රිදුන හිත හදාගෙන අලුත් සබදතාවයක් පටන් ගන්න කලින් අමතක නොකර මේ දේවල් ටික කරන්න

April 10, 2017
12,555
6 things every lady should do before starting a new relationship
ආදරය විරහවක් උනාම ඕනෙම කෙනෙක්ට ලේසියෙන් හිත හදාගන්න අමාරුයි. නමුත් කොච්චර අපහසු උනත් ඔබ ඒ යථාර්තයට මුහුණ දිය යුතුයි. මේ නිසා ඔබ මානසිකවත් ශාරීරිකවත් ශක්තිමත් වීම අවශ්‍යම දෙයක්. කවදාවත් හිතන්න එපා විරහව කියන්නේ ජිවිතයේ හැම දෙයකම අවසානය කියලා. සමහර විට එය ඔබේ ජිවිතයේ සුන්දරම ආරම්භය විය හැකියි. මේ නිසා අලුතින් ඔබේ ජිවිතයට එන දේවල් සතුටින් බාරගන්න. නමුත් ඊට කලින් මේ දේවල් ටික කරන්න අමතක කරන්න එපා.

1. හොද ජිවිත සැලැස්මක් හදාගන්න

අපේ ජිවිතයට වැදගත්ම පාඩම් කියලා දෙන්නේ අපි අතින් සිදුවෙන වැරදීම්. ජිවිතයේ වැරදි වලින් පාඩම් ඉගනගෙන නැගිටින මිනිස්සුන්ව නැවත වට්ටන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මේ නිසා මේ තමයි ඔබේ ජිවිතේ සැලසුම් කරන්න ඔබට ඇවිත් තියන හොදම අවස්ථාව. ඔබට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් සකස් කරන්න. ඒ දේවල් ලබාගන්න අවශ්‍ය දේවල් කරන්න. මේ අතරතුර ඔබේ ජිවිතයට ගැළපෙනම කෙනා ඔබව සොයාගෙන ඒවි.

2. සමාව ඉල්ලන්න පුරුදු වෙන්න

තමන්ගේ අතින් සිදුවෙන වැරදි වලට සමාව ඉල්ලන්න පුරුදු වෙන එක ඇත්තටම හොද දෙයක්. සමහර විට ඔබේ කලින් සබදතාවය අවසාන වෙන්න ඔබේ යම් යම් ගතිගුණත් හේතු වෙන්න ඇති. මේ නිසා තමන්ගේ වැරදි වලට සමාව ඉල්ලන්න පුරුදු වෙන එක ලැජ්ජාවට කාරණාවක් නොවෙයි. එය ඔබේ ජිවිතයට අවශ්‍ය කරන හොද පුරුදු ගණනාවකටම ඔබට මග පෙන්නාවි.

3. අතීතය අමතක කරන්න

ගොඩක් අයට ජිවිතේ හොදම අවස්ථාවන් මග හැරෙන්නේ ඔවුන් අතීතය තුලම ජිවත් වෙන නිසා. ඔවුන් අතීතයේ අහිමි වුන දේවල් ගැන හිත හිතම වර්තමානය ගත කරනවා. ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ ජීවිතයට එන්න තිබුන හොද දේවල් ඔවුන්ව පසු කරගෙන බොහෝ දුර ගිහින්. මේ නිසා අතීතය අතීතයටම බාරදීලා ඔබ වර්තමානයේ ජිවත් වෙන්න අනාගතය සැලසුම් කරන්න.

4. මග හැරුන දේවල් නැවත එක් රැස් කරගන්න

සමහර විට ඔබ මෙතෙක් ගතකරපු ජිවිතයේ ඔබ ලබාගත යුතුව තිබුන බොහෝ දේවල් ඔබට මගහැරිලා තියෙන්න පුළුවන්. දැන් ඔබ නිදහස් ඔබට පුළුවන් ඒ දේවල් ලබාගන්න ඔබේ උත්සාහය යොදවන්න. ඔබේ අධ්‍යාපන කටයුතු, රැකියාවේ කටයුතු පවුලේ කටයුතු මේ හැම තැනකදීම ඔබට අතපසු වුන හැම දෙයක්ම නැවත ලබාගන්න කාලය වැය කරන්න.

5. ජිවිතයට එන අලුත් දේවල් බාරගන්න

ඔබේ ජීවිතය බොහෝ දේවල් අලුතින් එක් විය හැකි කාලයක් මේක. මේ නිසා පරණ දේවල් ගැන හිත හිත අලුත් දේවල් ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබට ලැබෙන හැම හොද අවස්ථාවකම ලබාගන්න.

6. ඔබේ පවුල, මිතුරන්, නෑදෑයන් සමග සමීප වෙන්න

ඔබට එය විශාල මානසික ශක්තියක් ගෙනදේවි. නමුත් හොදින් තෝරාගන්න ඔබට සැබෑවටම ආදරය කරන අයව. නැත්නම් වෙන්නේ ඔබ තව තවත් මානසිකව පිරිහීමයි. මේ නිසා ඔබට ආදරය කරන අය සමග වැඩි කාලයක් ගත කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 205 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:43:09 AM
Script:/article/205/6-things-every-lady-should-do-before-starting-a-new-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:43:09 AM
Script:/article/205/6-things-every-lady-should-do-before-starting-a-new-relationship.html