දරුවන්ගේ දත් ආරක්ෂා කිරීමට දෙමව්පියන් කළ යුත්තේ කුමක්ද?

May 17, 2017
5,743
Importance of Childhood Oral Hygiene & the Role of Parents
ළමා වියේ සිටම දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට නම් ඒ පිළිබඳව වැඩිහිටියන් දැණුවත් වීම ඉතාම වැදගත්. පාසැල් දරුවන් අතර පවතින බහුලතම රෝග අතර දන්තාබාධයන් ගන්නේ ප්‍රධාන තැනකි.

පාසැල් දරුවන්ට දන්ත ප්‍රතිකාර ලබාගත හැක්කේ කෙසේද?

වයස අවුරුදු 13 දක්වා පාසැල් ළමුන්ට අවශ්‍ය මුලික ප්‍රතිකාර ලබාදීම සඳහා පාසැල් දන්ත චිකිත්සකවරියන්ගේ සේවය පාසැල් මට්ටමින් ලබා ගත හැකිය. වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය දරුවන් දන්ත වෛද්‍යවරුන් වෙත යොමු කරනු ලබනවා. මෙයට අමතරව අවුරුදු 13ට වැඩි දරුවන් සඳහා ඇතැම් පාසැල් වලට දන්ත වෛද්‍යවරුන් අනුයුක්ත කර තිබෙනවා. මේ පහසුකම් නැති පාසලක දරුවන් වේ නම් ඔවුනට ඒ පහසුකම් ලබාගැනීම සඳහා ළගම ඇති රජයේ රෝහලට යාමට සිදු වෙනවා.

කිරි දතක් නරක් වීමෙන් පසු එය ගලවා ඉවත් නොකළේ නම් පසුව එන ස්ථිර දතට ඉන් බලපෑමක් සිදු වෙනවාද?

කුඩා දරුවෙකුට මතුවන කිරිදත් විස්සම ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. කිරි දත් වැටී මතුවන ස්ථිර දත්වලට නියමිත ස්ථානයෙන් මතුවීමට මග පෙන්වීම කරන්නේ කිරි දත් මගිනි. කුමන හෝ හේතුවක් මත කිරි දත නරක් වී වේදනාකාරී තත්ත්වයක් ඇති වු විට පවා ඒවා රැක ගැනීමට නවීන ප්‍රතිකාර ක්‍රම අද තිබෙනවා. කිරි දත් හැළීමට පෙර ගැලවු විට එම ස්ථානයට පැමිණිමට නියමිත ස්ථිර දත සඳහා ඇති ඉඩකඩ ඇහිරි යයි. එමගින් දන්ත විකෘති තත්ත්ව පවා ඇති විය හැකිය.

කුඩා දරුවන්ගේ දත් මැදීම කළ යුතු නිවැරදි ක්‍රමය කුමක්ද?

කුඩා දරුවන්ට තේරෙනවා අඩුයි. කුඩා දරුවන් දත් මැදීමට දිරිගැන්විය යුත්තේ දෙමව්පියන් විසිනුයි. උදෑසන හා රාත්‍රී නින්දට පෙර දත් මැදීමට දරුවා හුරු කළ යුතුයි. විශේෂයෙන්ම වයස අවුරුදු හත අටක් යන තුරු දරුවා උනන්දු කළ යුතුය. කුඩා දරුවාගේ දත් මැදීමට කුඩා බුරුසුවක්, දල මුං ඇටයක තරම ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේපයක්ද භාවිතා කල යුතුය.

බුරුසුවට දන්තාලේප දැමීමට පෙර එය සෝදා වතුර ඉවත්වන තුරු බුරුසුව ගසා ගැනීමෙන් දරුවාගේ කටට එන කෙළ ප්‍රමාණය අඩු කර ගත හැකිය. එමගින් ළමයා දත් බෙහෙත් සහිත කෙළ ගිළීම වළක්වා ගත හැකිය. කටේ ඇති සියළුම දත් පිරිසිදු කර ගැනීම ඉතාම වැදගත් වේ. දත් මැදීමෙන් පසුව දත් බෙහෙත් සියල්ල ඉවත් වන ආකාරයට තදින් කට සේදීම නොකළ යුතුය.

ළදරුවෙකුගේ දත් පිරිසිදු කළ යුත්තේ කෙසේද?

