ඔබ ආදරය කරන ඔහුගේ හදවත වගේම ඔබේ හදවතත් රැකගන්නේ මෙහෙමයි

July 10, 2017
8,046
Best Foods for Your Heart
ආදරයේ දී හදවත තරම් වැදගත් දෙයක් නැති තරම්. ඒ නිසාමනේ ගොඩක් අය ආදරේදී නිතරම හදවත සම්බන්ධ කරගෙන කතා කරන්නේ. මම ඔයාට මුළු හදවතින්ම ආදරෙයි, මගේ හදගැස්ම ඔයා, මේ වගේ හදවත සම්බන්ධ කර ගත්ත ගොඩක් දේවල් ආදරේදී අපි ප්‍රකාශ කරනවා. එත් ආදරේට ඒ තරම් වටින හදවත ඇත්තටම රැක ගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා හිතන අය නම් ඉන්නේ බොහොම ටික දෙනයි.

මේ නිසාම තමයි අද අපි අතර ඉන්න හදවත් රෝගීන් ප්‍රමාණයත් වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම හදවත් රෝග ඇතිවීමට 70% පමණ බලපාන්නේ අපේ තියන වැරදි ආහාර රටාව. ඉතින් අද අපි ඔබට කියන්න හිතුවේ ඔබ මුළු හදවතින්ම ආදරය කරන ඔහුගේ හදවත රැකගන්න නම් දිනපතා ආහාරයට ගත යුතු හදවතට හිතකර ආහාර වර්ග කිහිපයක් ගැන. හැබැයි අමතක කරන්න එපා මේ ආහාර සුරකින්නේ ඔහුගේ හදවත විතරක් නෙවෙයි ඔබේ හදවත නිරෝගීව තියාගන්නත් මේ ආහාර ඉතා වැදගත්.

1. සැමන්

සැමන් කියන්නේ හදවතේ නිරෝගී භාවයට වැදගත් වෙන හොඳම ආහාර වර්ග වලින් එකක්. එහි අඩංගු වෙන omega-3s EPA සහ DHA හෘද ස්පන්දන අබාධ ඇතිවීමේ අවධානම අඩු කරනවා. ඒ වගේම තමයි රුධිර පීඩනය අවම කරමින් රුධිරය කැටි ගැසීමට ඇති ඉඩකඩ අඩු කරනවා. සතියකට දෙවතාවක් සැමන් ඔබේ ආහාරයට එක්කර ගැනීමෙන් ඔබ හදවත් අකර්මනය වීමක් නිසා මියයාමට ඇති අවධානම 75% කින් අඩු කර ගන්න පුළුවන්. ඔබට සැමන් සුප් වලට, සලාද වලට, pasta වලට එකතු කරගෙන ආහාරයට ගන්න පුළුවන්.

2. ඕට්ස්

ඕට්ස් කියන්නෙත් ඔබේ හදවත සුරකින සුපිරිම ආහාර වර්ග වලින් එකක්. එහි හදවතට ඉතාමත් හිතකර omega-3 fatty acids වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේමයි එහි මැග්නීසියම්, පොටෑසියම්, නිකොටීන් අම්ලය, කැල්සියම් සහ තන්තු ප්‍රමාණවත් තරම් අඩංගු වෙනවා. මේ නිසා දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගනිමින් ඔබේ ධමනි පිරිසිදුව තබා ගැනීමට ඔබට හැකි වෙනවා. ඒ විතරක් නොවෙයි දියවැඩියාවෙන් පීඩා විදින අයටත් හැම අතින්ම හොඳ ආහාරයක් තමයි ඕට්ස් කියන්නේ. ඔබට දවස පුරාම පුළුවන් ඕට්ස් අඩංගු දේවල් ආහාරයට ගන්න. විශේෂයෙන් උදෑසන ප්‍රධාන ආහාරයක් ලෙසත්, ඊට අමතරව ඕට්ස් දමා සකස්කර ගත් සුප් හෝ වෙනත් පාන වර්ග වගේම ඕට්ස් අඩංගු වෙන ආහාර වර්ග සහ පාන වර්ග ඔබට දවස පුරාම ඔබේ හදවත වගේම ඔහුගේ හදවතත් රැකගන්න ආහාරයට එකතු කර ගන්න පුළුවන්


3. Berries

බ්ලුබෙරි, ස්ටෝබෙරි හදවත් සුවතාවය සදහා ඉතා ඉහල දායකත්වයක් සපයනු ලබනවා. අඩු රුධිර පිඩනයට වඩාත් හිතකරයි. එසේම විටමින් c බහුල වශයෙන් මෙහි අඩංගු වන නිසා හදවත් රෝග ඇතිවීමේ අවදානම විශාල වශයෙන් අඩු කරලා ඔබේ හදවත වගේම ඔහුගේ හදවතත් ආරක්ෂා කරනවා. ඔබට පුළුවන් දිනපතා ඔබේ අතුරුපස වලට සහ පාන වර්ග වලට මේ දේවල් එක් කරගන්න වගේම විවේක වේලාවට පළතුරක් ලෙස වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්න.

4. රතු වයින්

රතු වයින් වීදුරුවක් දිනපතා පානය කිරීමෙන් හදවතේ මනා ක්‍රියාකාරිත්වයට හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩිකර ගන්න පුළුවන්. රතු වයින් වල අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක resveratrol සහ catechins උදවු වෙනවා ධමනි වල බිත්ති ආරක්ෂා කිරීමට. ඒ වගේම resveratrol වලට පුළුවන් පිලිකා ඇතිවීම වලක්වන. නමුත් කාන්තාවක් දිනකට රතු වයින් වීදුරුවකට වඩා පානය කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පිරිමි අයත් විදුරු 2 කට වඩා පානය කිරීම නම් සුදුසු වෙන්නේ නැහැ.

5. Dark Chocolate

Dark chocolate වලටත් පුළුවන් විවිධ ආකාරයේ හෘද රෝග ඇතිවීම පාලනය කරන්න. නමුත් ඔබ නිතරම තෝරාගන්න ඕනේ 70% කොකෝවා අඩංගු වෙන චොකලට්. කොකෝව වල අඩංගු වෙන flavonol උපකාරී වෙනවා අඩු රුධිර පීඩනය පාලනය කරමින් හදවතට රුධිරය ගමන් කිරීම වර්ධනය කිරීමට. දිනපතා කුඩා dark chocolate කැබැල්ලක් ආහාරයට ගැනීමෙන් ඔබට පුළුවන් අඩු රුධිර පීඩනය පාලනය කරමින් හදවතේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වාගෙන යන්න.

6. අල වර්ග

නිල්, සුදු, රතු, දම් පැහැ අල වර්ග පොටෑසියම්, තන්තු, කැල්සියම්, විටමින් b සහ ෆෝලික් ඇසිඩ් වලින් පරිපුර්ණයි. මෙමගින් අඩු රුධිර පීඩනය පාලනය කරමින් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරනු ලබනවා. ඔබට පුළුවන් සතියකට තුන් හතර වතාවක් මේ අල වර්ග ඔබේ ආහාරයට එකතු කරගෙන ඔහුගේ හදවත වගේම ඔබේ හදවතත් නිරෝගීව තබාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-10 00:00:00' and A.id <> 344 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, October 11, 2025 at 6:12:12 PM
Script:/article/344/best-foods-for-your-heart.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, October 11, 2025 at 6:12:12 PM
Script:/article/344/best-foods-for-your-heart.html