මේ නිසයි ඔබ සුදුසු අවස්ථාවන් වලදී අනිවාර්යෙන්ම ශරීරයේ විෂහරණයක් සිදුකර ගත යුත්තේ

April 25, 2017
4,982
6 Signs You Need To Detoxify Your Body Now
අපි එදිනෙදා භාවිතා කරන බොහෝ දේවල් වලින් වගේම කරන කියන දේවල් නිසාත් අපේ ශරීරයට නොයෙකුත් විස වර්ග ඇතුළු වෙනවා. අද අපි කෑමක් බීමක් ගත්තත් හුස්ම ගත්තත් අපේ සිරුරට විස දේවල් ඇතුළු වෙනවා. ඉතින් මේ අතුරින් බහුතරයක් විස ද්‍රව්‍ය ස්භාවිකවම අපේ සිරුරෙන් ඉවත් වෙනවා. නමුත් සමහර දේවල් පහසුවෙන් අපේ සිරුරෙන් ඉවත්ව යන්නේ නැහැ. මේ වගේ වෙලාවට අපේ සිරුරම අපිට යම් යම් පණිවිට නිකුත් කරනවා සිරුරේ තියන විස ද්‍රව්‍ය ඉවත් කරගන්නා ලෙස. බොහෝ විට ශරීරයට දැනෙන අලස බව, හිසරදය, බඩේ අමාරු, සිරුරට දැනෙන පණ මදි ගතිය තමයි සිරුර අපිට නිකුත් කරන සංඥාවන් වෙන්නේ. මේ වෙලාවට අපි මේ තත්වය හදුනාගෙන අනිවාර්යෙන්ම විෂ හරණයක් සිදු කර ගත යුතුයි. එවිට අපිට පුළුවන් බොහෝ කාලයක් ලෙඩ රෝග වලින් තොරව නිරෝගිව කාලය ගත කරන්න.

1. රාත්‍රී කාලයේ නින්ද නොයෑම

අපේ සිරුර රාත්‍රී කාලයේදී තමයි ශරීරයේ පැවැත්මට උපකාරී වෙන කටයුතු බොහොමයක් වගේම සිරුරේ අභ්‍යන්තරයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කර ගන්නේ. ඔබ කිසිම හේතුවක් නොමැතිව රාත්‍රියේ එකම වෙලාවකට එකපාරටම නින්දෙන් අවදි වෙනවා නම් සහ මෙය දිගින් දිගටම සිදුවෙනවා නම් එයින් අදහස් වෙන්නේ ඔබේ සිරුරේ වැඩි විස ප්‍රමාණයක් තිබෙන බවයි.

2. හුස්ම ගැනීමේ අපහසුතා

ඔබට කිසියම් ආකාරයක හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා නම් ඔබ ඉක්මනින්ම ශරීරයේ විෂහරණයක් සිදුකර ගත යුතුයි.

3. ශරීරයේ ඇතිවෙන කැක්කුම් සහ වේදනාවන්

අපේ ශරීරයේ එකතු වෙන විස වර්ග වලට පුළුවන් අපේ මාංශ පේශීන් වලට වගේම අස්ථි වලටත් බලපෑමක් ඇති කරන්න. මේ නිසා නොකඩවා ඔබේ සිරුරේ වේදනාවන් සහ කැක්කුම් ඇති වෙනවා නම් එයින් අදහස් වෙන්නේ ඔබේ සිරුරේ විස එකතු වී ඇති බවයි.

4. කළකිරීමක් වැනි හැගීමක් ඇතිවීම

අපේ ශරීරයේ වැඩි වශයෙන් විස ද්‍රව්‍ය එක්වූ විට අපිට දැනෙනවා ශරීරයට පන මදි ගතියක් වගේම කලකිරීමක් වැනි ස්භාවයක්. මේ නිසා ඔබට සමහර විට මානසික පීඩනයක් වගේම කාංසාමය තත්වයකුත් දැනෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට ඔබ මේ ගැන වැඩි අවධානයක් යොමු කර ශරීරයේ විෂහරණයක් සිදුකර ගන්න.

5. මල බද්ධය

මල බද්ධය ඔබ සිරුරේ විස එකතුවී තිබෙන බවට සංඥාවක් වගේම එය ඔබව මහත් අපහසුතාවයකට පත් කරන්නක්. මොකද ඔබේ සිරුරේ විස ද්‍රව්‍ය ඉවත්ව යන එක් ක්‍රමයක් තමයි මළපහ පිටකිරීම. එය අවහිර වීමෙන් ඔබ පත්වෙන්නේ විශාල ගැටලුවකට. මේ නිසා මෙවැනි තත්වයක් ඇති වුවහොත් ඉක්මනින් ශරීරයේ විෂහරණයක් සිදුකර ගන්න.

6. සමේ ඇතිවෙන අසාත්මිකතාවයන්

ඔබේ ශරීරයට විෂ හරණයක් සිදුකර ගත යුතු බවට ඔබව දැනුවත් කරන තවත් දෙයක් තමයි සමේ ඇතිවෙන විවිධ ආසාත්මික තාවයන්. කුඩා බිබිළි, සමේ ඇතිවෙන කැසීම්, විසප්පු මේ වගේ දේවල් ඔබේ සම මතුපිට ඇතිවිය හැකියි. එවිට ප්‍රමාද නොවී ශරීරයේ විෂ හරණයක් සිදුකර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 239 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:36:34 AM
Script:/article/239/6-signs-you-need-to-detoxify-your-body-now.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:36:34 AM
Script:/article/239/6-signs-you-need-to-detoxify-your-body-now.html