සාමාන්යයෙන් ළදරුවෙකුගේ කිරි දත් මතු වීම මාස 6 කදී සිදුවන අතර ලංකාවේ ළදරුවන්ගේ මෙය මාස 8-9 දක්වා ඇතැම් අවස්ථාවලදී ප්‍රමාද වීම සිදුවිය හැකිය. පළමු කිරි දත මතු වු දින පටන්ම දත් පිරිසිදු කිරීම ආරම්භ කළ යුතුයි. මේ සඳහා ඇගිල්ලට පළඳින බුරුසුවක් හෝ ඉතා කුඩා හිසක් සහිත බුරුසුවක් යොදාගත හැකිය. එසේ නොමැති නම් පිරිසිදු රෙදි කැබැල්ලක් ඒ සඳහා භාවිතා කළ හැකිය.

දන්තාලේප භාවිතය මුලින්ම අවශ්‍ය නොවන අතර දරුවා සෝදන අවස්ථාවලදී දරුවා සතුටින් සිටින අවස්ථාවකදී දත් පිරිසිදු කිරීම ආරම්භ කළ හැකිය.

දරුවාගේ කටෙහි දත් හතරක් මතු වු පසු කුඩා ළමුන් සඳහා භාවිතා කරන දත් බුරුසුවක් භාවිතා කරන්න. ළමයාට කෙළ ගැසීමට හැකි කාලය වන විට බුරුසුවේ කෙඳි වල යන්තම් ගෑවෙන පරිදි ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප යොදා දිනකට දෙවරක් දත් මැදීම සිදු කළ යුතුය. ළමයාට අවුරුදු තුන පසු වූ විට මුං ඇටයක ප්‍රමාණයට දන්තාලේප බුරුසුව මත යොදා ගන්න.

පාසැල් දරුවන් අතර දන්ත ව්‍යසනය වැඩියි

අවුරුදු පහක් වන විට පාසැල් ළමුන්ගෙන් සියයට 65 ක ගේම කිරි දත් දිරා ගොස් ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයෙන් සොයාගෙන ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ දරුවන්ගේ වැරදි සහගත මුඛ සෞඛ්‍ය පුරුදු හා ආහාර රටාවන්ය.

ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේප භාවිතයත් සමග දරුවන්ගේ දන්ත ව්‍යසනය අතීතයට වඩා යම් තරමක් දුරට අඩුවී ඇතත් එය ළමා කාලයේදී බහුලවම දැකිය හැකි රෝගී තත්ත්වයයි

විශේෂයෙන්ම ටොෆි චොක්ලට් වර්ග ඇතුළුව සියළුම පැණිරස ආහාර, බිස්කට් වර්ග, ක්ෂණික ආහාර හා සිසිල් බීම වර්ග ළමුන්ට නිතර නිතර ලබා දීමෙන් දත් දිරායාමේ තත්ත්වය වැඩිවේ. එම නිසා දෙමවුපියන් විසින් දරුවන්ට මුළ සිටම නිවැරදි ආහාර පුරුදු ඇති කළ යුතුය.

දරුවාට පැණිරස ආහාර දීමෙන් පසු කට සේදීම මගින් දත්දිරා යාම වැළකී යතැයි ඇතැම් මව්වරුන් විශ්වාස කළත් එය වැරදි මතයකි. එමෙන්ම පාලනයකින් යුක්තව පැණි රස ප්‍රධාන ආහාර වේලකට පසුව පමණක් ලබා දිය යුතු අතර මෙයද දිනපතා පුරුද්දක් ලෙස නොකළ යුතුය.

පැණි රස ආහාර වෙනුවට නැවුම් එළවළු, පළතුරු මෙන්ම යෝගට්, චිස් වැනි කිරි ආහාර වර්ග හා ඇට වර්ගද දරුවාට ලබාදීමෙන් දන්ත සෞඛ්‍ය මෙන්ම ශරීර සෞඛ්‍ය රැක ගැනීමටද දායක වේ.

මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ මුඛ රෝග නිවාරණ අංශයේ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර

සටහන - අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 279 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:23 AM
Script:/article/279/importance-of-childhood-oral-hygiene-the-role-of-parents.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:23 AM
Script:/article/279/importance-of-childhood-oral-hygiene-the-role-of-parents.html