චොකලට් මූස්

February 12, 2019
5,420
Chocolate Moose Recipe
චොකොලට් කන්න ආස අයට හරි විදිහට ස්මූත් අතුරුපසක්

අවශ්‍ය ද්‍රව්‍ය (6 දෙනෙකුට) :

බිත්තර කහ මද 4
සිහින්ව ග්‍රයින්ඩ් කරගත් සීනි කෝප්ප 1/4
විපින් ක්‍රීම් කෝප්ප 2 1/2
අර්ධ පැණිරස කුකින් චොකලට් (සිහින්ව කපා ගත් ) ග්‍රෑම් 225
වැනිලා රසකාරක තේ හැඳි 2

පිළිගැන්වීමට :

සිහින්ව හූරා ගත් චොකලට්
විප් ක්‍රීම්

සාදන ක්‍රමය :

01. බිත්තර කහ මද ටික විනාඩි 3ක් උකු වන තෙක් බීට් කරගන්න. බීට් කරමින් ටිකෙන් ටික සීනි ටිකත් එකතු කරන්න. එය පසෙකින් තබන්න.

02. විපින් ක්‍රීම් කෝප්ප 1ක් කුඩා සෝස්පෑන් එකක රත් කරන්න. එයින් බාගයක ප්‍රමණයක් බිත්තර මිශ්‍රණයට දමා මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර වූ පසු පෑන් එකේ ඇති එය ඉතිරි විපින් ක්‍රීම් එකට එකතු කරන්න. අඩු ගින්දරේ හැඳි ගාමින් විනාඩි 5ක් රත් කර ගන්න.

03. වැනිලා එකතු කරන්න. සිහින්ව කපා ගත් චොකලට් ටික කොටස් තුනකට වෙන් කර, කොටස් තුන එක කොටසකට පසු අනෙත් කොටස කිරි එකට එකතු කරමින් අඩු ගින්දරේ සම්පූර්ණයෙන් දිය කරගන්න.

04. ලොකු බෝල් එකකට මිශ්‍රණය දමා පැය 1 1/2ක් - 2ක් ශීතකරණයේ හැම විනාඩි 30 කට සැරයක් විස්කර් එකකින් හෝ හැඳකින් කලතමින් තබන්න.

05. මිශ්‍රණය සම්පූර්ණයෙන් සිසිල් වුනු පසු ශීතකරණයෙන් එලියට ගන්න.

06. ඉතිරි විපින් ක්‍රීම් කෝප්ප 1 1/2 ඝණ වනතුරු හොඳින් බීට් කරගන්න. විප් ක්‍රීම් ටික චොකලට් මිශ්‍රණයට එකතු කරන්න. බීට් කරන්න එපා.

07. කුඩා වීදුරු වලට පයිපින් බෑග් එකකින් හෝ හැන්දකින් මූස් දමා ඒ මතට විප් ක්‍රීම් සහ සූරා ගත් චොකලට් එකතු කර පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1262 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:25:03 AM
Script:/article/1262/chocolate-moose-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:25:04 AM
Script:/article/1262/chocolate-moose-recipe.html