සතුට හා දුක වෙනස් වූයේ..

June 22, 2021
2,584
How happiness and sadness changed
තම නගරයෙන් පිටතට ගිය මිනිසෙක් ආපසු පැමිණෙද්දී ඔහුගේ නිවස ගිනිගෙන ඇති බව දැක්කා. එය නගරයේ ලස්සනම ගෙයක් වූ නිසා මේ මිනිසා නිවසට වඩාත්ම ආදරය කළා. නිවස සඳහා දෙගුණයක මිලක් දීමට බොහෝ දෙනෙක් සූදානම්ව සිටියද ඔහු කිසි විටෙකත් කිසිදු මිලකට එකඟ නොවූ අතර දැන් එය ඔහුගේ ඇස් ඉදිරිපිට දැවෙමින් තිබෙනවා. මිනිසුන් දහස් ගණනක් එක්රැස් වී සිටියද කිසි කෙනෙකුට කිසිවක් කළ නොහැකි වුණා. ගින්න අධික ලෙස පැතිරුණු අතර ඔහු එය නිවා දැමීමට උත්සාහ කළත් කිසිවක් ඉතිරි වුණේ නැහැ. එබැවින් ඔහු ඉතා දුක් පත් වුණා.

ඔහුගේ පුතා දුවගෙන ඇවිත් ඔහුගේ කනට කර යමක් කිව්වා, “කරදර වෙන්න එපා. මම ගෙය ඊයේ ඉතා හොඳ මිලකට විකුණුවා. සමාවෙන්න මට ඔබට කියන්න බැරි වුනාට."

එතකොට තාත්තා කිව්වා, “දෙවියන්ට ස්තුති කරන්න, ගේ දැන් අපේ නෙමෙයි!” කියලා. ඉන්පසුව ඔහු සැහැල්ලුවෙන් නිහඬව සිටියා.

එවිට දෙවන පුතා දුවගෙන ඇවිත් පියාට කතා කොට, '' ඔයා මොකද කරන්නේ? නිවස ගිනිගන්නවා. ඔයා ගෙදර දැවෙන ආකාරය බලා සිටිනවාද? ” එතකොට පියා මෙසේ කිව්වා, “ඔබ දන්නේ නැද්ද? ඔබේ සහෝදරයා එය විකුණලා.”

ඔහු මෙලෙස පැවසුවා, “ ගෙය විකුණුවාට අපි ලබාගෙන ඇත්තේ අත්තිකාරම් මුදලක් පමණයි. ඒ මිනිසා දැන් ගෙය මිලදී ගැනීමට කැමති වේ දැයි මට සැකයි. ”

අතුරුදහන් වූ කඳුළු නැවත පියාගේ දෑස් වෙතට පැමිණියා. ඔහුගේ හදවත වේගයෙන් ගැසීමට දීමට පටන් ගත්තා. එවිට තුන්වන පුත්‍රයා පැමිණ, “ඒ මනුස්සයා ඔහුගේ වචනය රකින මනුස්සයෙක්” යනුවෙන් පැවසුවා. ගෙය මිලදී ගත් මිනිසා මෙසේ පවසා තිබුනා, “නිවස ගිනිගනීවි යැයි බවවත් මා වත් කල් තියා දැන සිටියේ නෑ. දැන් එය මගේ යි. මම පොරොන්දු වුනු මිල ගෙවන්නෙම්.”

පියා සහ සියල්ලෝම නිවස ගිනිබත් වන ආකාරය කලබල නොවී බලා සිටයා.

මෙහි පණිවිඩය :
මේ කතාවෙන් මිනිස් මනස මොන වගේද කියලා හොඳින් පැහැදිලි කරනවා. මෙහි එන පුද්ගලයා ඔහු ආදරය කරන නිවස ගිනිගද්දී, එය ඔහුගේ නොවේ යැයි දැන්ගත් විට ඔහු කලබල වීම නැවතුනා. නිවස ලස්සන නිසා ඔහු එය කීයටවත් දෙන්නට කමැති වුනේ නෑ. එහෙත් එය පිලිස්සී අවලස්සන වූ විට, ලාබයක් අතිව එය විකිනීමට ඔහු අක්මැති වුනේ නෑ. දුක සහ සතුට පුතුන් විටින් විට පැමිණ පැවසූ දේ අනුව වෙනස් වුනා. මෙහි වැදගත්ම දේ තමයි, ඔහුගේ හැඟීම් වෙනස් වූ ආකාරය. ඔහු එතරම් ආදරය කළ නිවස ගැන ඔහු තුල හැඟීම් උස් පහත් වූ ආකාරය. මෙන්න මේ වගේ තමයි අද කාලයේ අපි අපේ බැඳීම් වලට, මිත්‍ර කම් වලට අපේ ජීවිතයේ තැනක් දෙන්නේ. මෙයින් ඔබේ ජීවිතයටත් අරුතක්, පාඩමක් එක් කර ගත්තා නම්, එයයි අපේ සතුට.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1995 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:12 AM
Script:/article/1995/how-happiness-and-sadness-changed.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:12 AM
Script:/article/1995/how-happiness-and-sadness-changed.html