවන් පිළිබඳව ඔවුන් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කරනවා. ඒ අතර ඔවුන්ගේ සහකරුවාගෙන් හෝ සහකාරියගෙන් ද ඒ ගති ගුණය අපේක්ෂා කරනවා. ආදරයේදී මුලින්ම විවෘත වෙන්න ඔවුන් ටිකක් මැලි කමක් දක්වනවා. ඒත් එක වරක් ආදරයේ පොකුණට බැස්සාට පස්සේ ඔවුන් ආපසු හැරී බැලීමක් කරන්නේත් නෑ.

8. වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන් සරාගියි, වේගවත් සහ අභිරහස් පුද්ගලයන් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ආදර සම්බන්ධතාවයක් පවත්වනකොට ඉහළ ඉල්ලුමක් ද කරනවා. ඔබටත් ඉන්නේ එහෙම පෙම්වන්තයෙක් හෝ පෙම්වතියක් නම් සමහර වෙලාවට ඔබ හැඟීම් විරහිත පුද්ගලයලයෙක් සමඟ‍ පෙම් සබඳතාවක් පවත්වනවා දෝ කියලා ඔබට හැඟෙන්නට පුළුවන් ; කෙසේ වෙතත් ඒ වගේ හැඟීමක් පැමිණෙන්නේ ඔබට ඔබ ගැනම අනාරක්ෂිතභාවයක් දැනුනාමයි. මෙම රාශිය ආදරය හා පක්ෂපාතීත්වය අතිමහත්ව පිරුණු භාජනයක් වගේ.

9. ධනු
ස්වභාවයෙන්ම වික්‍රමාන්විත චරිත ලක්ෂන දරන ධනු ලග්න හිමියන් ධනවත් වීම දෙසට ටිකක් නැඹුරු පුදගලයින් ද වෙනවා. ඒ වගේම ඔවුන් විසින් සම්බන්ධතාවයකදී ප්‍රදර්ශනය කරන වඩාත් අත්‍යවශ්‍ය ගුණාංග වන කැපවීම සහ අවංකභාවය තමන්ගේ සහකරුවාගෙන් හා සහකාරියගෙන් ද අපේක්ෂා කරනවා.

10. මකර
ඔබ මකර ලග්න හිමියෙක් නම් ඔබ මේ වෙද්දිත් ඔබේ ජීවිතයේ ඊළඟ අවුරුදු දහය ගැන සැලසුම් සකස් කරලා ඉවර ඇති. ඒ නිසා ඔබට කිරීමට අවශ්‍ය දේවල් සහ ජීවිතයේ ඉදිරියට යා යුතු ස්ථානය මොකක්ද කියලා ඔබ හරියටම දන්නවා. ආරක්ෂාව සහ ස්ථාවරත්වය කියන්නේ ඔබේ ජීවිතයේ පළමු මන්ත්‍රයයි.

11. කුම්භ
කුම්භ ලග්නයෙන් නියෝජනය කරන්නේ ජලජ ජීවීන්වයි. ඉතින් ඒ වගේ පුද්ගලයින් ජීවිතයේ කලබල සහ සංකූලතා වලට කැමති නෑ. ඔවුන් කැමති ඕනෑම දෙයක් කිරීමට නිදහස, ස්ථාවරත්වය සහ නිදහස භුක්ති විඳින්නයි.

12. මීන
මීන ලග්න හිමියන් තමන්ගේ ආදරවන්තයාගෙන් හෝ ආදරවන්තියගෙන් බලාපොරොත්තු වන්නේ ආපසු හැරවෙන්නේ නැති ආදරයක් පමණයි. විශේෂයෙන්ම මොවුන් තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟ පර්වතයක් වගේ ස්ථාවරව ඉන්නවා. ඒ අතර අනෙකා කරදරයට පත් වෙන ඕනෙම වෙලාවක උදව් කිරීමට හෑම වෙලාවේම මීන ලග්නකරුවන් පෙළඹෙනවා. ප්‍රේමය ඔවුන්ගේ ලෝකය පාලනය කරන අතර, ඔවුන් සම්බන්ධතාවයකදී බලාපොරොත්තු වන එකම දේත් ප්‍රේමය විතරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1888 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:28:52 PM
Script:/article/1888/see-your-lovers-zodiac-sign.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:28:52 PM
Script:/article/1888/see-your-lovers-zodiac-sign.html