ගුණ ගැන දැනගෙන හත්මාළුව අවුරුදු මේසයට එක් කරමුද?

April 8, 2017
21,924
Hath Maluwa Sinhala Food Recipe
සිංහල අලුත් අවුරැදු කෑම මේසයට නැතිවම බැරි කෑමක් හත්මාළුව. ඈත අතීතයේ පටන්ම සිංහල අවුරැදු කෑම මේසයේ විශේෂ තැනක් හිමිකරගත් හත්මාළුව අදටත් පිළියෙළ කෙරෙනවා. එය රසවත් ව්‍යාන්ජනයක් වුවත් හත්මාළුව ඖෂධීය ගුණයෙන් යුක්තයි. පළාතෙන් පළාතට හත්මාළුවට ගන්න ද්‍රව්‍ය වෙනස් වෙනවා. මේ කියන්නේ එහෙම හදන හත් මාළුවේ ගුණ ගැන.

හත්මාළුව හදන ක්‍රමය පලාතෙන් පලාතට වෙනස් වුණත් ගන්නා ආහාර ද්‍රව්‍යවල පොදු බවක් තිබෙනවා. ඒ සදහා ගන්නේ එළවළු (ගෙඩි, කරල්), ඇට වර්ග, අල වර්ග, පලා වර්ග හා ධාන්‍ය වර්ගයි. කුමන පලාතක වුවත් ද්‍රව්‍ය හතක් ඊට එක් කෙරෙනවා. මේ නිසා පෝෂණ ගුණය මෙන්ම ඖෂධ ගුණයත් නොඅඩුව ලැබෙනවා. හත්මාළුවේ කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනජ ලවණ, ජලය ආදි පෝෂක කොටස් අඩංගුයි. ඒ වගේම පැණි රස, තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස, කසාය රස, කුළු රස ආදී රස හයකින්ද යුක්තයි. මේ නිසා හත්මාළුව සමබල ආහාරයක් ලෙස හදුන්වන්න පුළුවන්.

හත්මාළුවට ගත හැකි දේවල්

හත්මාළුවක් පිළියෙල කරගන්නා විට ඊට බොහෝ ආහාර ද්‍රව්‍ය භාවිතා කළ හැකියි. එක් එක් පලාතට ආවේණික ආහාර ද්‍රව්‍ය යොදාගනිමින් හත්මාළුව සකස් කරගැනීමට හැකියි. කොස් ඇට, වට්ටක්කා දලු, වට්ටක්කා, බටු, අලු කෙසෙල්, බතල, තම්පලා, චවු චවු, මුකුණු වැන්න, කන්කුන්, සාරණ, කොහිල, බෝංචි, කජු, තිබ්බටු, මෑකරල් කතුරැ මුරැංගා කොළ, කතුරැමුරැංගා මල්, කැරට්, කව්පි, පරිප්පු, කිරිඅල, මඤ්ඤොක්කා වැනි එළවළු, පලා වර්ග හා ඇට වර්ගවලින් හත් වර්ගයක් මේ සදහා ගත හැකියි. මිට අමතරව සුදුළුණූ, කරපිංචා, ඉගුරැ කැබැල්ලක්, කොත්තමල්ලි, මිරිස් කුඩු, කුරැදු පොත්තක්, ගම්මිරිස්, උළුහාල්, අමුමිරිස්, රතුළුණූ, සියඹලා, සූදුරැ, මාදුරැ, මිටිකිරි ආදිය එක් කිරීමෙන් තව තවත් රසවත් කර ගැනීමට හැකියි.

හත්මාළුවේ ගුණ

අවුරැදු කාලයට හදන සෑම කෑමක්ම පාහේ තෙල් අධික, පිටි අධික, සීනි අධික ආහාරයි. මෙවැනි ආහාර ගැනීමෙන් බඩ පුරවා දැමීම, උදරයේ බර ගතිය, ආහාර නොදරවීම, කොලෙස්ටරෝල් වැඩිවීම, හිස කැක්කුම වැනි අපහසුතා ඇති කරවයි. හත්මාළුව මගින් මෙවැනි ශාරීරික අපහසුතා අවම කරයි. මගහරවයි.

කුළුබඩුවල ගුණ

හත්මාළුව රසවත් කරගැනීමට ගන්නා කුළු බඩු වර්ග වල හා අනෙක් ද්‍රව්‍යවල ඇති ඖෂධීය ගුණය එකින් එක වෙන්කර ගත හැකියි.

සුදුලූණු - ආහාර දිරවීම පහසු කරන අතර හෘදයට සුවය දෙයි.

ඉගුරැ - ආහාර දිරවීම පහසු කරයි. ආහාරයේ ඇති තෙල්, පිටි, සීනි ඉවත් කරයි.

කරපිංචා හා රම්පේ - කොලෙස්ටරෝල් හා සීනි ඉවත් කරයි. අනවශ්‍ය විස කොටස් ඉවත් කරයි.

කොත්තමල්ලි - වකුගඩුවලට හිතකරයි. මුත්‍රා හොදින් පෙරීම කරයි. උණුසුම් කාලයට ඉතා ගුණදායකයි.

සූදුරැ හා මාදුරැ - ආහාර හොදින් දිරවා ජීර්ණ ශක්තිය වැඩි කරයි.

උළුහාල් - අනවශ්‍ය මේදය ඉවත් කරයි.

ගම්මිරිස් - උෂ්ණ ගුණය අවම කරයි.

කුරැදු පොතු - ආහාරයේ ඇති සීනි ප්‍රමාණය අඩු කරයි.

තක්කාලි, අමුමිරිස්, සියඹලා - විටමින් වර්ග ලබාදෙයි.

මීට අමරතව හත්මාළුවට යොදන කුළු බඩු වර්ග අක්මාවට හා වකුගඩුවලට හිතකරයි. කෙදි සහිත ආහාර වැඩි වීමෙන් ආහාර හොදින් දිරවා මලබද්ධය වළක්වයි.

ගුණ ගැන දැනගෙන හත්මාළුව අවුරුදු මේසයට එක් කළානම් හොදයි කියලා හිතෙනවා නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 196 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:17:28 AM
Script:/article/196/hath-maluwa-sinhala-food-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:17:28 AM
Script:/article/196/hath-maluwa-sinhala-food-recipe.html