විලුඹ පැලෙනවට මොකද කරන්නේ?

May 2, 2017
9,379
Home Remedies for Cracked Heels
කාන්තාවන්ට තියෙන ලොකු ගටලුවක් තමයි විලුඹ පැලෙන එක. කොට සායක් ඇඳලා ලස්සන සපත්තු දෙකක් දාලා අපිට කැමති විදිහට ලස්සන වෙන්න හරිම අමාරුයි මේ විදිහට විලුඹ පැලිලා තියෙනකොට. පරිසර සාධක වගේම අපි ශරීර අභ්‍යන්තර සාධකත් බලපානවා මේ විදිහට විලුඹ පැලෙන්න. හැමවෙලේම හොඳින් වතුර බොන්න ඕනේ කොහොමත් මුළු සමම නිරෝගිව තියාගන්න. ඒ එක්කම පැලිලා තියෙන විලුඹට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් ප්‍රතිකාරයක් ඔන්න අපි අද කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

ලිස්ටරින් කෝප්ප කාලක්
විනාකිරි කෝප්ප කාලක්
උණු වතුර කෝප්ප භාගයක්

මේ සියල්ල හොඳින් මිශ්‍ර කරලා, මේ මිශ්‍රණයේ කකුල් දෙක දාගෙන ඉන්න විනාඩි 10-15ත් අතර කාලයක්.

ඊට පස්සේ වතුර ගතිය රෙදි කැබැල්ලකින් පිහිදන්න. විලුඹ අවට පැලෙන්නේ මැරුණු සම රැඳිලා තියෙන නිසානේ. විලුඹ අවට මැරුන සම ටිකෙන් ටික ඉවත් වේවි. මේ විදිහට සතියට තුන් වතාවක් මාස තුනක් විතර කරන්න. ඔබ දන්නෙම නැතිව විලුඹේ සම සිනිදු වෙලා තියේවි.

ඔබට තවදුරත් කකුල් පෙන්න අඳින එක ලැජ්ජාවට කාරණාවක් නොවේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How magnesium help us to have a better sleep
   213
   176

මැග්නීසියම් (magnesium) අපේ නින්දට උදව් කරන්නේ කොහොමද..

අප අතර සිටින බොහෝ දෙනා නිතර කියන දෙයක් තමයි කොච්චර ට්‍රයි කලත් මට හොඳ නින්දක් ලබා ගන්න බැහැනේ කියලා.. අපි බලමු කොහොමද මැග්නීසියම් අපිට සුව නින්දක් ලබා දෙන්නෙ කියලා..
Sri Lankan Pickle (Sinhala Achcharu)
   27,935
   114

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Get rid of wrinkles that makes you look older
   3,856
   110

ඔබ වියපත් කරන සමේ රැලි වැටීම් අවම කර ගන්නේ මෙහෙමයි

කවුරු වුනත් උත්සාහ කරන්නේ තමන්ගේ තරුණ පෙනුම රැක ගන්න. සමේ තෙතමනය රැක ගනිමින් රැලි වැටීම් අවම කරන මේ ස්වාභාවික සත්කාර ඔයත් අදම try කරන්න
Mung Kawum Recipe
   5,215
   95

මුං කැවුම් - Recipe

සිංහල අවුරුදු කෑම
Secrets to take out the beauty in you
   6,953
   85

ඔයාගේ හැඩ-වැඩ වැඩි කර ගන්න ඕන නම්, මේ රහස් 5 ඔයාට හරිම වැදගත්

අද හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා සම්පුර්ණ ලස්සනක් ලබා ගන්නේ කොහොමද කියලා

Latest Articles

Most Viwed