ඔහුත් මේ වගේ පිරිමියෙක් නම් අනිවාර්යෙන්ම ඔබ ඔහුව විවාහ කරගත යුතුමයි

May 6, 2017
44,702
06 Signs You're With the Man You Should Marry
යන්තම් ආදරේ ගැන තේරෙන්න පටන් ගත්ත වයසේ ඉදලම ගෑනු ළමයි සිහින දකින්නේ තමන්ගේ හිතේ ඉන්න සිහින කුමාරයත් එක්ක ගොඩනගා ගන්න අනාගත ජීවිතය ගැන. හැමෝම කැමති ආදරය ගැන සුන්දර සිහින දකින්න මිසක් අසුන්දර සිහින දකින්න නෙවෙයි. මේ නිසා හැම තරුණියක්ම කැමතියි තමන්ට හැම අතින්ම ගැලපෙන සහකරුවෙක් තමන්ගේ ජීවිතේට ලැබෙනවට. ඒ නිසා ඔබේ පෙම්වතා මේ වගේ ගතිගුණ තියෙන කෙනෙක් නම් හිතේ බයක් නැතුව ඔබට පුළුවන් ඔහුව විවාහ කරගන්න.

1. ඔහු ඔබේ පවුලේ අයට වගේම ඔබේ පවුලේ අයත් ඔහුට කැමති නම්

ඔබ ගැන හොදින්ම දන්නේ ඔබේ පවුලේ අයයි. මේ නිසා ඒ අය ඔබේ පෙම්වතාට කැමැත්ත ප්‍රකාශ කරන්නේ ඔහු ඔබට ගැලපෙන කෙනෙක් ලෙස ඔවුන්ට හැගෙන නිසයි. ඒ වගේම පෙම්වතාත් වැඩි කැමැත්තක් දක්වනවා නම් ඔබේ පවුලේ අය සමග කාලය ගත කරන්න, ඔහු සැබවින්ම ඔබට ආදරය කරන කෙනෙක්. මොකද ඔහු දන්නවා ඔබට ඔබේ පවුල කොතරම් වැදගත්ද කියලා. මේ නිසා මේ වගේ පෙම්වතෙක් කවදාවත් ඔබව අපහසුතාවයට පත් කරන්නේ නැහැ.

2. ඔබේ මිතුරු මිතුරියන් සමග හොද සබදතාවයක් පවත්වනවා නම්

සමහර තරුණියන්ගේ පෙම්වතුන් ගැන මිතුරු මිතුරියන් දක්වන්නේ යහපත් ප්‍රතිචාර නොවෙයි. නමුත් ඔවුන් ඔබේ පෙම්වතා ගැන නිතරම හොද කියනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔහු ඔබට ගැලපෙන කෙනෙක් බව ඔවුනුත් සිතන බවයි. ඒ වගේම ඔබේ පෙම්වතාත් වෙනසක් නොමැතිව ඔබේ මිතුරු මිතුරියන් සමග යහපත් සබදතාවයක් පවත්වනවා නම් ඔහු යහපත් පුද්ගලයෙක්.

3. ඔහු හැම කෙනෙක් සමගම හොදින් සබදතා පවත්වනවා නම්

මෙහිදී ඔහුගේ හිතවතුන්, සමීපතමයන් සමග පමණක් නොවෙයි මග තොට යන එන විට මුණගැසෙන අය, ඔහුගේ සේවකයන් වැනි අයට ඔහු සලකන වගේම කතාබහ කරන ආකාරයෙනුත් ඔබට පුළුවන් ඔහු ගැන දැනගන්න. මෙහිදී ඔහු හැම කෙනෙක්ටම යහපත් ලෙස සහ සමානව සලකනවා සහ උදවු කරනවා නම් ඔහු ඔබට ගැලපෙන ඔබව සතුටින් තබන පුද්ගලයෙක්.

4. ඔහු හැම දෙයක් ගැනම ඔබත් සමග කතාබහ කරනවා නම්

හැම යහපත් සබදතාවයකම මුලික අඩිතාලම වෙන්නේ අදහස් හුවමාරු කරගැනීම. ඔහු හැම දෙයක් ගැනම ඔබත් සමග කතාබහ කරන කෙනෙක් නම් ඔහු කවදාවත් ඔබට බොරුවක් කරන්නේ නැහැ. මේ නිසා ඔහු ලග මේ ගතිගුණය තියනවා නම් ඔබට පුළුවන් සාර්ථක ජිවිතයක් ඔහුත් සමග ගත කරන්න.

5. ඔහු ඔබ දෙදෙනාගේ සබදතාවය රහසක් ලෙස තබා ගැනීමට උත්සහ නොකරන කෙනෙක් නම්

ඔබට ඔහු ඇත්තටම ආදරය කරනවා නම් ඔහුට එය ඕනෑම තැනක ප්‍රකාශ කල හැකියි. ඔහුට කිසිම අවශ්‍යතාවයක් නැහැ එය සගවන්න. මේ නිසා ඔහු ඔබ දෙදෙනාගේ සබදතාවය රහසක් ලෙස තබා ගැනීමට උත්සහ නොකරන අයෙක් නම් ඔහු අවංකවම ඔබට ආදරය කරන කෙනෙක්.

6. ඔබව සතුටින් තැබීමට කල හැකි සියල්ල කරන අයෙක් නම්

සමහර පිරිමි අය සිතන්නේ ඔවුන්ගේ අවශ්‍යතා ගැන සහ සතුට ගැන විතරයි. නමුත් යම් පිරිමියෙක් තමන්ගේ සතුට ගැනවත් සිතන්නේ නැතුව පෙම්වතියගේ සතුට වෙනුවෙන් කටයුතු කරනවා නම් ඔහු ඇයව ජීවිත කාලය පුරාවටම ආදරයෙන් රැකබලා ගන්නනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 259 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:45 AM
Script:/article/259/06-signs-youre-with-the-man-you-should-marry.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:45 AM
Script:/article/259/06-signs-youre-with-the-man-you-should-marry.html