සහකරු ගැන ඔයත් මේ දේවල් තැන තැන කියවනවද? එහෙනම් පරිස්සමෙන්

July 17, 2017
8,669
5 Things You Should Never Tell Your Friends About Your Relationship
ඉවරයක් නැතුව කියවන එක ඉතින් කාන්තාවන්ගේ හැටියක්නේ. ඒක ඉතිං නැති කරන්න ටිකක් අමාරුයි. තැනක් නොතැනක් නැතුව ඕනදේයි එපාදේයි හැමදේම කියවන්න යනවා. කට නිසාලුනේ මාළුවා නහින්නේ. අපේ ගොඩක් අයත් ප්‍රශ්න ඇති කර ගන්නේ ඔන්න ඔය නිසා. අපි අනිත් අය එක්ක ඉද්දි කියන්න ඕන දේවලුත් තියෙනවා, නොකියන්න ඕන දේවලුත් තියෙනවා.

විශේෂයෙන් ඔයා යාලුවෝ එක්ක ඉද්දි ඔයාගේ පෙම්වතා හෝ සැමියා ගැන නොකිය යුතු දේවල් තියෙනවා. එහෙම නැතුව හැමෝම එක්ක එයාගේ මේ අඩු පාඩු ගැන කියන්න ගියොත් ප්‍රශ්න ඇති වෙන එක ඉතින් අහන්න දෙයක් නෑ. බලන්නකෝ එයාගේ මොන මොන දේවල් සම්බන්ධයෙන්ද ඔයාගේ කට පරිස්සම් කර ගන්න ඕන කියල.

1. ඔහු බිය වන දේවල්

සමාන්‍යයෙන් කාන්තාවන් නම් තමන්ට භය හිතෙන පොඩි පොඩි දේවල් ගැන පවා අනිත් අය එක්ක කියනවා. එහෙත් පිරිමි පාර්ශවය එහෙම නැහැනේ. එහෙම කිව්වොත් ඒක එයාගේ දුර්වලකමක් විදියට තමයි දකින්නේ. ඒක ඇත්තටම ඔහුගේ පෞරුෂයටත් බලපානවා. සමහර විට ඔයාගේ පෙම්වතා, සැමියා ඔය පොඩි පොඩි කාරණා වලදී බියක් දක්වන්න පුළුවන්. කැරපොත්තන්න්ට, මකුළුවන්ට බිය වීම වගේ. ඒත් ඔයා කවදාවත් ඒ දේවල් ගැන ප්‍රසිද්ධියේ අන් අය එක්ක කියන්න යන්න එපා. ඒ තුලින් ඔහුට ලැජ්ජාවක් ඇති වෙනවා වගේම ඔයා ගැන අප්‍රසන්න හැඟීමක්, තරහක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක ඔහුගේ හිතේ ඔයා ගැන තියෙන විශ්වාසය අඩු වෙන්න හෝ නැති වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්.

2. ඔබගේ සැමියාගේ බාහිර ස්වරූපය

විහිළු කරන්න අනිත් අය එක්ක රසවත් දේවල් හුවමාරු කරගෙන හිනා වෙන්න, ඕපාදුප කියවන්න කාන්තාවෝ හරි කැමතියි. ඒත් කවදාවත් ඔයාගේ සහකරුගේ බාහිර ස්වරූපය, හැසිරීම, අඳින පළඳින අකාරය ආදී කිසිම දෙයක් ගැන කියල හාස්‍යට ලක් කරන්න එපා. මොකද එකෙන් එයාට වෙන්නේ ලැජ්ජාවක් වගේම එයාගේ ප්‍රතිරූපයට කැළලක්. කාන්තාවන් වගේම ඔවුනුත් තමන්ගේ පෙනුම පිළිබඳ බොහෝ සැලකිලිමත් වෙනවා. ඔයා කැමති නැහැනේ ඔයා ගැන මේ වගේ දේවල් අනිත් අය අතර කතා වෙනවට. අනිත් අය අතර හාස්‍යට ලක්වෙන්න ඔයා කැමති නැහැනේ.

