ග්‍රීන් පීස් කෝප්ප 1ක්
පනීර් කෝප්ප 3/4ක්
සාමාන්‍ය ලූණු ගෙඩි 1ක් (සිහින්ව කපාගත්)
අමු මිරිස් කරල් 1ක් (කුඩාවට කපා ගත්)
සුදු ලූණු බික් 2-3ක්
ඉඟුරු අඟල් 1/2 ක කැබැල්ලක් (සිහින්ව අඹරාගත්)
සාමාන්‍ය ප්‍රමානයේ තක්කාලි ගෙඩි 2ක් (කැබලි කපා ගත්)
කජු 5-6 ක් පමණ (විනාඩි 20-30ක් පමන උණු වතුරේ පොඟවා ගත්)
මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
කහ කුඩු තේ හැඳි 1/4ක්
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1ක්
තුනපහ තේ හැඳි 1/4ක්
තෙල් තේ හැඳි 2ක් (තෙම්පරාදුව සඳහා)
වතුර මේස හැඳි 2ක්
වතුර කෝප්ප 2ක්
රස පදමට ලුණු
ක්‍රමය -
1. ලූණු, අමු මිරිස්, සුදු ලූණු, ඉඟුරු සියල්ල සාමන්‍ය ප්‍රමාණයට අඹරා ගන්න. (හොඳටම සිහින් කරන්න එපා) තක්කාලි දියරයක් වන සේ බ්ලෙන්ඩ් කර ගන්න. කජු ටික වතුර තේ හැඳි 2ක් සමග බ්ලෙන්ඩ් කර ගන්න. මේවා වෙන වෙනම බ්ලෙන්ඩ් කර පසෙකින් තබා ගන්න.
2. තෙල් තේ හැඳි 2ක් මද ගින්නේ රත් වෙන්න තබන්න. අඹරාගත් ලූණු මිශ්‍රනය තෙලට දමා විනාඩි 5-7 ක් පමන පිසින්න. ලුණු චුට්ටකුත් එකතු කරන්න. ඔබට ලූණු ටික තෙල් වලින් වන වෙන් බවක් පෙනේවි.
3. දැන් තක්කාලි දියරය එයට එකතු කන්න. විනාඩි 5-6ක් පිසින්න. ආපසු ඔබට තෙල් ටික වෙන් වන බවක් පෙනවි.
4. දැන් එයට මිරිස් කුඩු, කහ කුඩු, කොත්තමල්ලි කුඩු, තුනපහ කුඩු සහ ලුණු එකතු කරන්න.
5. හැඳි ගාමින් විනාඩියක් පමන පිසගෙන එයට කජු පේස්ට් එක එකතු කරන්න.
6. හැඳි ගාමින් විනාඩි 1-2 ක් පමන පිස ගන්න.
7. තම්බා ගත් ග්‍රීන් පීස් ටික සහ වතුර කෝප්ප 1/2 එකතු කර හොඳින් මිශ්‍ර කර විනාඩි 2-3ක් පමන පිස ගන්න.
8. දැන් පනීර් කැබලි ටිකද එයට එකතු කරන්න. විනාඩි 2-3ක් පිසගන්න.
9. ලිපෙන් ඉවතට ගන්න.
10. පනීර් කරිය, පිපිඤ්ඤා සලාදයක් සමග බත් සමග ආහාරයට ගත හැකියි. තවද රොටි, පරාට, නාන් සමග ආහාරයට ගත හැකි ගුණදායී ව්‍යාන්ජනයකි.
සටහන් -
නැවුම් ග්‍රීන් පීස් පාවිච්චි කරන්නේ නම් විනාඩි 7-8 ක් පමන වේලාවක් තම්බා පෙරා ගන්න. ශීත කල පිසූ ඒවා නම් පිසීමට පෙර අයිස් යන තෙක් ශීතකරනයෙන් පිට තබා ගන්න.
ඔබ කැලරි ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැති කෙනෙක් නම් ඔබට පනීර් කැබලි ටික තෙල් පොඩ්ඩක් පාවිච්චි කර පෑන් එකක එහා මෙහා පෙරලමින් මදක් රන් වන් වනතුරු බැදගෙන මේ කරිය සෑදීමට සූදානම් කරගන්න පුලුවන්