වර්තමානයේ පෙම් සබදතා දෙස හොදින් බලද්දී එක් දෙයක් පැහැදිලි වේ. ඒ පෙම්වතිය විසින් ඉතා සියුම්ව පෙම්වතාව පාලනය කිරීමයි. එනම් ඔවුන් දෙදෙනාගේ සබදතාවේ සියලුදේම තීරණය කරන්නේ ඇයයි. සෑම විටම ක්‍රියාත්මක වන්නේ ඇගේ තීරණයයි.
එනම් යන එන ගමන් බිමන්, ඔහුගේ ඇදුම් විලාසිතා, ඔහුට වඩාත් ඇසුරු කිරීමට ඉඩදෙන මිතුරු මිතුරියන්, සමහර අවස්ථා වලදී ඔහු කන බොන තාලය, අදින පළදින විදිය පවා ඇයට වුවමනා අන්දමින් සිදුකෙරේ.
පෙම්වතුන් වූ අලුතදී පෙම්වතිය විසින් පෙම්වතාව පාලනය කිරීම ඔහු දකින්නේ වෙනස් අන්දමකිනි. ඔහු ඇයට උන්මාදයක්ව ආදරය කිරීම හේතුවෙන් එසේ ඇය කියන දේ අනුමත කිරීමට ඔහු පෙලඹේ. ඔහු එයට ප්‍රිය කරයි.
නමුත් මෙය බොහෝ යුවතියන් විසින් කරන වරදකි. තමාට අවශ්‍ය පරිදි පෙම්වතාව හැසිරවීමෙන් හා පාලනය කිරීමෙන් ඔහුගේ පෞර්ෂ්යත්වයට යම් හානියක් සිදුවේ. ඔහුට එය නොවැටහෙන්නේ ඇයට වූ අධික ආදරය හේතුවෙන්. නමුත් මෙම ස්වභාවය වරදක් වන්නේ එය ඇයට පුරුද්දක් බවට පත්වීමයි. එමගින් පසු කාලයේදී පෙම්වතාට මෙම සබදතාව පිලිබද සියුම් කලකිරීමක් මෙන්ම නුරුස්සන බවක් ඇතිකර ගනී. එය ඔබේ සබදතාවයට දැඩිව බලපානු ඇත.
එහෙයින් කදිම ක්‍රමය වන්නේ පිරිමියෙකු ලෙසින් ලැබිය යුතූ ප්‍රමුකත්වය සෑම දෙයකදීම පෙම්වතාට ලබා දීමයි. තමා ප්‍රියකරන දෙය කිරීමට අණ කිරීම වෙනුවට ඔහුට තමා කැමති දේවල් සිදුකිරීමේ ස්වාධීනත්වය ලබාදීමය. ඔබගේ අදහස් හා යෝජනා සාකච්චා කිරීම මෙහිදී ගැටලුවක් නොවේ. ඔහු තමා පවසන දෙයට කෙසේ හෝ එකගකර ගැනීම වෙනුවට ඔහුගේ පවුලේ සාමාජිකයන් සමගද කතාබහ කර යම් යම් දේ තීරණය කිරීමට ඉඩ සලසා දිය යුතූයි.
බොහෝ පවුල් උපදේශකයන් පවසන පරිදි පෙම්වතුන්ගේ උන්මාදයන්, විවාහ වී දෙවසරක් ගෙවෙත්ම නිමාවට පත්වේ. එවිට අඹුසැමියන් එතෙක් එකිනෙකාගේ නොදුටු වැරදි දැකීමට පටන්ගනී. එවිට ඔහු ඔබ විසින් තමාව අනවශ්‍ය ලෙසින් පාලනය කරන බවද දකී.
යහපත් පවුල් ජීවිතයකදී බිරිඳ විසින් සැමියාට ප්‍රමුකතාවය පිරිනැමිය යුතුය. ඔහුගේ එකගතාවය මත සියල්ල කිරීමේ පුරුද්දක් ඇතිකරගත යුතුයි. එය ඔබ ඔහුට කරන ගෞරවයක් මිස යටත් වීමක් නොවේ. එහි ප්‍රබලතාවය වන්නේ ඔහු තම සබදතාවයට මෙන්ම සහකාරියටද ඇලුම් කිරීමයි. තම සබදතාවේ ස්වභාවයේ වෙනස් වීමක් සිදු නොවනවාසේම සබදතාවය අභිමානයකින් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමට මෙය පිටුවහලක් වෙනවා.
එම නිසා සෑම යුවතියක්ම මේ දේවල් තම ජීවිතයට එකතුකර ගැනීම අනාගතයේදි යහපත් විවාහයකට හිමිකම් කීමට අවස්ථාව උදාකර ගැනීමකි.