3. ඔහුගේ හැසිරීම්

ඔයාගේ සැමියාගේ, පෙම්වතාගේ යම් යම් කරදරකාරී පුරුදු සමහර වෙලාවට ඔයාට අල්ලන්නේ නැති වෙන්න පුළුවන්. කේන්තියටත් එක්ක ඔයා යාලුවෝ එක්ක මේ ගැන කියා කියා බනිනවා වෙන්නත් ඇති. ඒත් මේ දේවල් යහළුවන් සමග කීවා කියල විසඳෙන්නේ නම් නැහැ. එයින් සිදුවන්නේ ඔයාලා අතර තියෙන ප්‍රශ්න අනික් අයත් දැනගැනීම පමණයි. ඒ නිසා මේ දේවල් ගැන අනික් අය එක්ක කථා කරන කොට සීමාවක් තියාගෙන කතා කරන එක වඩා හොඳයි. ඒ වගේම ඔයා එහෙම කරොත් එයා ඔයා එක්ක තරහක් ඇති කර ගන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අනිත් අය එක්ක සහකරු ගැන කතා කරන්න එපා. සීමාව දැනගෙන කටයුතු කරන එක ගොඩාක් වැදගත්.

4. ඔහුගේ අසාර්ථකවීම්

ඔයාගේ සහකරු රැකියාවේදී හෝ වෙනත් කටයුතු වලදී අසාර්ථක වෙද්දී ඒ ගැන අනිත් අය එක්ක කියවන්න යන්න එපා. එහෙම කරන එක පෙම්වතාගේ ප්‍රතිරූපයට විතරක් නෙවෙයි ඔයාගේ ප්‍රතිරුපයටත් හොඳ නැහැ. මේ වගේ වේලාවකදී හොඳ බිරිඳක් හෝ පෙම්වතියක් විදියට ඔහුව විවේචනය කරන එකවත් ඔහුගේ නොහැකියාව ප්‍රචාරය කරන එක නෙවෙයි කරන්න ඔනේ. ඔහුට හැකි පමණින් සහය වෙන එක. ඔයාලා දෙන්න අතරේ මොන මොන හැල හැප්පීම් තිබුනත් අනිත් අය එක්ක ඉද්දි හැම වෙලාවේම ඔහුගේ කටයුතු ගැන ධනාත්මකව කතා කරන්න.

5. ඔහුගේ නොහැකියාවන්

ඔයාගේ සැමියා නැත්තම් පෙම්වතාත් වැඩක් කරන්න ගියාම වැඩ කරනවට වඩා තියෙන වැඩ වැඩි කරනවා ඇති, නැත්නම් පණ්ඩිත කම් කියෙව්වට එයාගේ වැඩක් වත් හරියට කර ගන්නේ නැතුව ඇති. ඒත් මේ දේවල් ඔබේ යහළුවන් දැනගත යුතු නැහැ. අපේ සමාජයේ තියන මතයක් තමයි පිරිමියෙක් වුනාම ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන කියන එක. ඒත් එක ප්‍රයෝගික නෑ වගේම සාධාරණත් නැහැ. හැම පිරිමියෙකුටම හැම දෙයක්ම කරන්න බෑ. ඔයාගේ සැමියාට නැත්තන් පෙම්වතාට යම් යම් දේ කරන්න බෑ කියලා අනික් අයට කියන එකෙන් ඔයා එයාගේ පෞරුෂත්වයට කරන්නේ ගොඩාක් ලොකු හානියක්. ඒ වගේම ඔයා මේවා අනිත් අයට කිව්වා කියල ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. අහන් ඉන්න අය වැඩිපුර කරන්නේ තව තව පෝර දාන එක විතරයි.

මෙන්න මේ නිසා ඔයත් යාලුවෝ, නෑදෑයෝ සහ පිට අය ඉන්න තැන ඔයාගේ සහකරු ගැන මේ කිව්ව දේවල් ගැන කියවන එක නවත්තන්න. කාන්තාවන්ට ඉතින් කරන්න අමාරුම දෙයක්නේ කට වහන් ඉන්න එක. එත් ඔයා ඔයාගේ සැමියා හෝ පෙම්වතා ගැන කතා කරද්දී ටිකක් සැලකිලිමත් වෙන්න. එහෙම නැත්තන් අනිත් අය ඔයාගේ සහකරු ගැන අවතක්සේරු කරනවා වගේම එයත් ඔයා එක්ක උරණ වෙන්න මේවා හේතු වෙන්න පුළුවන්. බැඳීම් කියන්නේ ගොඩාක් පරිස්සමෙන් ඉදිරියට අරන් යන්න ඕන දෙයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 349 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:10 AM
Script:/article/349/5-things-you-should-never-tell-your-friends-about-your-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:10 AM
Script:/article/349/5-things-you-should-never-tell-your-friends-about-your-relationship.html